2021දී අභ්‍යවකාශ හෝටලයකින් කෑම වේලක්

  👤  3934 readers have read this article !
2018-06-10

ගැමුණු රත්නායක

ලොව කෝටිපති සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු වන රොබට් බිගලෝ වසර 2021 වන විට "ඇකිළිය හැකි අභ්‍යවකාශ හෝටලයක සංචාරකයන්ට නවාතැන් ගැනීමට අවස්ථාව සලසා දීමට මේ දිනවල සැලසුම් කරනවා. ඇමෙරිකාවේ සුප්‍රකට "බජට් සූට්ස්" හෝටල් දාසයේ හිමිකරු වන බිගලෝ පවසන අන්දමට මෙම හෝටලය ඉදිකරනු ලබන්නේ "මොන්ස්ටර්" අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එක් කොටසක් ලෙසයි. බොහෝවිට මේ සඳහා එක් සංචාරකයකු විසින් ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 10කට ආසන්න විය හැකි බව ඔහු සඳහන් කරනවා. මේ සඳහන් තමන් ඩොලර් මිලියන ගණනක් වැය කරමින් ගෝලීය අභ්‍යවකාශ වෙළෙඳපොළේ අවශ්‍යතාවන් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් බිගලෝ පවසනවා.

මේ සඳහා ඔහු විසින් තමන් "බිගලෝ ස්පේස් ඔපරේෂන්" නමින් නව සමාගමක් ආරම්භ කරන බවද පසු ගියදා අනාවරණය කොට තිබුණා. මේ වන විටත් ඔහු සතු "බිගලෝ ඒරෝස් පේස්" සමාගම විසින් යානා දෙකක් නිර්මාණය කිරීම අරඹා ඇති බවත් 2021 දී එය අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බවත් බිගලෝ සඳහන් කරනවා.

අඩි 55ක දිගින් යුත් හෝටලය සඳහා ඉදිකරනු ලබන මොඩියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ධාරිතාව මෙන් දෙගුණයක් පමණ වන පෞද්ගලික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ කරනු ඇති.

මෙම හෝටලය සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට අමතරව ඔහුගේ පෞද්ගලික අභ්‍යවකාශ මධ්‍යස්ථානයද පර්යේෂකයන් වෙනුවෙන් කුලියට දීමට බිගලෝ අපේක්‍ෂා කරනවා. ඔහු පවසන අන්දමට මෙම නව ව්‍යාපෘතිය මිනිසුන් වෙනුවෙන් අභ්‍යවකාශයේ ඉදිකරනු ලබන විශාලතම ඉදිකිරීම වනු ඇති.

මෙම උත්සාහය අනාගතයේදී හඳේ මිනිසුන් සඳහා ලැගුම් සැපයීමට පෙරහුරුවික් කරගත හැකි බව ද බිගලෝ සඳහන් කරනවා.

මීට පෙර 2016දී බිගලෝ සමාගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇකිළිය හැකි කුටියක් ස්ථාපිත කොට මේ අභ්‍යවකාශ නවාතැන සඳහා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා. එය හැඳින්වූයේ ඕඡ්ඒර් නමින්. මෙය නිමවා ඇත්තේ ඇලුමිනියම් සහ මෘදු රෙදිවලිනුයි. එය අඩි 12ක දිගින් යුතු වූ අතර විශ්කම්භය අඩි 10ක් වූවා. මෙහි සාර්ථකත්වය ඇසුරින් තමයි බිගලෝ නව අභ්‍යවකාශ හෝටලය හඳුන්වා දීමට පියවර ගනු ලබන්නේ.
මේ අභ්‍යවකාශ හෝටලයේ පවතින පහසුකම් එහි යෑමට අවශ්‍ය ශරීර යෝග්‍යතා හා වැය වන මුදල ආදිය පිළිබඳව ලබන වසරේදී දැනුම් දීමට හැකි වෙතැයි බිගලෝ අපේක්‍ෂා කරනවා. කෙසේ වුවත් කෙතරම් මුදල් වැය කිරීමට හැකියාව තිබුණත් එය අභ්‍යවකාශ හෝටලයේ ඉඩක් වෙන් කරවා ගැනීමට සුදුසුකමක් නොවන අතර යෑමට පෙර මාස ගණනක් තිස්සේ මුදල සංචාරකයාට පරීක්‍ෂණ රැසකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon