අවුරුදු 30කට පසු හෙළිවන රහස
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මාතෘකාව නැවත කරළියට පැමිණ තිබේ. මෙවර ඊට මුල් වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන්ලාගෙන් ලක්ෂ 10ක චෙක්පතක් ලැබුණු බව ප්‍රසිද්ධියට පත්වීමෙනි. එම චෙක්පත දයාසිරි මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරියකු විසින් මාරු කරගෙනද තිබුණේය.
ප්රශ්නය මතුවූවිට මන්ත්‍රිවරයා එය පිළිගත්තේය. මැතිවරණ කටයුතු සඳහා අදාළ චෙක්පත ලැබුණේ කාගෙන්ද යන බවවත් මතක නැති බව දයාසිරි ප්‍රකාශ කළේය. එතෙකින් නිහඬ නොවූ හෙතෙම තවත් ප්‍රකාශයක් කරමින් පැවැසුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 118 දෙනකුට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලැබුණු බවය. එම 118 දෙනා පිළිබඳ සියලු විස්තර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවලට ඇතුළත්ව තිබෙන බවය.
මෙයට පෙර දයාසිරි මන්ත්‍රිවරයාගේ නම ඇඳූණේ බැඳුම්කර වංචාව සම්බන්ධව කෝප් කමිටුවේ පරීක්ෂණ සිදුවෙද්දී අර්ජුන් ඇලෝසියස්ගෙන් ඔහුට දුරකථන ඇමතුම් දෙකක් ලැබුණු බව හෙළිවීමෙනි. මන්ත්‍රිවරයා එය සත්‍ය බව පිළිගෙන ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක්ද කළේය. කෝප් කමිටු වාර්තාවට පාද සටහන් යෙදූ ෆුට් නෝට් කල්ලිය ගැන එකල මහත් ආන්දෝලනයක් ඇතිවිය.
ෆුට් නෝට් කල්ලිය විසින් අර්ජුන්ලාගෙන් කෝටි ගණන් අල්ලස් ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේදිත් ඝෝෂා කළහ. අල්ලස් ගෙන තිබෙන්නේ කුඩා කල්ලියක් නොව මන්ත්‍රිවරුන් 118ක් යැයි හෙළිවූ විට ජනතාවගේ පැත්තෙන්ද එතරම් හඬක් මතුවන බව නොපෙනේ. ලංකාවේ හැටි එහෙමය. අපේ කට්ටියත් අල්ලස් ගෙන තිබෙනවා නම් නිහඬ වීම හොඳයැයි බොහෝ දෙනා සිතන බව පෙනේ.
මේ සියල්ලෙන්ම පෙනී යන්නේ අල්ලස දූෂණය ප්රජාතන්ත්රවාදයේ මහ දෙවොලද ගිලගෙන ඇති බවය. මොකාගෙන් වුණත් කමක් නැහැ දෙනවා නම් ගත්තාම ඇති වරද කුමක්දැයි දූෂිත මන්ත්‍රිවරුන් 118ටම සිතනවා විය හැකිය. එයින් පෙනී යන්නේ බැඳුම්කර මංකොල්ලය හිතුවාටත් වඩා වැඩි පිරිසකගේ දායකත්වයෙන් සිදුවූවක් බවය.
මේ දූෂිතයන් කවුද ඔවුන්ගේ තරාතිරම කුමක්ද යන්න ජනතාව දැනගත යුතුය. එය ජනතාව සතු යුක්ති සහගත අයිතියකි. එහෙත් දැනට හෙළිවන අන්දමට 118 පිළිබඳ විස්තර දයාසිරි මන්ත්‍රිවරයා විසින් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලූවිට ඔහු කියා තිබෙන්නේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් බවය.
ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ තමන් සතුව ඇති කොමිෂන් වාර්තා වසර 30ක් කල් ඉකුත්වන තුරු එළියට දීමට නීතියෙන් ඉඩ නැති බවය. මුදල් ගත් 118 ලැයිස්තුව ඒ අනුව දැන් ඇත්තේ හුඹස් කටේය.
යහපාලනය ජනතාවට ලබාදුන් ඉහළම ආශීර්වාදය තොරතුරු දැනගැනීමේ අයිතිය යැයි පසුගිය දිනවල උඩ පැන්න උදවිය මේ ගැන කියන්නේ කුමක්දැයි දැන ගැනීමට අපි ආසාවෙන් සිටිමු. යහපාලනයේ වැදගත්ම සංචරකයක් වන විනිවිදභාවයට (ඊපචදඵනචපඥදජර) එතැනින් විලංගු වැටී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසි ජයග්‍රහණයක් බවත්, ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ආසියාවේ හොඳම පනත බවත් ප්‍රකාශ කළ මහත්වරු මේ ගැන මොනවා කියනවා දැයි නොදනිමු. ආණ්ඩුව තොරතුරු හංගනවා නම් පුරවැසියාට කරන්නට තිබෙන්නේ පනතේ 34 (1) උප වගන්තියට අනුව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24
- ජනපතිගේ වැය ශීර්ශය පරාජය කළොත් ආණ්ඩු වෙනසක් 🕔2019-02-24
- වරායට එන කන්ටේනර්වලින් 20%ක්ම එන්නේ පිට අයගේ නම්වලට 🕔2019-02-24
- කොකේන් ගන්න මන්ත්‍රිවරුන්ට එරෙහි සටන අත්හරින්නේ නෑ 🕔2019-02-24
- ඇමැතිවරුන්ට චෝදනා එල්ලකරන හැටි රනිල් කියයි 🕔2019-02-24
- පාර්ලිමේන්තුවේ බලය පොලිසියට භාරදීම සුදුසු නැහැ 🕔2019-02-24
- වතු කම්කරු ගැටලු ගැන සාකච්ඡාවකට අනුර නුවරඑළියට 🕔2019-02-24
- රන්ජන්ගෙන් ගත් ප්‍රකාශයට අදාළ වාර්තාව අගමැතිට භාර දෙනවා 🕔2019-02-24
- අගමැති හා චීන තානාපති රහසිගත හමුවක් 🕔2019-02-24
- හමුදාවටත් නැති ගිනි අවි තොගයක් ගේන්න මධුෂ් ගහපු ගේම... 🕔2019-02-24
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22
- ශ්‍රී ලාංකික ධීවරයන් 25ක් ඉන්දීය වෙරළාරක්ෂක අත්අඩංගුවේ 🕔2019-02-22