වසර 27ක්් දිග්ගැහෙන ලෝක යුද්ධයක් අත ළඟයි සුපිරි අනාවැකිකරුවකු ලෝකයම කලඹයි

  👤  5420 readers have read this article !
2018-05-06

සිංහල ක්‍රමයට අනුව 2018 නව වසර ඇරැඹෙනුයේ අප්‍රේල් මාසයෙනි. එළැඹෙන නව වසර සාමය, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වීම හැමදෙනාගේම බලාපොරොත්තුවයි. 2018 වසර පිළිබඳව ලෝකයේ බොහෝ අනාවැකිකරුවන් විවිධ අනාවැකි පවසා තිබේ. ඒ අතරින් මීට සියවස් ගණනකට පෙර ජීවත් වූ මිචෙල් ද නොස්ට්‍රඩාම් ප්‍රධාන වේ.

වතුර පිරවූ භාජනයක් දෙස බලා සිටීමෙන් අනාගතය ගැන පැවැසූ ඔහු, පැවැසූ බොහෝ අනාවැකි මේ වනවිට සැබෑ වී ඇත. ඒ අතර 1871 වසරේ චිකාගෝ නගරයේ ගින්න, 1930දී හිට්ලර්ගේ නැඟ ඒම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, සඳ තරණය, ජෝන් කෙනඩි ඝාතනය, න්‍යෂ්ටික බෝම්බ පුපුරා යෑම් යනාදිය වේ. එතරම් අෑත අතීතයක සිට වසර සිය ගණනකට පසු සිදුවන දේවල් නිවැරැදිව දැකීමට ඔහුට තිබූ හැකියාව නිසා අනාවැකිකරුවන් අතර ප්‍රමුඛයා ලෙස අදටත් ඔහු බුහුමනට පාත්‍ර වේ.

මේ අනාවැකිකරුවා 2018 වසර පිළිබඳවද අනාවැකි පළ කර තිබේ. ඔහු 2018 පිළිබඳ පවසා ඇති අනාවැකි එතරම් සුබදායක නැත. 2018දී මළවුන් සිය සොහොන් කොත්වලින් නැඟිටින බව ඔහු පවසා ඇත. 2018දී 3 වැනි ලෝක යුද්ධය ඇරැඹෙන බව ඔහු පවසා සිටී. ප්‍රංශයෙන් ඇරැඹෙන මහා යුද්ධය යුරෝපය පුරා පැතිර යනු ඇත. මෙම යුද්ධය වසර 27ක් පවතින බවද මුහුදේත් ගොඩබිමත් ලේ වැගිරෙන බවද ඔහු පවසා සිටී. අහසින් වැටෙන ගිනි ජාල මඟින් නගර විනාශ වන බවද ඔහු පවසයි. එයින් පසු සාමය උදා වුවද එම සාමය භුක්ති විඳීමට වැඩි දෙනකු නොසිටින බව ඔහු කියා සිටී. 2018 වර්ෂය ස්වාභාවික විපත්වලින්ද ගහන බව ඔහු පවසයි. විශාල ජල ගැලීම් සිදුවන අතර රුසියාවද මීට අයත් වේ. චීනය භූමිකම්පාවලින් හෙල්ලුම්කනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිරටද භූමිකම්පා බලපානු ඇත. ගිනිකඳු පුපුරා යෑම් වැඩිවනු ඇත. ඉතාලියේ විසූවියස් ගිනි කන්ද ඒ අතර ප්‍රධාන වේ. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනු ඇත. 16,000ක් පමණ දෙනා ස්වාභාවික විපත්වලින් මිය යනු ඇති බව ඔහු පවසයි. නොස්ඩාම් 2018 ගැන පවසා ඇති අනාවැකි බියකරුය.

මේ අතර මෑත කාලයේ ප්‍රසිද්ධ වූ තවත් අනාවැකිකරුවකු වන කේ‍රග් හැමිල්ටන් පාකර් නමැති අනාවැකිකරු පවසා සිටින්නේ 2018 වසර අතිශයින්ම භයානක වසරක් බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වීම, ලොස් ඇන්ජලිස් ඝාතනය, බි්‍රතාන්‍ය යුරෝපයෙන් වෙන්වීම යනාදිය ඔහු පැවැසූ සත්‍ය වූ අනාවැකි වේ. ඔහු පවසා සිටින්නේ 2018 වසරේදී ඇමෙරිකාව උතුරු කොරියාවට පහර දෙන බවයි. එසේම යුරෝපයේ නගරයකට රසායනික අවි ප්‍රහාරයක් සිදුවේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වන බව ඔහු පවසා සිටී. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ උතුරු කොරියාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහි සටන අරඹන බවයි. එසේම උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට ජනතාව විසින්ම බලයෙන් පහ කරන බව ඔහු කියා සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විශ්වාසභංගය පරාද වන බවත් ඇමෙරිකාවේ යුද නැවක් මුහුදුබත් වන බවත් ඔහු පවසයි. එමෙන්ම බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යළිත් බලය රැක ගනී.

පාකර් වැඩිදුරටත් පවසන්නේ ඉතාලියේ නේපල්ස් අසල ගිනි කන්දක් පුපුරා යන බවත් ඇන්ටාක්ටිකා හිම තලයේ විශාල කොටසක් ගැලවී යන බවත්ය. තවද බි්‍රතාන්‍යයේ උද්ඝෝෂණ මාලාවක් ඇරැඹෙන බවත් එරට ප්‍රධාන මාර්ගයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල් විය හැකි බවටද ඔහු අනතුරු හඟවයි. එසේම ලන්ඩනයට හෝ බර්ලිනයට රසායනික අවි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටද ඔහු අනාවැකි පවසයි. ලෝකය පුරා උණ වසංගතයක් පැතිරවීමට ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමත් වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටී. පාකර් පවසන්නේ ගෝලීය කාලගුණය අසාමාන්‍ය වෙනසකට ලක් වන බවයි.

ලොව ප්‍රකට අනාවැකි පවසන්නියක වන ලින්ඩ්සේ එඩ්වඩ්ද 2018 වර්ෂය පිළිබඳ සිය අනාවැකි මෙසේ පවසා සිටී. ඇය ස්ථිර ලෙසම පවසා සිටින්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී ඝාතනය වන බවයි. එසේම යුරෝපයේ ආර්ථිකය විශාල අගාධයකට ඇද වැටෙන අතර චීනය හා ඉන්දියාව ලෝක ආර්ථික බලවතුන් ලෙස ඉදිරියට එන බව ඇය පවසා සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන ඇය පවසා ඇති බිහිසුණු අනාවැකිය මුළුමහත් ලෝකයාගේම අවධානයට බඳුන් වී ඇත. තවත් ප්‍රකට අනාවැකිකරුවන් පිරිසක් පවසා සිටින්නේ 2018 වසරේදී යුරෝපය තුළ යුද ගැටුම් ඉහළ යන බවයි. ඝාතනය පැතිර යන අතර කුසගිනි පෝලිම් නිතර දක්නට හැකි වනු ඇත. යුරෝපය පුරා මහජන කැලඹිලි හා උද්ඝෝෂණ බහුල වනු ඇති බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටී.

චීනය දැඩි ශීත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන බවද පැවැසේ. අංක ගණිතය අනුව අනාවැකි කියන්නියක වන බෙට්සි ලිවිස් පවසන්නේ 2018 වර්ෂයේදී තෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන බවයි. උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව ඇය කියා සිටී. රිච්ටර් මාපකයේ අංක 9 දක්වා වන ඉහළ භූමිකම්පාවක් දකුණු පැසිපික් කලාපයේ සිදුවන අතර නවසීලන්තය, ජපානය, ෆීජි දූපත්, ටොංගා දූපත් මෙන්ම දකුණු පැසිපික් දූපත්වලට දැවැන්ත විනාශයක් වන සුනාමියක් මෙයින් හටගන්නා බව ඇය කියා සිටී. ලොව පුරා අනාවැකිකරුවන් 2018 වසර අසුබදායක වසරක් ලෙස පැවැසුවද එයින් පසුව එළැඹෙන අනාගතය සුබදායක බව පවසා සිටීම සතුටුදායක කරුණකි.

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon