සාම සාකච්ඡා නොහොත් නොකෙරුණු තොවිලය

  👤  4032 readers have read this article !
2018-07-01

උදේනි සමන් කුමාර

නොකෙරෙන තොවිලයට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෑ බවට ගමේ කතාවක් තිබේ. මෙයත් නොකෙරුණු තොවිලයකි. මේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කොටුව ජනාධිපති මන්දිරයේ නිල කාමරයයි. වර්ෂ 1987 විය යුතුය. ප්‍රේමදාස මහතාගේ වම් පැත්තේ සිටින්නේ එජාප කැබිනට්ටුවේ විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඩ් මහතාය.

හමීඩ් පුංචි වුණාට හමීඩ්ගේ වැඩ පුංචි නැත. ඔහු ප්‍රේමදාස පාලනයේත්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේත් එක දිගට අවුරුදු 16ක් විදේශ ඇමැති ධුරය දැරුවේය. තතු දන්නා අය කියන්නේ හමීඩ් ඒ කාලේ ලංකාවට ආවේ ඉඳහිට බවටය. ඒත් ඇඳුම් බෑගය මාරු කර ගැනීම සඳහාය. එහෙමය කියා ඔහු ඇමෙරිකාවේ හෝ බි්‍රතාන්‍යයේද ජීවත් වූයේ නැත. අවුරුදු 16න් වැඩි කාලයක් ඔහු සිටියේ ගුවන් ගතවය. සෑම මොහොතකම ගුවන් යානයකින් එක් රටක සිට තවත් රටකට පියාසර කරමින් සිටියේය. කොතෙක් රට රටවලට ගියාද කියනවා නම් ලංකාවේ කාටූන්කාරයෝ හැම විටම හමීඩ් ඇන්දේ දෑත් දෙපසට විදා අහසේ යන ගුවන් යානයක් පරිද්දෙනි.

ඡායාරූපයේ දකුණු පැත්තේ කැපී පෙනෙන උඩුරැවුලක් සහිතව සිටින කඩවසම් පුද්ගලයා එවකට කොටි සංවිධානයේ නියෝජ්‍ය නායකය වූ මහත්තයාය. ඔහු සිටින්නේ ගැඹුරු කල්පනාවක බව පෙනේ. ප්‍රේමදාස මහතා කියන අන්දමට වැඩේ ගොඩදාගත්තොත් හොඳ බවත් එහෙත් ප්‍රභාකරන් කිසිසේත් ආණ්ඩුවේ යෝජනාවලට එකඟ නොවන බවත් සක් සුදක්සේ පැහැදිලි බවත් මහත්තයාගේ මුහුණෙ දෙගිඩියාවෙන් පෙනේ.

මහත්තයාගේ වම් පසින් සිටින්නේ එල්ටීටීඊ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ය. උපැස් යුවළ පැලැඳ සුදු අත්කොට කමිසයකින් සැරසී සිටින ඔහු දෑතේ ඇඟිලි පොකුරු පටලවා දබර ඇඟිලි ඉදිරියට ගෙන එකිනෙක ගටමින් හිතේ ආතතිය මුදා හරින බව පෙනේ. බාලසිංහම්ගේ වම් පසින් සිටින්නේ එකල කොටි සංවිධානයේ ඉදිරිපෙළ සාමාජිකයකු වූ දිලිප් යෝගිය.

කොටි සංවිධානය හා ලංකාණ්ඩුව අතර ප්‍රභාකරන් සහ මහාචාර්ය ජී.ඇල්. පීරිස් අස්සන් කළ සාම ගිවිසුම අවස්ථාවේ ඊට අනුව කොටි සංවිධානය අවි භාරදීමට නියම විය. ඒ අවස්ථාවේ අවි භාරදීම සංකේතවත් කළේ හමුදාපති ජෙනරාල් සේපාල ආටිගලට දිලිප් යෝගි ඔහුගේ ඉස්තරම් බ්‍රවුනිං පිස්තෝලය භාර දීමෙනි. දිලිප් යෝගි ඊළාම් යුද්ධය නිමා වන විට කොටි සංවිධානයෙන් ඉවත්ව රටින් බැහැරව තිබිණි.

ඔවුන් තිදෙනාට පිටුපසින් ජනාධිපතිවරයාගේ වම් පැත්තේ අසුන්ගෙන සිටින්නේ නායකයන්ගේ ආරක්ෂකයන් හෝ වෙනත් කොටි සාමාජිකයන් විය හැකිය.

එල්ටීටීඊ නායකයන්ගේ අපේක්ෂාභංග මුහුණු ඡායාරූපයේ වීදුරුව මත පිළිබිඹු වන සේ ඉලක්කය ගැනීමට සුදත් සිල්වා සමත් වී තිබේ. සාකච්ඡාවේ වැදගත් යමක් නොවන බව මැනැවින් දන්නා යෝගි සිය මුළු අවදානයම දුරකථනයක් වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණයකට යොමු කර සිටී. එය කිසිසේත්ම ඉර්ඒඅඊ දුරකථනයක් විය නොහැකිය ඒ කාලේ තිබුණේ ගඩොල් භාග වැනි දුරකථනය. දැන්නම් මෙයට වඩා බරපතළ සාකච්ඡාවලදීත් මැති ඇමැතිවරු ජ්ඒඛ්ඡ්ඕර්ණීර්ණීම් යති. මේ සිදුවීම වන අවධියේ ජ්ඒඛ්ඡ්ඕර්ණීර්ණීම් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉන්නට ඇත්තේ හතරවැනි පන්තියේය.

දැන් මේ ඡායාරූපයට සම්බන්ධ කතාවේ පසුවදනට යොමු විය යුතුය. ජනාධිපති ප්‍රේමදාස මහතා 1993 මැයි 1දා එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලදී. එජාප ආණ්ඩුව 1994 පරාජයට පත්වන විට ඒ.සී.එස්. හමීඩ් එජාප සභාපති තනතුරේ සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකකමට පැමිණි පසු හමීඩ් තනතුරෙන් පහළට දැමීය. ඔහු කලක් රෝගාතුරව සිටියේය. එයට හේතුව පක්ෂයෙන් පලා බෙදීම නිසා ඇති වූ හිතේ අමාරුව යැයි සමහරු කීහ. 1999 සැප්තැම්බර් 3දා ඒ.සී.එස්. හමීඩ් මිය ගියේය.

කොටි සංවිධානයේ නියෝජ්‍ය නායක මහත්තයාගේ නම ගෝපාල ස්වාමි මහේන්ද්‍ර රාජාය. ඔහු 1986 විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් සිටියදී එල්ටීටීඊ යට සම්බන්ධ වූ අයෙකි. සාම සාකච්ඡා බිඳ වැටී කෙටි කලකින් ඉන්දීය 'රෝ' ඔත්තු සේවය සමඟ සබඳතා පැවැත්වී යැයි සැක කොට කොටින්ගේ අත්අඩංගුවට ගත් මහත්තයා 1994 දෙසැම්බර් 28දා කොටි සංවිධානය විසින්ම ඝාතනය කර ඇත.

කොටි සංවිධානයේ දේශපාලන න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් ලන්ඩන් පුරවැසියෙකි. ප්‍රභාකරන්ගේ කිට්ටුම හිතෛෂිවන්තයාය. නිතර ලංකාවට ආව ගියේය. ඔහු එක්වරක් ආගමන විගමන නීතිවලටද පිටින් ඛ්ඥච ර්ථීතචද එකක නැඟී වන්නියේ ඉරණමඩු වැවෙන් ගොඩ බැස්සේය. රෝගාබාධ කිහිපයකින් පීඩා විඳි ඔහු 2006 මාර්තු 4දා මිය ගියේය. මේ ඡායාරූපයේ සිටින අයගෙන් දිලිප් යෝගි හැර සෙස්සෝ ජීවතුන් අතර නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon