රට හදන තැන

  👤  4267 readers have read this article !
2018-05-24

ජේ.ටී. ද සිල්වා, පහන් විජේසේකර

ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක් සහ නියෝගයක් පිළිබඳ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

පොලිතින් ගනකම මයිකේ‍රා්න 20ට අඩුවෙන් නිපදවීමේ ගැසට්ටුව නිකුත් කළා-- ඉරාන් වික්‍රමරත්න

"ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණු උෂ්ණත්වයේ වැඩිවීමට අපටත් අද මුහුණදීමට සිදුවී තිබෙනවා" යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

"ගෝලීය උෂ්ණත්වය වැඩි කෙරෙන ආකාරයේ කිසිම දෙයක් අපේ රටෙන් පිට කරලා නැහැ. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ."

"මිලියන 1.5ක් දවසකට පොලිතින් පාවිච්චි කරනවා. මේ පොලිතින් භාවිතය මඟින් පාරිසරික මෙන්ම සෞඛ්‍යය ගැටලු ඇතිවෙනවා. පවතින නීති රාමුව ශක්තිමත් කරමින් නව රෙගුලාසි ඉදිරිපත් කරනවා.

මධ්‍යම පරිසර අධිකාරියට ස්තුතිවන්ත වෙනවා මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගැන.

පොලිතින් කළමනාකරණය කිරීමට 2016 කැබිනට් පත්‍රිකාව දාලා අනුමැතිය ලබා ගත්තා.

පොලිතින් හා ඒ ආශි්‍රත ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ පිලිස්සීම සිදු කිරීම තහනම්. සියලුම ආකාරයේ පොලිතින්වල ගණකම මයිකේ‍රාන් 20ට අඩුවෙන් නිපදවීමේ ගැසට්ටුව නිකුත් කර තිබෙනවා.

ප්ලාස්ටික් විවෘත භූමියේ පිලිස්සීමත් මෙමඟින් තහනම් කර තිබෙනවා වගේම සැරසිලිවලට පාවිච්චි කිරීමත් තහනම් කර තිබෙනවා.

කොතරම් තදින් නීතිය ක්‍රියාත්මක කළත් මේ පොලිතින් භාණ්ඩ වෙළෙඳපොළේ තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියත් පොලිසියත් ක්‍රියාත්මක වී ඒකාබද්ධව කටයුතු කරනවා.

ඒ සඳහා දැඩිව සොයා බලා කටයුතු කරන්න.

මේ රටේ හුඟක් තැන්වල ඩෙංගු ව්‍යාප්ත වෙනවා. මැයි, ජුනි කාලයේ තමයි විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ. මහවැලි සංවර්ධන අධිකාරිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පාරිභෝගිකයන්ගේ විස්තීර්ණ අවශ්‍යතා සඳහා උචිත ලෙස කටයුතු කරනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. අපේ පරිසරය යහපත්. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රට කිසිම දායකත්වයක් දක්වලා නැහැ. ආපදා කළමනාකාරිත්වය විතරක් මදි. මොකද අපිට සෑම වසරකම ආපදාවලට මුහුණ දෙන්න සිදුවෙලා. මේවාට මුහුණ දෙන්න විශාල ආයෝජනයක් අවශ්‍යයි. පරිසරයට විස වායු පිටවීම අවම කළ යුතුයි. අප තදින් පරිසර නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාව පිළිබඳ සැලැස්මක් හැදිය යුතුයි. වර්ෂාපතනයෙන් හානි සිදුවන අයට සීමාවක් නැතිව මූල්‍ය සම්පත් ලබාදෙන්න දැනටමත් කටයුතු කර තිබෙනවා. නමුත් මේ අවදානම අඩුකර ගැනීමට අපි මීට වඩා සැලසුම් සහගත විය යුතුයි. පරිසර නීලහරිත ආයෝජන සිදුකළ යුතුයි.

පරිසර නියාමනයන් නිසා අද ගෙදර වත්තේ පස් ටික ඉවත් කරගන්න බැහැ- රමේෂ් පතිරණ

පරිසර නියාමනයන් නිසා අද ගෙදර වත්තෙ පස් ටික ඉවත් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ පැවැසීය.

"වැලි ප්‍රවාහනය කරන පිරිස මෙරටට විශාල සේවාවක් සිදුකරලා තියෙනවා.

අද වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් ගන්න බැහැ.

නිදහසෙන් පසු ආර්ථිකයේ වාර්තාගත අඩුවීමක් පසුගිය වසරේ දක්නට ලැබුණා.

අද ගෝලීය උෂ්ණත්වය වැඩි වී තිබෙනවා. විශාල වශයෙන් පරිසරය විනාශ වෙලා.

දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ.

චෝදනා නැති නිසා නඩු විසිකරන්න සිදු වුණා. මේ රටේ පුරවැසියකු හැටියට එතුමා අපේක්ෂිත ඇප ලබාගත්තා. අවදානමට වඩා සූදානම වැදගත්."

පළාත් සභා ඡන්දය කල්දැමීමට එරෙහි ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ක්‍රියාකරන්න-- දිනේෂ් ගුණවර්ධන

"ජනමත විචාරණයකින් තොරව පළාත් සභා ඡන්දය කල්දැමීම කළ නොහැකි බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී මාස හතරක් ගතවී ඇතත්, පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ චෝදනාව කථානායකතුමාට එල්ලවනවා" යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම - "ආණ්ඩුව පළාත් සභා තුනක් සඳහා ඡන්දය පවත්වන්නේ නැතිව කර අරින්න හදනවා. තව මාස කිහිපයකින් තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වනවා. පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, අවස්ථා දෙකක් එය විවාදයට ගත්තේ නැහැ. ඊයේ වනවිටත් එය න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබුණා. ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදී තිබෙනවා පළාත් සභා ඡන්ද කල්දමන්න බැහැ කියලා."

කථානායක - "මම ඊයේත් පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන කතා කළා. අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සාකච්ඡා කරන බව මට දැනුම් දුන්නා."
ඩලස් අලහප්පෙරුම - "ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී දැන මාස හතරක් වෙනවා. ඡන්දය නොපැවැත්වීම ජනතාවගේ පරමාධිපත්‍ය නැති කිරීමක්. මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඔබතුමා පියවර ගන්න."

කථානායක - "මමත් මේ ගැන අවධානය කර තිබෙනවා. අගමැතිතුමා මේ ගැන පිළිතුරක් ලබාදේවි."

විමල් වීරවංශ - "අගමැතිතුමාට කිව්වා කිය කියා ඉන්න කථානායකතුමනි,"

කථානායක - "එහෙම කියන්න එපා. විහිළුවක් කරගන්න එපා."

ආපදා තත්ත්වයකදී කාගේවත් බත් පැකට් එනකල් බලන් ඉන්නේ නැහැ-- පාලිත රංගේ බණ්ඩාර

"ස්වාභාවික ආපදා තත්ත්වයක් ආපුවහම කාගේවත් බත් පැකට් එකක් එනකල් බලා ඉන්නේ නැහැ"යි, වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.

"නාය යෑම් පිළිබඳ තත්ත්වය අපි සොයා බැලුවා. ජලාශවල ජල මට්ටම පිළිබඳවත් සොයා බැලුවා. ඉදිරි දින කිහිපයේ දිස්ත්‍රික් ගණනාවකට වැසි ඇතිවනවා. අපි ජනතාවට පෙර සූදානම් නිවේදන ලබාදී තිබෙනවා."

"මේ වනවිට ආපදා ඇතිවී තිබෙන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල දැනුවත්කර තිබෙනවා. ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීමට හා ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදීමටත් අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙනවා." "ගංවතුරට හසුවූ අය, නැවත නිවෙස්වලට යනවිට, ඔවුන්ට රුපියල් දස දහසක මුදලක් ලබාදීමටත් අපේක්ෂා කරනවා."

"ආපදාවක් ඇතිවූ අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට විශාල ඔරු ප්‍රමාණයක් මේ වනවිට අවශ්‍ය ස්ථාන වෙත යවා තිබෙනවා."

පාරිසරික විනාශ
සිදුවන ස්ථානවලට
පරිසර ඇමැති ලෙස යන්නැයි
ජනපතිගෙන් ඉල්ලනවා-- බිමල් රත්නායක

"ජනාධිපතිතුමා ෆිල්ටර් විවෘත කරනවාට වඩා භයානක පාරිසරික විනාශ සිදුවන ස්ථානවලට පරිසර ඇමැතිවරයා හැටියට යන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අපේ රටේ තිබෙන පාරිසරික ප්‍රශ්න තාක්ෂණයෙන් ගොඩදාන්න තමුන්නාන්සේලා උත්සාහ කරනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කඳු පන්තිය පටන්ගන්නේ හංවැල්ල ප්‍රදේශයෙන්. ලබුගම, කලටුවාව ජලාශය පවතින ඒ කඳුවැටියෙ පස් ඉවත් කරමින් කළුගල් කඩනවා.

මේ ප්‍රදේශයේ ගල් කොරි 11ක් පවතවාගෙන යනවා. දවසකට ගල් ටිපර් 200ක් පමණ පටවනවා. මුළු කොළඹටම ජලය සපයන ලබුගම කලටුවාව ජලාශය ආසන්නයේ සිදුකෙරෙන මේ පරිසර විනාශය ගැන සොයා බලන්න කියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

නකල්ස් සංරක්ෂණ ප්‍රදේශයේ දේශපාලනඥයන් විසින් මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක්, ඇතුළු තවත් ව්‍යාපෘති සඳහා දුම්බර ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් ලබාදී තිබෙනවා. මේ නිසා දුම්බර ප්‍රදේශයේ පරිසරයට විශාල වශයෙන් හානි පැමිණෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ අලි කළමනාකරණ රක්ෂිතය තුළ සූර්ය බලශක්ති පැනල් සවිකිරීමට කැලෑ කපනවා. වනාන්තර අක්කර හයසියයක් මේ සඳහා එළිකර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති "අපි එවැනි අක්කර හයසියයක් ලබාදීල නැහැ. අපි පරීක්ෂණයක් පවත්වනවා."

(පාර්ලිමේන්තුව අද (24දා) පෙරවරු 10.00ට යළි රැස්වෙයි.)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon