කවුද මේ “අදෝනිස්”

  👤  4806 readers have read this article !
2018-06-10

විජිත කේ. පතිරණ

අදෝනිස් කී විටම ඔබට කිසියම් නාමයක් සිහිවිය හැකිය. එහෙත් සැබැවින්ම "අදෝනිස්" කවුද? ඔහු ගී්‍රක මිථ්‍යා කතාවල එන පිරිපුන් තරුණයෙකි. විශිෂ්ට රූප සොබාවෙන්ද යුක්තයි. ඒ රූප ස්වභාවය නිසාම සයිප්‍රසයෙන් පැමිණි ඔහුට ආදරයේ දෙවඟන යැයි හැඳින්වූ "ඇෆ්‍රොඩයිට්" ආදරය කළාය.

මේ කතාවේ අමතක නොවන දේ නම් සියුස් නම් මහ දෙවියා අදෝනිස්ට වරමක් ලබාදීමයි. සෑම වසරකම සය මසක් පෘථිවියේදී ඇෆ්‍රොඩයිට් සමඟත්, ඉතිරි කාලය පාතාල රැජනක වූ "පර්සිෆෝන්" සමඟත් ජීවත්වන්නට ඉන් ඉඩකඩ ලැබිණි.

ඔහු හරිත ලෝකයට අධිපති දෙවියන් සේ හඳුන්වනු ලබන අතර ඒ වෙනුවෙන් උත්සවද පැවැත්වේ. ඔහුගේ මරණයත් පුනර්ජීවනයත් සොබා දහමේ ඍතුමය විපර්යාසවලින් මූර්තිමත් කෙරෙන බවටත් විශ්වාසයක් පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon