කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එන්න එපා ඉම්තියාස්ට සිරිකොතෙන් කෝල් එකක්

  👤  5226 readers have read this article !
2018-04-29

උදේනි සමන් කුමාර

නටපු තොවිලෙකුත් නෑ
බෙරේ පළුවකුත් නෑ

එ.ජා.ප, ශ්‍රී ල.නි.ප දේශපාලන පක්‍ෂ දෙකේ ප්‍රතිසංවිධානය ඉකුත් සති දෙක තුන මෙරට මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබිණි. පොල් ගෙඩි අකුරින් සිරස්තල පළවිය. එ.ජා.ප.යේ නායකයන් කීවේ රටම හොල්මන් වන දැවැන්ත ප්‍රතිසංස්කරණයක් පක්‍ෂය තුළ සිදු කරන බවය. එහෙත් සති අන්තයේ තොවිලය හමාර වූයේ පුස්ස බින්දා සේය. හොල්මන් වූයේ රට නොව විශ්වාසභංගයේදී නායකයා ගොඩදැමූ එ.ජා.ප.යේ දෙවැනි පෙළය. තරුණයන්ට නායකත්වය පවරන බව පුන පුනා කී රනිල් තමා අත රඳවාගෙන සිටින බලය අංශු මාත්‍රයකින් හෝ බුරුල් කළේ නැත. ප්‍රතිසංවිධානය වෙනුවෙන් පත් කළ කමිටුකාරයෝ රනිල් හිතුවාටත් වඩා හීලෑවී අපූරුවට වල්ගා වනනු පෙනිණි.

රෝයල් කල්ලිය නැවතත් එ.ජා.ප.යේ බලය අල්ලයි.

නායක රනිල් රෝයල් කොලිජියේය. නියෝජ්‍ය නායක සජිත් මුලින් සෙන්ට් තෝමස් වුවත් අධ්‍යාපනය හමාර කළේ රෝයල් එකෙනි. උප නායක රවි රෝයල් කොලිජියේය. මහ ලේකම් අකිල රෝයල් කොලිජියේය. භාණ්ඩාගාරික හර්ෂ මුලින් ත්‍රිත්ව ගියත් අවසානය රෝයල් කොලිජියේය. ජාතික සංවිධායක නවීන්ද රෝයල්ය. දයා ගමගේ වරක් කියා තිබුණේ එ.ජා.ප.ය පක්‍ෂයක් නොව රෝයල් ක්ලබ් එකක් බවට සමහරු චෝදනා කරනවා කියාය. දැන් නැවතත් වරක් එය ඉහළින්ම සනථ වී තිබේ. තමන් කැපුවත් කොළ පාට යූ.ඇන්.පී. කාරයන් යැයි සිතා සිටින ගිරුඳුරුකෝට්ටේ කහටගස්දිගිලියේ, අඟුණකොළපැලැස්සේ එ.ජා.ප. පාක්‍ෂිකයන්ට රෝයල් ක්ලබ් එක ඉදිරියටත් දේශපාලන වශයෙන් නායකත්වය සපයනු ඇත.

කනගාටුයි

එ.ජා.ප. ප්‍රතිසංවිධානය ගැන ඉතාමත් සංක්‍ෂිප්තව තම අදහස පළ කර තිබුණේ අජිත් පෙරේරාය. ඔහු සිය ෆේස්බුක් පිටුවේ 'කනගාටුයි' යනුවෙන් පෝස්ටුවක් දමා තිබිණි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා ඇමැති තනතුරෙන්ද ඉල්ලා අස්වූ රවි කරුණානායක උප නායක කමට පත් කළේ කෙසේ දැයි බ්‍රහස්පතින්දා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩ රැස්වීමේදී ප්‍රශ්න කළ ජෝෂප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද ඉල්ලා අස්වී ගෙදර ගියේය. රවිගේ පත්වීමට විරුද්ධව කතාකර තිබුණේ ජෝෂප් හා රන්ජන් පමණි.

''රවිට උප නායකකම දෙන්න නම් ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් නි‍ෙදාස් වී පැමිණිය යුතු'යැයි රන්ජන් කීවේය.

නායක තුමා හොඳ වැඩිලු.
''ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ කවුරුහරි පක්‍ෂ විනයට විරුද්ධව ගියා නම් පයින් ගහලා ‍ෙදාට්ට දානවා නායකතුමා හොඳ වැඩි නිසයි මේ ඔක්කොම'' ජෝන් අමරතුංග අදහස් දැක්වීය.

''නායකතුමා කියන ඔක්කොටම අපි එකඟ වෙන්න ඕනෑ කිව්වාම මෙතැන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ඕනම කෙනකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ ඕන. හැබැයි අන්තිම තීන්දුව මෙතැනදී ගන්න ඕනෑ. එළියට ගියාම ගත්තු තීන්දුව ගැන එක හ¾ඩින් ඉන්න ඕනෑ'' යැයි පැවැසූ සජිත් මහ ලේකම් තනතුරට ඉම්තියාස්ගේ නම් යෝජනා කළද කිසිවකු එය ස්ථීර කර නැත. සජිත්ගේ නම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බවට යෝජනාවෙද්දී ඊට සභාවෙන් අත්පොළොසන් ලැබී තිබේ.

සිලෙක්ට් නැතිව ඉලෙක්ට් තිබ්බා නම් හොඳයි

ජාතික සංවිධායකකමට නවීන්ගේ නම යෝජනා කළ විට ඔහු මෙසේ කීවේය.

''මෙතැනදී සිලෙක්ට් කිරිල්ලක් නැතිව ඉලෙක්ට් කිරිල්ලක් වෙනවා නම් තමයි වඩා හොඳ. එ.ජා.ප.ය අනෙක් පක්‍ෂ වගේ නොවෙයි ඉතිහාසයේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු තීරණ අරන් තියෙනවා. නායකතුමයි මගේ පියතුමයි අතරත් ඡන්ද තිබුණා. මගේ පියතුමා එදා වැඩි ඡන්ද දෙකකින් දිනුවා. අපේ පක්‍ෂයේ 'කේලම් කල්චර්' එකතුවක් තියෙන නිසා මගේ තනතුරේ වගකීම් පැහැදිලි කර දුන්නොත් හොඳයි.''

පසුගිය බදාදා පස්වරුවේ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකාර් මහතාට සිරිකොතෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. එහා පැත්තෙන් කතා කළේ කාන්තාවකි.
'හෙට තියෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඔබතුමාගේ පැමිණීම අනවශ්‍යයි කියලා දැනුම් දෙන්න කිව්වා. අලුත් පත්වීම් ටික දුන්නට පස්සේ ඊළඟ රැස්වීමට එන්න කියලා ඔබතුමාට ලියුම එවාවි.'

මේ පණිවුඩය පිළිබඳව සැක සිතූ ඉම්තියාස් නැවත සිරිකොතට ඇමතුමක් ගත්තේය. ඒ වෙනදාට මෙවැනි පණිවුඩ ලබාදෙන ඉවෝන් නමැති කාර්ය මණ්ඩල නිලධාරිනියකටය.

'ඉවෝන්... හෙට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට එන්න එපා කියලා ඔයාගෙ වගේ කටහ¾ඩින් මට කෝල් එකක් ආවා. ඒ කතා කළේ ඔයාමද? වෙන කෙනෙක්ද කියලා දැනගන්නයි මම මේ කතා කළේ.'
'මම තමයි ඔබතුමාට කතා කළේ'
'කවුද ඔයාට කතා කරන්න කිව්වේ?'
'මට කිව්වේ මැදගෙදර මහත්තයා'

'එතකොට ඔය මැදගෙදර මහත්තයද මට එන්න එපා කියලා තීන්දුව අරන් තියෙන්නේ?' නැත්නම් එයාට වෙන කවුරු හරි මේක කියන්න කියල තියෙනවාද?
මං හිතන්නේ නිශ්ශංක නානායක්කාර මහත්තයා එහෙම කියන්න ඇති සර්.'

නිශ්ශංක නානායක්කාර යනු එජාපයේ වැඩබලන නීති ලේකම්වරයාය.

'මට ඒ දෙන්නගෙන් කාට හරි දැන් කතා කරන්න ඕනෑ.'

'මම මැදගෙදර මහත්තයට කියන්නම් සර්ට කතා කරන්න කියලා.'

නමුත් පැය දෙකතුනක් යනතුරුද ඉම්තියාස් බාකිර් මාකාර් හිටපු ඇමැතිවරයාට එම ඇමතුම ලැබුණේ නැත. ඊළඟට ඔහු කළේ එජාප දේශපාලන මණ්ඩල සභික අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාට ඇමතීමය.

'අජිත්... මට හරි ප්‍රශ්නයක්... හෙට කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන්න එපා කියලා සිරිකොතෙන් කෝල් එකක් ආවා. එහෙම කියන්න කියලා තියෙන්නේ මැදගෙදර. මට දැනගන්න ලැබුණේ නිශ්ශංක නානායක්කාරගෙ දැනුම්දීමක් අනුව එහෙම වුණා කියලයි.

මේ හතර බීරි කතාව ඇසූ අජිත් පී. පෙරේරා බලවත් කම්පාවකට පත්විය. ඔහු ඊළඟට කළේ දේශපාලන මණ්ඩලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳව විමසීමය.

අගමැතිවරයා කීවේ කුමක් හෝ ගැටලුවක් වී ඇති බවය. එසේ කී අගමැතිවරයා සිය පෞද්ගලික ලේකම් කේ.පී. දයාරත්නට දැනුම් දුන්නේ ඉම්තියාස් බාකිර් මාකාර්ට කතාකර එය නිවැරැදි කරන හැටියටය.

ටික වේලාවක් යනවිට අගමැති පෞද්ගලික ලේකම් දයාරත්න මහතා ඉම්තියාස්ට කතා කළේය. ඔහු කීවේ කුමක් හෝ සන්නිවේදන දුර්වලතාවක් නිසා ගැටලුවක් සිදුවී ඇති බවත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වන ලෙස අගමැතිවරයා දැනුම් දුන් බවය.

මේ ආරංචිය දැනගන්නට ලැබුණු කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් බොහෝ දෙනෙක් පැවසූයේ එය අහම්බෙන් සිදුවූ වරදක් නොවන බවය. හේතුව පසුදින කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමැති සජිත් ප්‍රේමදාස පක්ෂයේ මහ ලේකම් තනතුරට ඉම්තියාස්ව යෝජනා කළ නිසාය. ඉම්තියාස් බාකිර් මාකාර් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පැමිණීම වළක්වන්නට වුවමනා වූයේ කාටදැයි යන කසුකුසුව එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දක්වාම විහිදී තිබිණි.

ලන්ඩන් ගිය

සරත් කෝන්ගහගේ
ඉල්ලන් කයි

මහා බි්‍රතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස මෙරට මාධ්‍යවේදීහු පිරිසක්ද එක්ව සිටියහ. සමුළු වාරය අවසන් වීමෙන් ඉක්බිති ජනාධිපති මෛත්‍රි මාධ්‍යවේදීන් සමඟ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහ සුහද සාකච්ඡාවකට එක්විය. ලන්ඩන් ෂැංග්‍රිලා හෝටලයේ 35 වැනි මහලේ පැවැති එම අවස්ථාවට මාධ්‍යවේදීන් හත් දෙනකු එක්ව සිටියේය.

මාධ්‍යවේදීහු රටේ වත්මන් දේශපාලනය සම්බන්ධ විවිධ ගැටලු මෛත්‍රිට යොමු කළ අතර මෛත්‍රි ඉතා සුහදව ඊට පිළිතුරු දෙමින් සිටියේය. මේ අතර ජනාධිපති මාධ්‍ය උපදේශකයකු බව කියන සරත් කෝන්ගහගේ නමැති අයද අවසරයකින් තොරවම පැමිණ පසෙකින් වාඩි වී සිටියේය. දූෂිත පුදගලයන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධව 'මව්බිම' මාධ්‍යවේදිනිය ජනපතිගෙන් ප්‍රශ්න කළේ එම අවස්ථාවේදීය.

ජනපති මෛත්‍රි ඊට පිළිතුරු දෙමින් සිටියදී එකවරම මැද්දෙන් පැන්න සරත් කෝන්ගහගේ,
'ඔබේ ආයතනයේ අයිතිකාර ටිරාන් අලස්ට තියෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?' යැයි 'මව්බිම' මාධ්‍යවේදිනියගෙන්පෙරළා ප්‍රශ්න කළේය.

'ඇයි ඔබ මගෙන් ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ජනාධිපතිතුමා සිටිනවා යැයි එහිදී මාධ්‍යවේදිනිය කීවාය.
තමුන් මෙයාගෙන් ප්‍රශ්න අහන එක වැරැදියි. මෛත්‍රි පැවැසීය.

'ඕකේ සර් අයි ඇම් සොරි'
කී කොන්ගහගේ නිහඬ විය. සාකච්ඡාව විවිධ ප්‍රශ්න ඔස්සේ ඉදිරියට ඇදීගියේය.

ජනපති මෛත්‍රිගෙන් මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට නැවතත් කෝන්ගහගේ පෙරට පැන්නේය. මේ අප්‍රසන්න සිදුවීම ගැන එවර නම් මෛත්‍රිට හොඳටම කේන්ති ගිය බව පෙනිණි.

'මෙතැන ප්‍රශ්න අහන්නේ මගෙන්. ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මම. ඒක තේරුම් ගන්න' මෛත්‍රි උස් හ¾ඩින් ප්‍රකාශ කළේය.
16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනිති

ශ්‍රී ලනිප ඇමැති තනතුරු අත්හළ 16 දෙනාගේ කණ්ඩායම තමන්ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් පනවන මෙන් ඉල්ලා සිකුරාදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් භාර දුන්නේය. මේ අවස්ථාවට ඔවුන්ගෙන් දහ දෙනකු සහභාගි වූ අතර සුසිල්, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, තිලංග, පුංචිනිලමේ, අනුරාධ, සාරානාත්, චන්දිම සහ සුදර්ශනීද අයත් වූහ.

එම 16 කණ්ඩායම නිකුත් කළ පුවත්පත් නිවේදනයේ සඳහන් වූයේ ඔවුන් විපක්ෂයේ කාර්යභාරයට උරදෙන අතරම ශ්‍රී ලනිප උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බවය.

වෙසක් උළෙලට සීමා මායිම් දාන්න එපා
ජනපති ලන්ඩන් ගොස් පැමිණීමෙන් පසු අඟහරුවාදා සිරිත් පරිදි සතියේ කැබිනට් රැස්වීම පැවැත්විණි. ඉකුත් සතියේ කැබිනට්ටුව රැස් නොවූ නිසා කැබිනට් පත්‍රිකා රාශියක්ම තිබිණි.

බුද්ධ ශාසන ඇමැති ජයවික්‍රම පෙරේරා විසින් වෙසක් දින ප්‍රතිපත්ති පූජාවට සීමා විය යුතු බවට ගෙනෙන ලද යෝජනාවක් හේතුවෙන් අවුලක් මතුව තිබිණි. එහිදී ජනපති - අගමැති දෙදෙනාම සිටියේ එකම ස්ථාවරයකය. ඔවුන් දෙදෙනාම අදහස් දක්වමින්
කියා සිටියේ ඕවා අවස්ථාවට අදාළ නොවන පණ්ඩිත කතා බවය. වසර දහස් ගණනක් පැරැණි සංස්කෘතියක් හා බැඳී පවතින වෙසක් උළෙලට සීමා මායිම් දමන්නට යෑම නැති අවුල් ඇතිකර ගැනීමක් බව ඔවුන්ගේ අදහස වූයේය.
සුරාබදු පනත සංශෝධනය කරනු!

රංජිත් මද්දුම බණ්ඩාර ඇමැති යෝජනාවක් ගෙනාවේ පවතින සුරාබදු පනත සංශෝධනය කළයුතු බවටය. නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගන්නට දැනට ඇති පනතින් පොලිසියට බලයක් ලබාදී නැති නිසා පනත සංශෝධනය වියයුතු බවට රංජිත් යෝජනා කළේය. ඊට එකඟතාව පළවිය.

රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ගත්තු තීරණය වැරැදියි.
පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනපති නිල නිවෙසේ රැස්වී විශ්වාසභංගයේ පරාජය ඇතුළු කරුණු කිහිපයක් සමාලෝචනය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම විශ්වාසභංගය පරාජය වූ නමුත් පැති ගණනාවකින් ජයග්‍රහණ අත්කරදීමට විශ්වාසභංගය සමත්වූ බවට කරුණු දක්වා ඇත. විශ්වාසභංගය පැරදුණා තමයි. නමුත් ශ්‍රී ලනිපය නැවතත් කඩන්න එය සමත් වුණා 16 දෙනාගේ කණ්ඩායම 8 වැනිදා විපක්ෂයේ වාඩි වෙන්නේ විශ්වාසභංගයේ ප්‍රතිඵල හැටියට. අනෙක් පැත්තෙන් එය යූඑන්පී එකේ ඔඩුදුවන අර්බුදය මුවහත් වුණෙත් විශ්වාසභංගය නිසා
වෙල්ගම කීය.

වෙල්ගමගේ අදහස් දැක්වීම අවසන් වෙන්නත් කලින් ප්‍රසන්න රණතුංග ඉදිරියට පැන්නා.

"මගේ අදහස අපි විශ්වාසභංගයක් ගෙනාපු එක වරදක්. එයින් අපිට ප්‍රතිලාභයක් අත්වුණේ නැහැ. අවසානෙ ඒකේ වාසිය ගියේ එජාපයට." ප්‍රසන්න කීය.
"මෙතැනදි රනිල් ආරක්ෂා කරන විදියට කතා කරන්න එපා" වාසු කෑගැසුවේය.

"ඔව් රනිල්ගෙ පැත්තේ හිට ගන්න එපා. විශ්වාසභංගය නිසා ලැබුණු අතුරු ප්‍රතිඵල ගොඩක් තියෙනවා ශ්‍රී ලනිපය තුළ නොහිතපු අර්බුදයක් මතු වුණා. ඒ වගේම එජාපයත් අර්බුදයට ගියා මහින්ද පැවැසීය.

පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ආදී පක්‍ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය. බැසිල් මෙන්ම සරත් වීරසේකරද විධායක ජනපති ක්‍රමය තවදුරටත් පැවැතිය යුතුය යන මතයේ කරුණු දැක්වීය.

එකම ගැසට් පත්‍රය තුන් වරක් නිකුත් කරන්නට සිදුවූයේ ආණ්ඩුව අවමානයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් නිසාද?

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම හා නැවත රැස්වන දිනය ප්‍රකාශයට පත්කිරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමේදී ආණ්ඩුව පඹ ගාලක පැටලීම පසුගිය දිනවල පාර්ලිමේන්තු ව්‍යවස්ථා පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන්ගේ දැඩි කතාබහට හේතු විය. ඊට පාදක වූයේ උක්ත කාරණය අරබයා ගැසට් නිවේදන තුනකට අස්සන් තබන්නට ජනාධිපතිවරයාට සිදුවීමය. එවැනි දුර්වලකමක් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර සිදුවී නැත.

ජනපති අස්සන් තැබූ පළමු ගැසට් පත්‍රයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහන් වුවත් නැවත සැසිවාරය පටන් ගන්නා දිනය හා වේලාව සම්බන්ධයෙන් සඳහනක් නොවීය. එම ගැටලුව නිරාකරණය කිරීම පිණිස දෙවැනි ගැසට් පත්‍රය නිකුත් කරන්නටද සිදුවිය. දෙවැනි ගැසට් පත්‍රය නිකුත් කළ නමුත් එය නිකුත් කර තිබුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ අනු ව්‍යවස්ථාව යටතේ නොවේ. අවසානයේ ඒ වරද නිවැරැදි කරන්නට තුන් වැනි ගැසට් පත්‍රයක්ද නිකුත් කරන්නට ජනපතිට සිදුවිය.
වර්තමානයේ රටේ පාලන කටයුතුවල පසුබෑමක්, අවුලක් මෙයින් විද්‍යාමාන විය. මේ තුළ පවතින්නේ නොදන්නාකමද, නොසැලකිල්ලද, එසේ නැතිනම් හිතාමතාම ආණ්ඩුව අවමානයට හා අපහාසයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මේවා මෙසේ සිදු වෙනවාද යන ප්‍රශ්නය පැන නැඟී තිබේ.

දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අපිව බෙදන්න මොන ජගතකුටවත් බෑ.

මැයි දින රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරන්නට සිකුරාදා ඩාර්ලි පාරේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති නිමල් සිරිපාල ඉහත ප්‍රකාශය කළේය. මාධ්‍යයට වුවමනා අපේ පක්ෂය නැති වෙනවා දකින්න. ඒකයි ශ්‍රී ලනිපය ගැනම අහන්නේ. අපේ මැයි දිනය එරාවුර්වල තියනවා 16 දෙනත් එයි. කැමැති අයට කැමැති එකකට යන්නත් පුළුවන්. ලංකාවෙ නොවෙයි කොයි රටවලත් ප්‍රශ්න තියෙනවා. කොයි පක්ෂවලත් අර්බුද තියෙනවා යනුවෙන්ද හෙතෙම පැවැසීය.
පාර්ලිමේන්තුව කල් දැමීම ගැන වැරදි විග්‍රහ ඉදිරිපත් කරන්නේ මන්දබුද්ධිකයන්

විශ්වාසභංග යෝජනාව අවසන් වීමත් සමඟ හදිසියේම පාර්ලිමේන්තුව කල් දැමීමට ජනපති මෛත්‍රි ක්‍රියා කළේය. මේ පිළිබඳව දේශපාලන අංශවලින් විවිධ චෝදනා එල්ල විය. පොදුරද මඬුළු සමුළුව සඳහා ලන්ඩන් ගොස් සිටි ජනාධිපතිවරයාගෙන් බී.බී.සී. ගුවන් විදුලිය මේ පිළිබඳව ප්‍රශ්න කර තිබිණි.

"පාර්ලිමේන්තු සැසිවාරයත් කල් දැමීම ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යවස්ථාව යටතේ "සාමාන්‍ය දෙයක්" අනෙක විශ්වාසභංග යෝජනාවෙන් පසු පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් පැවතුණා. මට අවශ්‍යයි රට වෙනුවෙන් පාර්ලිමේන්තුව සන්සුන් තැනක් කරන්න. ජනපති පිළිතුරුදී තිබිණි.

ශ්‍රීලනිප කැබිනට් සංශෝධන කවදා දැයි රනිල් අසයි
පළාත් මැතිවරණයද, විශ්වාසභංගයද, නිමාවිය. ජනපති මෛත්‍රි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවද නිමා කොට පෙරළා සිය රට පැමිණියේය. එහෙත් තවමත් ශ්‍රීලනිපය පැත්තෙන් සිදුවිය යුතු කැබිනට් සංශෝධනය සිදුවන පාටක් නැත. අද නොවේ හෙට යැයි කීවාට හෝ විද්‍යාත්මක පදනමින් සිදු කරනවා කීවාට හෝ මේ වන තුරු සිදු කළේ නැත. අගමැති රනිල් ජනපති හමුවීමට ගියේ ලන්ඩන් සිට ආවාට පසු දිනය.

"පළාත් ඡන්දය පවත්වා මාස තුනක් ගතවුණ රාජ්‍ය අංශයේ කටයුතු මන්දගාමී වෙලා වැඩ යන්නේ නැහැ. ප්‍රධාන හේතුව කැබිනට් රිෂෆල් එක ප්‍රමාදවීම මේ ගැන ඉක්මන් පියවරක් ගන්න වෙනවා." අගමැති රනිල් කීවේය.

"ඒක හරි අපි ජාතික වශයෙන් වැදගත් විෂයයන් විද්‍යානුකූලව ගැසට් කරන්න ඕනෑ."

"එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නම් අපි බොහෝදුරට අවසන් කළා." රනිල් කීවේය.

"මේ සම්බන්ධව පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණ කිහිපයකට එළැඹීමට තිබෙනවා." ජනපති කීය.

රාජාසන කතාව පරද්දා ආණ්ඩුව පෙරළීම

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ පක්ෂයට දේශපාලන මණ්ඩලයක් අභිනවයෙන් පත්කර ගන්නා ලදී. පක්ෂයේ නව පත්වීම් සියල්ල ප්‍රථමයෙන් අනුමත කර ගන්නා ලද්දේ දේශපාලන මණ්ඩලයෙනි. දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බදාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදීය. එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක උපනායක ආදී තනතුරු දේශපාලන මණ්ඩල සභිකයන් ලවා අනුමත කරවා ගැනිණි. ඒවා සිදු වූයේ පොදු එකඟතාව තුළය. විරුද්ධව අදහස් දැක්වූ අයද පසුව එකඟ වූහ. වාර්තාවන අන්දමට උපනායක තනතුර ඉල්ලා සිටින ලෙස නවීන්ට බලපෑම් කළද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි.

ලක්ෂ්මන් කිරිඇල්ල අගමැති සමඟ සංවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ "පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය කරන කතාවක් ඇතැම් මාධ්‍ය පතුරවනවා. මේ මොන පිස්සු කතාවක්ද එහෙම එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවවත් කරන්න බැහැ" යනුවෙනි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්දය ඉල්ලන්න බැහැ. විපක්ෂය විවාදයක් ඉල්ලනවා නම් දින දෙකක් නොවේ දින තුනක් වුණත් ඒ විවාදය දිලා දමන්නැයි අගමැතිවරයා කීවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල දෙස බලමිනි.

"ඩොලරය දවසින් දවස ඉහළ යන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් කියාගෙන යනවා. ඔහුගේ කතාවට රූපවාහිනි නාළිකා දෙකක් උස්සලා ප්‍රචාරය දෙනවා... අපේ පැත්තෙනුත් කරුණු කිව්වොත් හොඳයි නේද" නවීන් දිසානායක ප්‍රශ්නයක් යොමු කළේය.

තෙල් මිල වැඩිවීම ඩොලරයේ අගය ඉහළයෑමට හේතුවුණා. අනෙක් කාරණය වන්නේ ජාත්‍යන්තරව රටට එල්ල වන ඇතැම් ආකාරයේ බලපෑම්.... අගමැතිවරයා කීවේය.
ජනපති ආර්ථිකය හසුරුවනවා කීවාම ඩොලරය ඉහළ ගියා

"සර්... මම එක දෙයක් හොයා ගත්තා" බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා මැදට පැන්නේය. ඩෙලරයේ අගය වැඩිවීම පටන් ගත්තේ ජනාධිපතිවරයා ආර්ථිකය හසුරුවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශය කරපු දිනයේ සිටයි. ඒක ඔප්පු කරන්න එකතු කරපු පත්තර කෑලි පවා මා ළඟ තිබෙනවා යනුවෙන් චමින්ද විජේසිරි දැමූ බෝම්බය අගමැතිවරයා නිරීක්ෂණයට ලක් කළේ නළල රැලි ගන්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රතිසංවිධානය කරන්න බලනවා නේද? රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්නයක් එල්ල විය.

ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ ඉන්නවා. අපේ වැඩකොටස හෙට අවසන් වෙනවා. ජනාධිපතිතුමා මට කීවේ ඉක්මනින් ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කරන බවයි. කොහොම වුණත් ඡන්දවලින් පසුව ප්‍රධාන පක්ෂ හැමදාමත් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබෙනවා. අගමැතිවරයා කීවේය.

ජනාධිපතිතුමාට තිබුණේ ගිය ඇමැතිවරු පස්සේ යන්න නැතුව අඩුව පුරවන්න රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් කැබිනට් එකට පත් කරන එකයි. දිගටම මේක ඇද ඇද යන එක හොඳ නැහැ. ඉක්මනින්ම ඇමැති සංශෝධන කතාව අවසන් කළ යුතුයි. වජිර අබේවර්ධනගේ දීර්ඝ කරුණු දැක්වීමට හැම දෙනාගේම එකඟත්වය පළවිය.

එජාප දේශපාලන මණ්ඩලය ගත්ත තීරණත් ඇතැම් අය විවේචනය කරනවා නේද ඒ ප්‍රශ්නය යොමුවුණේ ‍ෙදාස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයාගෙනි. මෙවර කරපු ප්‍රතිසංවිධාන යටතේ ජේ‍යෂ්ඨයන් රැසක් තනතුරුවලින් ඉවත් වුණා. අනෙක් ප්‍රධාන තනතුරු ඔක්කොටම පත් වුණේ අලුත් අයයි.

වෙසක් පෝය අප්‍රේල්වලට ගෙනාවේ පෝය කමිටුවලු

වෙසක් පෝය අප්‍රේල් මාසයට යොදා ගැනීම රජයේ වැඩක් හැටියට පෙන්වීමට පිරිසක් උත්හාස ගන්නවා යැයි අමාත්‍ය දයා ගමගේ මතක් කළේ තම වියදමින් වසර ගණනාවක් පුරා ඉදිකෙරෙන තොරණ විවෘත කරන අවස්ථාවට සහභාගි වන්නැයි අගමැතිගෙන් ඉල්ලමිනි.

දයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පැමිණියේ ලක්ෂ්මන් කිරිඇල්ලය. "වෙසක් පෙහොය මේ මාසයට ගේන්න තීරණය ගත්තේ පොහොය කමිටුව විසිනුයි. ඒකට ආණ්ඩුව සම්බන්ධ නැහැ. මහ නායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් ලේඛකාධිකාරී හිමිවරුන් මේ කමිටුවට සම්බන්ධ වෙනවා. ඔවුන් ලබා දෙන පොහොය ලිත අනුව තමයි රජය දින දර්ශනයට පොහොය දින නම් කරන්නේ. ඒ නිසා මේක වැරදි මතයක් යැය කියද්දී සියලු දෙනා එය අනුමත කළහ.

රෙජී රණතුංග ජන්ම දින සමරුව

උඩුගම්පොළ රෙජී රණතුංග සමරු ශාලවේදී දිවංගත රෙජී රණතුංග මහතාගේ ජන්ම දින සැමරුම් උළෙල පැවැත් වූයේ 22 සෙනසුරාදා දිනය. ප්‍රසන්න උත්සවය සංවිධානය කර තිබූ අතර පළාතේ පොදුජන පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. උත්සවයේ ප්‍රධානත්වය හිටපු ජනපති මහින්දට පැවරී තිබිණි.

රණතුංග පවුලේ අයිය මලෝ එක්වී තාත්තා සැමරීම කලක පටන් සිදු වන්නේ නැත. අර්ජුනත් නිශාන්තත් වෙනම සැමරුම පවත්වද්දී ප්‍රසන්ත වෙනම සැමරුම පැවැත්වීය. උඩුගම්පොළ පිහිටි ස්මාරකයට අර්ජුනත්, නිශාන්තත්, උදේ 7.00ට පැමිණ පුෂ්පෝපහාර දක්වා ගිය පසු ප්‍රසන්න උදේ 9.15ට පැමිණ උපහාර දැක්වීය. මේ අවස්ථා දෙකේ දීම වෙන වෙනම මාධ්‍යට අදහස් දැක්වීම අපූරු සිදුවීමක් වූයේය.

"මහින්ද වගේ අපේ තාත්තා පක්ෂය කැඩුවෙ නෑ. මහින්ද පක්ෂය විතරක් නෙවේ අපේ පවුලත් කැඩුවා." අර්ජුන කීවේය. අර්ජුන මෙසේ කී බව ප්‍රසන්නට ආරංචි වූයේ ස්මාරකය අසලට පැමිණි විටය. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

"අපේ තාත්තට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහීකම තමයි තාත්තට පිහියෙන් ඇනපු අපේ ගේ ගිනි තියපු මිනීමරුවො එක්ක එකතු වෙලා අර්ජුනලා අද කරන්නේ."
සහෝදරයන් අතර ගැටුම් හොඳ නෑ

ප්‍රසන්නගේ නිවෙසට පැමිණි මහින්ද දිවා ආහාර වේල සකස් කෙරෙන තුරු දේශපාලන කතාබහක නියැළෙමින් සිටියහ. එහි පැමිණ සිටි නිශාන්ත රණතුංග පෙන්වමින් මහින්ද කීවේ " ආ මේ නිශාන්තත් ඇවිත් ඉන්නේ. නිශාන්ත ආවට අනෙක් සහෝදරයෝ ටික නම් මම එන හින්දා මේකට එන්නේ නැහැනේ" කියාය.

"එයාලා උදේම ඇවිත් පුෂ්පෝපහාර දක්වලා ගිහින් තිබ්බා" ඉන්දික පැවැසීය. "මේකනේ සර් වැඩේ. සහෝදරයන් අතර වුණත් දේශපාලන මතභේද තියෙන්න පුළුවන්. ඒ අය මම දරන මතයම දරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ වුණත් මොන මතභේද තිබුණත් තාත්තා වෙනුවෙන් ඒ සේරම අමතක කරලා මේකට සහභාගි වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉස්සර ඉඳලම මේවා සංවිධානය කළේ මම. ඉතින් මේ වැඩේ මඟඅරිනවා කියන්නේ තාත්තට නොසලකා අරිනවා කියන එකම තමයි" ප්‍රසන්න පැහැදිලි කළේය.

"ඔයා ඕවා ගණන් ගන්න එපා. එයාලට කවදා හරි තේරෙයි. මොනවා වුණත් සහෝදරයන් අතර ගැටුම් ඇති කරගන්න එපා" මහින්ද අවවාද කළේය.

රටේ ප්‍රශ්න යටගහන්න ආණ්ඩුව නූල් සූත්තර දානවා

"පළාත් පාලන ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට යනඑන මං නැති වෙලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තු සැසියත් කල්දාලා. ආණ්ඩුව එක්කෝ රට පාලනය කරන්න ඕනේ. නැත්නම් පුළුවන් කණ්ඩායමකට දීලා අයින් වෙන්න ඕනේ" ප්‍රසන්න දේශපාලන කතාබහක් අරඹමින් පැවැසීය.

"ඒ කතාව ඇත්ත. මේවායින් පේන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි." මහින්ද කීවේය. "මේක වැඩබැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්" රණවීර සිනාසෙමින් කීවේය. "ආණ්ඩුව හො¼දාකාරවම දන්නවා තවදුරටත් රට පාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැති බව. ඒ නිසා කොහොම හරි බලයේ ඉන්නයි ඒ අයගේ සූදානම" ප්‍රසන්න පැවැසීය.
"අද රටේ කතාබහට ලක්වෙන්නේ ඇත්තටම රටේ තියෙන ප්‍රශ්න නෙවෙයි. මිනිස්සුන්ට අවුරුදු සමරන්න විදියක් නැතුව ඉන්න කොට කතා කරන්නේ ඒ ගැන නෙමේ අලුත් ව්‍යවස්ථාව ගැන. එහෙමත් නැත්නම් අර්ජුන මහේන්ද්‍රන් ගැන. ආණ්ඩුව තමයි රටේ ප්‍රශ්න යටගහන්න මේ වගේ මාතෘකා හදලා දෙන්නේ. අපි ඒවට අහුවෙන්න හොඳ නැහැ" මහින්ද පෙන්වා දුන්නේය.

"සර් කියන කතාව ඇත්ත. ආණ්ඩුවට මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න බැරි වුණත් ඒ වගේ නූල් සූත්තර වැඩ නම් හොඳට පුළුවන්. මංගලලා, රනිල්ලා එකතු වෙලා දෙන ලණු අපි ගිලින්න හොඳ නැහැ" ප්‍රසන්න කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ ආණ්ඩුවයි

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙස් පිහිටි නිල නිවෙසේදීය. දිනේෂ්, වාසු, බන්දුල, මහින්දානන්ද, ප්‍රසන්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කෙරුණේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව මතුව ඇති තත්ත්වයන් හා ආණ්ඩුවට යන එන මං නැති වී තිබීම සම්බන්ධයෙනි.

"මොකක්ද මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන යන කතාව? වෙල්ගම විමසුවේය.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. හැබැයි ඒක කරන්න ඕනේ ආණ්ඩුව. අපි ඒකට කලබල විය යුතු නැහැ. ඒ අයටම ඉඩදෙමු" මහින්ද පැවැසීය.
"ආණ්ඩුවේ ලොක්කෝ තමයි සෝභිත හාමුදුරුවන්ගේ දේහය ළඟ තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නේ. ඒ අයම තමයි ජනතාවටත් පොරොන්දු වෙලා තියෙන්නේ" ප්‍රසන්න පෙන්වා දුන්නේය.

"ඒක හරි. අපි එයාලටම ඒක කරන්න ඉඩ දෙමු. අපි කතා කළ යුතු නැහැ." මහින්ද පැවැසීය.

"අද ආණ්ඩුව ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ සැසි වාරයත් කල්දැම්මේ" වාසු පෙන්වා දුන්නේය.

"ආණ්ඩුව හොඳටම දන්නවා දැන් මිනිස්සු ඉන්නේ ආණ්ඩුව ගැන ලොකු කේන්තියකින් කියලා ඒ හින්දා ඒක අමතක කරවන්න කාලෙන් කාලෙට නොයකුත් කතා ඉස්සරහට ගන්නවා. කොහොම හරි ඉතුරු අවුරුදු දෙකත් එල්ලිලා ඉන්න තමයි එයාලට ඕනේ" ප්‍රසන්න කීවේය.

මහින්ද - ලාල් කාන්තගෙ මවගේ මළගෙදර

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති රැස්වීම් කිහිපයක් අවලංගු කළ මහින්ද බදාදා හදිසියේම අනුරාධපුරය බලා පිටත්ව ගියේ ජනතා විමුක්ති පෙරමුණේ කේ. ඩී. ලාල් කාන්තගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මහින්ද සමඟ එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, එස්. සී. මුතුකුමාරණ යන පාර්ලිමේන්තු මන්තිවරුන්ද එස්. එම්. රංජිත් ද ඊට එක්ව සිටියහ.

"ලාල්ගේ තාත්තා මැරෙනකම්ම බණ්ඩාරනායක මහත්තයාගේ ෆොටෝ එකක් ළඟ තිගෙන හිටියා කියලා ලාල් මට කියලා තිබුණා. හැබැයි තාත්තා නැති වුණ වෙලාවේ මට එන්න බැරි වුණා. ඒ හින්දා තමයි මම ලාල්ගේ අම්මා නැති වුණ වෙලාවේ එන්නම ඕනේ කියලා හිතුවේ. මට හම්බන්තොට තිබ්බ උත්සව කිහිපයක්ම අවලංගු කරලයි මම මේ ගමන ආවේ" මහින්ද මන්ත්‍රිවරුන්ට පැවැසීය.

"ඔව් ඔබතුමා ආපු එක ලොකු දෙයක්" ලාල් කාන්ත පැවැසීය.


පසුව මහින්ද සහ ලාල් කාන්ත නිවෙසේ අමුත්තන් සදහා සූදානම් කර තිබූ කාමරයක පුද්ගලික කතාබහක නියැළුණේය. දේශපාලන කතාබහ අවසන් වීමෙන් පසුව එළියට ආ මහින්ද තිස්ස කරලියැද්ද දැක "කොහොමද? කියා ඇසුවේය. "හොඳින් ඉන්නවා සර්" තිස්ස ද උත්තර දුන්නේය. අනතුරුව මහින්ද එස්.එම්.ට උපදෙස් දුන්නේ අවමංගල්‍යයේ කටයුතුවලට උපකාර කරන ලෙසය.

"ඕනේ නැහැ සර්. මළගෙදර වැඩ සේරම පක්ෂය බලාගන්නවා" ලාල් කාන්ත පැවැසීය.

ශ්‍රීලනිප ආසන සංවිධායකයින් 40ක් දුමින්දගේ නිවෙස වටකරයි
ඉකුත් සතියේ දිනෙක ශ්‍රීලනිප ආසන සංවිධායකයො 40ක පමණ පිරිසක් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්දගේ නිවෙසට පැමිණියේ. උදේ පාන්දර නිදි පැදුරෙන්ම කඩා වැදුණු පිරිස දැක දුමින්ද කලබල විය. වික්ටර් ඇන්තනි, සුමිත් සොයිසා, අජිත් බස්නායක, තිළිණ ගුණවර්ධන ආදීහුද ඉදිරියෙන් සිටියෝය.

"මොකද මේ උදේ පාන්දරම මොකුත් ලොකු ප්‍රශ්නයක්ද?

"නැහැ ඉතින් අපි දවල් වෙලා එන කොට ඔබතුමා" "අල්ල ගන්නත් අමාරුනේ. එනිසා උදෙන්ම ආවා." සුමිත් සොයිසා කීවේය.

"වාඩිවෙමු ඉතින් මොකක්ද ප්‍රශ්නෙ."

"අපි කියන්නෙ මේකයි ඇමැතිකම් දාලා ගිය අය ආපහු ගන්නවට අපි විරුද්ධයි. ඔබතුමා ජනාධිපතිතුමාට කියන්න ඕනෑ මේ ගමන මෙහෙම යන්න බෑ. දැඩි තීන්දු ගන්න ඕනෑ. සමහරු දැන් වැඩ කරන්නේ පක්ෂය කොලොප්පමක් කරගෙන ඒකට ඉඩ දෙනවට අපි විරුද්ධයි." පැමිණි පිරිස කියන්නට වූහ.

"ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ ප්‍රශ්න නිරාකරණය කරන්න."
"ඒක දුර්වල කමක් විදිහට සමහරු හිතනවා. දැන් බලන්න ඩිලාන් පක්ෂයත් විවේචනය කරනවා. ජනාධිපතිතුමාත් විවේචනය කරනවා.

"ජනාධිපතිතුමා තීරණ ගත්තෙ ඔයගොල්ලො හිතන විදියට නොවේ. දැන් බලන්න ජනාධිපතිතුමා ඩිලාන්ගෙ තාත්තට දකුණු පළාත්න ආණ්ඩුකාරකම දුන්නා. මේ ප්‍රශ්න දිහා පටු විදියට බලන් එපා" දුමින්ද කීය.

"තමුන්නාන්සේ අපේ අදහස් ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන්න. අපි කියන දේවල් මධ්‍යම කාරක සභාවට එන්නෙ නැහැනේ." දුමින්ද පැමිණි පිරිස සන්සුන් කර උදෑසන කිරිබත් සංග්‍රහයක්ද පවත්වා පිටත්කර තිබිණි.

පෝල් කොහොමද සින්නයියා වුණේ

පොහොට්ටුවේ පළාත් පාලන ආයතන සභාපති, උප සභාපති හා විපක්ෂ නායකවරුද කොළඹට කැඳවා උපදෙස් දීමේ වැඩසටහනක් බැසිල් රාජපක්ෂ විසින් සංවිධානය කර තිබිණි. බත්තරමුල්ල නෙලුම් මාවතේ කාර්යාලයේ පැවැති මෙම හමුවට දිවයිනේ සෑම පළාතකින්ම පිරිස් පැමිණ සිටියහ. වෙල්ගම, රෝහිත, ප්‍රසන්න ආදීන්ද පැමිණ සිටියෝය. බැසිල් වැඩ සටහන අරම්භයේ සිටම එක් එක් සභාපතිවරයාට ඔහුගේ නම කියා ආමන්ත්‍රණය කරන අන්දම සෙස්සෝ විමතියෙන් බලා සිටියහ.

මේ අතර යාපනේ වේලනේයි ප්‍රාදේශීය සභාවේ සභාපති තමන්ව හඳුන්වා දෙමින් "සර් මම සින්නයියා යාපනේ වේලනෙයි....." කීවේය.

"ඔයා කොහොමද සින්නයියා වුණේ ඔයා පෝල්නෙ" බැසිල් කියද්දී සියල්ලෝ සිනාසුණහ.

"ඔව් සර්, මාව පෝල් කියල තමා හැමෝම දන්නේ" සින්නයියා කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon