ප්‍රේමය වෙනුවෙන් දිවි පිදූ ජාසි සිධූ

  👤  4775 readers have read this article !
2018-06-10

වෛද්‍ය ලංකා සිරිවර්ධන

අක්කර නවයක් පුරා විහිදුණ වත්තක පිහිටි කාමර විසිපහකින්ද, නාන කාමර දහනවයකින්ද සමන්විත විසල් මැඳුරක ඉහළ මාලයේ පිරිමින්ද, පහළ මාලයේ කාන්තාවන්ද තම ශෝකය පළ කරමින් සිටියෝය. ඒ තම විසිපස් හැවිරිදි දියණිය 'ජාසි සිධූ' ඉන්දියාවේ පන්ජාබ්හි, ලුයියානා නම් නාගරික පෙදෙසකදී ඝාතනයට ලක්වූ බව කියමිනි. ජාසි සිධූ උසස් පාසලේ ඉගෙනුම ලබන අවධියේ ගෙන තිබූ රාමු කරන ලද සුන්දර ඡායාරූපක් ඉදිරිපිට ඔවුහු හඬා වැලපෙමින් සිටියෝය.

ඔවුන් තම ඥාතියකු වෙනුවෙන් මෙසේ ශෝක වීම ඒ අවස්ථාවේ හැටියට විශේෂ කාරණයක් නොවේ. එහෙත් 'අපි ඇය මැරුවේ නැහැ. මම පොලිසියටත් කිව්වා. අපේ පවුල මෙයට සම්බන්ධයක් නැහැ' යනුවෙන් ඇගේ මාමා වන සුරංජිත් සිං පුන පුනා කීම අසාමාන්‍ය දෙයක් ලෙස මට හැඟුණි. එදාම එය මා සිත තුළ සැකයක් මතු කළා. 'ඊඩඥ ර්ථීපධමඪදජඥ චදඤ ඍචදජධභමඥප ඉභද' පුවත්පතේ මාධ්‍යවේදී ජ්චඡඪචද ච්චඹඵධද පැවැසුවේය.

'මම දහ වතාවක් ඉන්දියාවට ගොස්, මේ සම්බන්ධව රූපවාහිනි වාර්තා වැඩසටහන් තුනක් නිර්මාණය කර බ්භඵබඪජඥටධපණචඵඵඪ.ජධථ නම් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යමින්, බ්භඵබඪජඥ ටධප බ්චඵඵඪ (ජාසිට සාධාරණය) නම් පොතක්ද පළ කිරීමේ ප්‍රතිඵලය ලෙස ඇගේ මාමා සහ අම්මාව මෙම නඩුව ඇසීමට ඉන්දියාවට යැවීමට කැනඩාවේ බලධාරීන් තීරණය කර තියෙනවා. වසර 17ක් එකම කතාවකට සිරවී සිටීම සාමාන්‍යයෙන් නොකෙරෙන දෙයක්. මාධ්‍යවේදීන්ගේ වගකීම අපි ඉටු කළ බව මම සිතනවා. මේ සැබෑ ආදරය වෙනුවෙන් දිවි පිදූ, උතුරා යන ජීව ගුණයෙන්, මනුෂ්‍යත්වයෙන් පිරි රූමත් තරුණිය මට කිසිදා මුණ ගැසී නැතත්, මම ඇය හදවතින් හඳුනනවා' ඔහු වැඩිදුරටත් පැවැසීය.
ජාසිගේ මාමා වන සුරංජිත් සිංගේ පරපුර මීට වසර පනහකට පමණ පෙර ඉන්දියාවෙන් පැමිණ කැනඩාවේ මේබල් රිජ් නම් පෙදෙසේ තම පදිංචිය තහවුරු කරගෙන තිබෙන්නේ බ්ලූ බෙරි සහ එළවළු වගාවෙන් ධන කුවේරයන් බවට පත් වෙමිනි.

පුරුෂාධිපත්‍යය නීතිය වූ මෙම පවුලට 1975 අගෝස්තු 4 දින බ්චඵඹඪදඤඥප ම්චභප ඉඪඤඩභ නම් දියණියක උපත ලැබුවාය. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපන ලබා, වැඩිදුර අධ්‍යාපනයට අවසර නොලැබුණෙන් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගියාය.
1994 ඔවුන් ඉන්දියාවට චාරිකා කළ අවස්ථාවක දක්‍ෂ 'කබඩි' ක්‍රීඩකයකු වූ කඩවසම් තරුණයකු වූ 'මිතු' හමුවීම ජසි සිධුගේ දෛවය වෙනස් කළේය. පෙමින් බැඳුණු ඔවුන් වසර හතරක් පුරා සම්බන්ධකම් පැවැත්වූයේ දෙරටක සිටය. මිතු කුලී රථ රියැදුරකු ලෙස රැකියාව කළ අහිංසක දුප්පත් තරුණයෙකි.

ඇයට මනමාලයකු සෙවීමට පවුලේ අය සමඟ නැවත ඉන්දියාවට යෑමට ජාසිට අවස්ථාවක් ලැබිණි. ඒ 1999 වසරය. එම ගමනේදී ඇය මිතු හා රහසේ විවාහ වූවාය. එයට බලවත් විරෝධය පළ කළ ඇගේ මවුපියන් ඇයව බලෙන්ම කැනඩාවට ගෙන ගොස් නිවාස අඩස්සියේ තැබුවෝය. හැට හැවිරිදි මනමාලයකුට ඇයව විවාහ කරදීමට සියල්ල සූදානම් විය. එය දැනගත් ජාසි 2000 වසරේ හිත මිතුරන්ගේ ආධාරයෙන් නැවත ඉන්දියාවට ගොස් මිතු හා එක් වූවාය. ජාසි සිධු තම සැමියා වෙත නැවත පිටත් වූ බව දැනගත් කෝපයෙන් ඇලළී ගිය ඇගේ මාමා සහ අම්මා කැනඩාවේ සිට ඉන්දියාවේ දර්ශන් සිං නමැත්තකු සමඟ දුරකතන මාර්ගයෙන් කුමන්ත්‍රණය කළේ ඇයව විනාශ කර දැමීමටය.

දිනය 2008 ජුනි මස 8 වන දා ය. සත් දෙනෙකුගෙන් යුතු ඝාතක කණ්ඩායමක් විසින් ඇයව පැහැර ගනු ලැබුවේ ඇය සමඟ සිටි ඇගේ සැමියා වූ මිතුගේ හිසටද බරපතළ තුවාල සිදු කරමිනි. දූෂණයට ලක්කර වද හිංසාවලටද ලක් කර, ගෙල කපා ඝාතනය කර තිබූ ඇගේ සිරුර කුණු කානුවකට විසි කර තිබියදී පසුව හමුවිය. ඝාතකයන් ඇය මරා දැමීමට යොදා ගෙන තිබුණේ ඉචබදචථ එචඩඥඨභපභ' නම් සික්වරුන්ගේ එකම දෙවියන්ගේ නමට කැටයම් කර තිබූ කඩුවකි. ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් මාස ගණනක් ප්‍රතිකාර ලැබූ මිතු සුවපත් විය.

ජාසිගේ මරණය ගැන පරීක්‍ෂණ පැවැත්වූ ඉන්දියානු පොලිසිය ඝාතකයා වූ දර්ශන් සිං අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුට 2005 ඔක්තෝබර් 21 දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවිය. එහෙත් නීතියේ සිදුරුවලින් පැන ගෙන, ඇප ලබා නිදහස් වූ ඔහු ගමන් බලපතෙහි සාවද්‍ය තොරතුරු සටහන් කරමින් කැනේඩියානු ස්ථිර පුරවැසිභාවය ලබා ගත්තේය. ඔහුගේ දියණිය ජාසිගේ මාමා වන සුරංජිත් සිංගේ පුතාට විවාහ කරදී ඔවුන් අතර ඥාතිත්වයක්ද ඇතිකර ගත්තේය.

ජාසිගේ ඝාතකයන් නිදැල්ලේ සිටීමට එරෙහිව විවිධ මාධ්‍ය ආයතන, සිවිල් පුරවැසි සංවිධාන ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස 2012දී ඝාතනය සිදු කර වූ ජාසිගේ මාමා වන සුරංජිත් සිං සහ ඇගේ මව වන මල්කිත් සිධු අත්අඩංගුවට පත්විය. කැනඩා උසාවිය 2017 ඇගේ මාමා සහ මව නඩුව ඇසීම සඳහා ඉන්දියාවට යැවීමට තීරණය කර තිබුණද, බි්‍රටිෂ් කොලොම්බියා ඇපිල් උසාවියට කර ඇති ඉල්ලීම නිසා එය අත්හිටුවන ලදී.
දෙරටක් දෙපැත්තට අදිමින් දාහත් වසරක් තිස්සේ දිග්ගැස්සෙන නීති ක්‍රියාවලිය තුළ ජාසිගේ මරණයට සාධාරණය කවදා ඉටුවේද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon