මිනිසකු තරම් උස අරුම පුදුම සිංහයකු කෙන්යාවෙන් මතුවෙයි

  👤  5248 readers have read this article !
2018-05-13

මිනිසකුගේ උසට සමාන උසින් යුත් දැවැන්ත සිංහයකුගේ පොසිලයක් කෙන්යාවෙහි පොසිල ගවේෂණයක යෙදුණු විශේෂඥයන් කණ්ඩායමකට හමුවී තිබේ. මෙම සිංහයා අවුරුදු 2,00,000කට ඉහතදී ශාක භක්‍ෂක දැවැන්ත ක්‍ෂීරපායි සතුන්ගේ ආහාරයට සමාන ආහාරයකින් යැපෙමින් නැඟෙනහිර අප්‍රිකාවෙහි සැරිසරන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව විද්‍යාඥයෝ කියකි. දැනට වෙසෙන සිංහයන්ට වඩා බෙහෙවින් විශාල මෙම සිංහයා, වඳ වී ගිය සිංහ වර්ගයකට අයත් එකකු බව ඉතාම පැහැදිලිව පෙනේ යැයිද ගවේෂකයෝ කියති.

වයඹ දිග කෙන්යාවේ නැටෝඩෝමන්හිදී මෙම සිංහ පොසිලය සොයාගත් ගවේෂක කණ්ඩායමට කෙන්යාවේ ජාතික කෞතුකාගාරයේත් උෟටා සහ වාර්කන්සාස් විශ්වවිද්‍යාල දෙකේත් විශේෂඥයෝද ඇතුළත්ව සිටියහ. පොසිලය අයත් සිංහයාගේ ශරීර ප්‍රමාණය මැන ගැනීම සඳහා ගවේෂකයෝ මෙම යෝධ බිළාල පොසිලයේ දත් හා හිස්කබල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරති. සාමාන්‍ය සිංහයකුගේ උස අඩි 4ක් (මීටර් 1.2) පමණ වන නමුත්, ගවේෂකයන්ට හමුවී ඇති පොසිලය අයත් සිංහයාගේ උස මිනිහකුගේ උසට - අඩි 5 අඟල් 6 (මීටර් 1.7) ඉතා සමීප යැයි විද්‍යාඥයෝ කියති.

සොයා ගැනුණු සිංහ පොසිලය සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කළ ගවේෂක විශේෂඥයෝ එහි මෙසේ සඳහන් කළහ. "මානව සංස්කෘතියේ අෑතම" පුරා ශිලා යුගයේ පටන් මෑත කාලීන "ඩිස්නියේ ලයන් කිං" (ච්ඪඵදඥර'ඵ ඹ්ඪධද ම්ඪදඨ) දක්වා බොහෝ කලා නිර්මාණ අතර සිංහ පිළිරුව විසිරී තිබේ. "විද්‍යාත්මක ලෝකය තුළ පවා සිංහයා කෙරෙහි අවධානය යොමු වී තිබේ. මධ්‍ය කාලීන හා මෑත කාලීන හිම යුගයේ නැඟෙනහිර අප්‍රිකාවේ යෝධ සිංහයන් බහුලව සිටි බව දක්වන පළමු වැනි සාධකය මෙම දැවැන්ත සිංහයාගේ හිස්කබලයි. සමහර විට ඊට හේතුවී ඇත්තේ අදට වඩා බෙහෙවින් විශාල මහා සත්ත්ව යුගයක්" හා ජෛව ස්කන්ධ යුගයක් පැවැතීම විය හැකි යැයි විද්‍යාඥයෝ කියති.

හිම යුගයේ යුරේසියාවේ විශාලතම ගුහා සිංහයන් හා සමාන වන තරමේ විශාලත්වයකින් යුත් මෙම හිස් කබල ඒ අතින් විශේෂත්වයක් හිමි කර ගනියි. ඊටද කලින් අප්‍රිකාවෙහි විසූහයි සැලැකෙන හෝ විසූ බව පොසිලවලින් දැක්වෙන හෝ සිංහයන්ගේ හිස් කබල්වලටද වඩා මෙය බොහෙවින් විශාලය. වත්මන් සිංහයන් දකුණු හා නැඟෙනහිර අප්‍රිකාවෙහි බිහිවී ඇත්තේ ඔවුන් කණ්ඩායම් දෙකක් වශයෙන් පරිණාමය වන්නට කලින්ය. ඉන් එක් කණ්ඩායමක් දැන් අප්‍රිකාවේ නැඟෙනහිර හා දකුණු පෙදෙස්වල වෙසෙන අතර බටහිර අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සිංහයෝ අනෙක් කණ්ඩායමට අයත් වෙති.

ලෝකය පුරාම සිංහ ගහනය ශීඝ්‍රයෙන් හීන වීගෙන යෑම අදාළ විද්වතුන්ගේ දැඩි අවධානය යොමු වන කරුණක් වී තිබේ.
එසේ වුවද ඉන්දියාවේ එක් වනගහනයක අවදානම් සහගත තත්ත්වයකට පත්ව සිටින සිංහ කැල වඳ වීමේ අවදානමට එරෙහි සටනක යෙදී සිටිතියි මෑත සති කීපයක් තුළ වාර්තා විය. 1960 ගණන්වලදී වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටි ආසියාතික සිංහයන්ගේ ගණන 180ක් දක්වා අඩු වූ නමුත් මේ වනවිට එය 600කටද වඩා වැඩිවී ඇතැයි පසුගිය මාර්තු 6 වැනිදා වාර්තා විය. එම අධ්‍යයනය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් "පුරාජීව විද්‍යාව" සඟරාවෙහි පළ විය.

සිංහයන් පිළිබඳ වත ගොත

අනෙක් බොහෝ සිවුපාවුන්ගේ පිරිමි සතුන් මෙන්ම සිංහයාද සිංහ ධේනුවට වඩා විශාලත්වයෙන් මෙන්ම බරින්ද වැඩියි. සිංහයකුගේ බර රාත්තල් 410ක් (කි.ග්‍රෑ. 169) පමණ වන අතර සිංහ ධේනුවකගේ බර රාත්තල් 276ක් (කි.ග්‍රෑ. 126) පමණ වෙයි. බරින් වැඩිම සිංහයා කෙන්යාවෙන් හමුවී ඇතැයිද උගේ බර රත්තල් 600ක් කි.ග්‍රෑ. 272 යැයිද වාර්තා විය. සංසන්දනාත්මකව බරින් වැඩිම සිංහ ධේනුව දකුණු අප්‍රිකාවෙහිදී හමුවී ඇති අතර ඇගේ බර රාත්තල් 336කි. (කි.ග්‍රෑ. 152).

සිංහයන්ට කෘන්තක (ඪදජඪඵධපඵ), රදනක (ඛ්චදඪදඥ) සහ ජේදක (ඛ්චපදඵඵඪචත) යනුවෙන් දත් තුන් වර්ගයක් තිබේ. ඉන් කෘන්තක දත්, මස් ඩැහැ ගැනීමත් ඉරා ගැනීමත් සඳහා පාවිච්චි කැරෙන අතර රදනක දත් ගොදුරක සම පලා මස පාදා ගැනීමට යොදා ගැනේ. ෂේදක දත්වලින් කැරෙන්නේ කතුරක් මෙන් ක්‍රියාත්මක වෙමින් මස් කැබැලි කිරීමයි. සිංහයාට උගේ මුඛය උඩු හනුවත් යටි හනුවත් අතර අඟල් 11ක (සෙ.මී. 28) පරතරයක් සිටින සේ විවෘත කළ හැකි වන අතර ආහාර ගැනීමේදී වරකට විශාල ප්‍රමාණයක් මුඛය තුළට ගැනීමට එය උෟට උපකාරී වෙයි.

සිංහ පැටවු අළු පැහැති හා පිට පෙදෙසේත් පාදවල හා මුහුණෙත් කළු තිත්ද සහිත සමක් ඇතිව බිහි වෙති. ඔවුන්ගේ සමේ එම ස්වභාවය පරිසරය සමඟ සංයෝජනය වීම සඳහා ඔවුනට උදව්වකි. වයස අවුරුද්දක් හෝ මාස 14ක් පමණ වෙද්දී පිරිමි පැටවුන්ගේ පපුවේ සහ ගෙල වටේ දිගු ලොම් වැඩෙන්නට පටන් ගනී. එය සිංහයාගේ කේසර ගොන්නේ ආරම්භයයි. එහෙත් උගේ වයස අවුරුදු දෙක සම්පූර්ණ වන තෙක් කේසර වැඩීම සම්පූර්ණ නොවේ. සිංහ පැටවුන් දෑස් වසාගෙන බිහිවන අතර, ඔවුන්ගේ ඇස් ඇරෙන්නේ ඔවුන් ඉපදී දවස් තුනකට හෝ හතරකට පසුවය. පළමුවෙන් නිල්මුසු අළු පැහැයක් ගන්නා එම ඇස්, සිංහ පැටවුන්ගේ වයස මාස දෙකක් හෝ තුනක් වෙද්දී දුඹුරු පැහැයට හැරෙන්නට පටන් ගනී.

සිංහයාගේ නිකට, තොල්, කම්මුල් සහ නාසය දෙපස කෙඳි රොදෙහි මෙන්ම ඉදිරි දෙපයේ ඇඟිලි අතරද ගන්ධ ග්‍රන්ථි ඉජඥදබ. ඨතචදඤඵ පිහිටා තිබෙන අතර, උගේ ලෝමාවරණය නිරෝගීව හා ජල රෝධකව එචබඥප ර්ථීපධධට තබා ගැනීම සඳහා එම ග්‍රන්ථි උෟට උපකාරී වෙයි. උඩු තොල උඩු අතට හරවමින් විසුළු මුහුණක් මවා ගත් සිංහයකුගේ පින්තූරයක් ඔබට දක්නට ලැබුණහොත් ඔබ එයින් තේරුම් ගත යුත්තේ උගේ අවධානය ග්‍රහණය කර ගත් යමක් උගේ ඉවට හසුවී ඇති බවය.

සිංහයාගේ උඩු තොලේ පිහිටි ඉතා සංවේදී කොටසක් වාතයට මුසුව එන ප්‍රිය ජනක ගන්ධ හඳුනා ගැනීමටත් එය ග්‍රහණය කර ගැනීමටත් උෟට උපකාරී වෙයි. එවැනි අවස්ථාවකදී සිංහයකු උගේ දත් පිටතට පෙනෙන සේ මුඛය විවර කොට දිව පිටතට දමන්නේ නම් ඉන් දැක්වෙන්නේ ආහාරයට ගත හැකි යමක් උෟට ඉව වැටී ඇති බවය. සිංහයාට ඉතාම තියුණු ශ්‍රවණ ශක්තියක්ද තිබේ. තමා අවට නැඟෙන ශබ්දවලට දැඩි අවධානයෙන් සවන් දීම සඳහා කන් නොයෙක් අතට හැරවීමේ හැකියාවක්ද සිංහයාට තිබෙන අතර, උගේ ගොදුරට සුදුසු සතකුගෙන් සැතැපුමක් දුරින් නැඟෙන හඬ හඳුනා ගැනීමේ ශක්තියක්ද උෟට හිමිය.

පර්වර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්