පොළොව අභ්‍යන්තරයේ වැළලුණු චිලී පතල් කම්කරුවන් 33 දෙනා ගලවාගත් මෙහෙයුම

  👤  5003 readers have read this article !
2018-06-24

ඒ චිලී රටේ අටකාමා කාන්තාරයේ පිහිටි 'සැන් ජෝස්' නම් රන් හා තඹ ආකරයයි. දිනය 2010 අගෝස්තු 5 වැනිදාය. වෙලාව දහවල් එකය. අඩි 2,500ක් ගැඹුරෙහි මිනිස්සු වැඩ කරමින් සිටියහ. එක් වරම පොළොව දෙදරවමින් මහා හඬක් නංවාගෙන, ආකරයේ කොටසක් කඩා වැටිණි. පිටතට යෑමට තිබුණු කොරිඩෝරයන් දිගේ ඒ මේ අත දිව්වද සෑම පැත්තකින්ම අවහිර වී තිබුණු බැවින් පතුලේම වැඩ කළ මිනිසුන් 33 දෙනකු භූ ගර්භය අභ්‍යන්තරයේ කොටු විය. තට්ටු 45ක බිල්ඩිමක් තරම් විශාල ටොන් 7,000ක් බර පස් කන්දකින් ඔවුන් බාහිර ලෝකයෙන් වෙන් කරනු ලැබ තිබිණි. ඔවුන් කොටු වූ භූමි ප්‍රමාණය වර්ග මීටර් 50ක් තරම් විය. ඊට අමතරව කි.මී. 2ක් පමණ විවිධ අතට විහිදුණු උමං කිහිපයක් පමණක් නිදහස්ව තිබිණි. කිසිවකු පැමිණ තමන් බේරා ගන්නාතුරු ජීවිත රැක ගත යුතු විය. වහාම කණ්ඩායම එකට එක් වී සැලසුම් සහගත ලෙස කටයුතු කිරීමට කතිකා කර ගත්තෝය.

"අපට කොතෙක් දවසක් ඉන්න වෙයිද දන්නෙ නෑ. අපි දැන් තිස්තුන් දෙනෙක් නෙවෙයි එක්කෙනෙක් ලෙස සිතිය යුතුයි. මානසිකව කඩා නොවැටීමට එකිනෙකාට උදවු කරගත යුතුයි. වඩාම වැදගත් දින තුනකට පමණක් සෑහෙන මේ ආහාර ටික රැක ගැනීම. මොනම හේතුවකටවත් තමාට ලැබෙන ප්‍රමාණයට වඩා ගැනීම තහනම්" 54 වියේ පසුවූ ලුවිස් උර්සුවා නම් වූ කණ්ඩායම් නායකයා පැවැසීය.

මේ අතර තිස්තුන් දෙනකු අතුරුදන්ව ඇති බව දැන ගත්තෙන් ඔවුන් බේරා ගැනීමට සියලු ප්‍රයත්න දරන ලදී. ස්ථාන තුනකින් ඩ්‍රිල් කරමින් දිග කේබල් යවමින් ඔවුන් සිටින තැනක් සොයා ගැනීමට කළ උත්සාහයන් සඵල කරගැනීමට දාහත් දිනක් ගතව තිබිණි. ඒ වන විට සියලු නෑදෑයන්, රට වැසියන් දහස් ගණනක් පතල් භූමියේ හඬා වැලපෙමින් සිටියේ බලාපොරොත්තු සුං කර ගනිමින්ය. එහෙත් 17 වැනි දිනයේ ඔවුන්ට සතුටුදායක පුවතක් ලැබිණි. ඉහළට ආපසු ගත් කේබලයත් සමඟ ලියුම් කැබැල්ලක් ලැබුණේය. "අපි තිස්තුන් දෙනා තවමත් ජීවතුන් අතර ඉන්නවා" එහි සඳහන් විය.


ඔවුන් වෙත ළඟා වීමට මාර්ගයක් විවර වී ඇත. අමන්දානන්දයට පත් පිරිස මහ හඬ නඟමින් පී්‍රති ඝෝෂා පවත්වන්නට වූහ. ඒ තුළින් සී.සී.ටී.වී. කැමරාවක් යවා පවුල්වල අයට ඔවුන් දැක ගැනීමට ඉඩ සැලසුණු මොහොත බොහෝ හැඟීම් බරවූ අතර, එය ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් නරඹන ලදී. වෛද්‍ය කණ්ඩායමක් මඟින් ඔක්සිජන් සහ ආහාර සපයමින් ඔවුන්ව ජීවත් කරවන ලදී. එහෙත් ඔවුන් ගොඩට ගැනීමට නම් මේ මාර්ගය අඩු තරමින් අඩියක් වත් පළල් කරගත යුතු විය. ලොකුම අභියෝගය වූයේ එයයි. ඒ සඳහා ර්ථීතචද ඒ,ඕ,ඛ් යනුවෙන් ස්ථාන තුනකින් ඩ්‍රිල් කිරීම ආරම්භ කළද කාන්තාරයේ ඝන පොළොව සැතපුම් බාගයක් තරම් මෙම දුරට කැණීමට මාස තුනක්වත් ගත වන බව පෙනිණි. එතෙක් ඔවුන් කෙසේ නම් දිවි රැක ගන්නද? පස් බුරුල් කිරීම සඳහා ජලය ගෙන ආ යුතු වූයේද දුෂ්කර මාර්ගයකිනි. සැලසුම් අඩාලව පැවැති මොහොතක ඇමෙරිකාවේ ඉන්ජිනේරු තාක්ෂණ ප්‍රවීණයකු වූ ඕපචදඤධද ජ්ඪඵඩඥප ඔහු සතු සියලු ආම්පන්නත්, පුහුණු කණ්ඩායමත් සමඟ පැමිණියේය. දින 52ක් පුරා කළ දැවැන්ත මෙහෙයුමකින් අඩියක පමණ විෂ්කම්භයකින් යුතු මාර්ගයක් ඝන පොළොව කැණ නිර්මාණය කරගන්නා ලදී.

වරකට එක් මිනිසකුට නැඟ ගත හැකි හෘද ස්පන්දන මොනිටර්, ඔක්සිජන්, සන්නිවේදන උපකරණ සවි කළ ජ්ඥදඪය 2 නමැති අඟල් 21ක විෂ්කම්භයකින් යුතු කැප්සියුලය ඒ තුළින් බස්සවා එකිනෙකා බැගින් පිටතට ගැනීමට සැලසුම් කරන ලදී. කිලෝ අටකටත් වඩා බර අඩු වී, අතිශයින්ම දුර්වලව සිටි ඔවුන්ට ලේ කැටි ගැසීම වැළැක්වීමට ඇස්පී්‍රන්ද, ලවණ වර්ග, ග්ලූකෝස් අඩංගු දියර ආහාරද ලබා දුන්නේ කැප්සියුලයට ගොඩවීමට පැය හයකට පෙරය. හිරු එළියට එකවර නිරාවරණය වීම වැළැක්වීමට සන්ග්ලාසස්ද සපයන ලදී.

මිනිසුන් 33 දෙනෙක්, අඩි 2,500ක් ගැඹුරු මහපොළොව යට වැළලී නොගියේ කිනම් ප්‍රතිහාර්යයකින්ද? පොළොව යට සිටි මිනිසුන් කටයුතු කළ ආකාරයත්, ඔවුන් බේරා ගැනීමට පිටත සිටි අය ඒකාත්මිකව ගෙන ගිය සටනේත් ප්‍රතිඵලයම නොවේද? මේ අප්‍රතිහත ධෛර්යයට කුමන අයහපත් වාතාවරණයකදීවත් අත්නොහැරීම, අසීමිත දරා ගැනීමේ ශක්තිය, ඉවසිලිවන්තභාවය, කණ්ඩායම් හැඟීමේ වටිනාකම කියාදුන් කතන්දරයකි. මේ ඉන්ජිනේරු තාක්ෂණයේ නවීන ප්‍රවණතා ලොවට පෙන්වා දුන් දුර්ලභ අවස්ථාවකි. ලොව පුරා මිනිසුන් වෙන් වෙන්ව ජීවත් වුවත් මෙවන් ව්‍යසනයකදී එකාවන්ව ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බව කියැවුණු මොහොතකි. එහෙත් විද්වතුන් පෙන්වා දෙන්නේ මේ සියල්ලට අමතරව ඔවුන් තුළ තම පවුලේ අය වෙනුවෙන් තිබූ අසීමිත ආදරයත්, තම තමන් අදහන ආගම පිළිබඳ තිබූ අසීමිත විශ්වාසයත් විසින් ඇති කළ මානසික ශක්තිය දින 69ක් ජීවිතය පවත්වා දුන් බවයි.

ඔවුන් පතලේ වැළලී ගොස් හරියටම දින 69කට පසු ඔක්තෝබර් 12 රාත්‍රි හතට රැස්ව සිටි සියලු දෙනා ගැයූ චිලී ජාතික ගීයේ හඬ මැදින්ම ගලවා ගැනීමේ කණ්ඩායමේ ර්චදභඥත ට්ධදලචතඥල කැප්සියුලයෙන් පතලට බසින ලදී. ඒ අවස්ථාවට ඛ්ඩඪතඥ'ඵ ජනාධිපති ඉඥඡචඵබඪචද ර්ථීඪදඥපච එක් වී සිටියේය. වඩා ශක්ති සම්පන්න වූ ජ්තධපඥදජඪධ ඒමචතධඵ වූ පළමුවැනියා පතලෙන් පිටතට එන විට මුළු චිලියේම දේවස්ථාන ඝණ්ටා නාදයෙන් ඇලළී ගියේය. වරක් පතලට බැසීමට විනාඩි 18ක් ගතවූ කැප්සියුලය 39 වාරයක් එනම් කි.මී. 50ක දුරක් ඉහළ පහළ ගමන් කරමින් 33 දෙනාම පිටතට ගත් ඒ මොහොත ලෝක ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සනිටුහන් විය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon