ජීවිත 12ක් බිලිගත් අවුරෝරා century 16 සිනමාහලේ වෙඩි තැබීම

  👤  3341 readers have read this article !
2018-07-08

'අද සිනමා දර්ශනය තවම ආරම්භ වූයේ නෑ. විනාඩි විස්සක් ප්‍රමාදයි'

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ අවුරෝරාහි පිහිටි ජඥදබභපර 16 සිනමා ශාලාවේ සිට ජෙසිකා අන්තර්ජාලයට ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ ඒ ගැන මැසිවිලි නඟමිනි. එහෙත් එය ඇගේ අවසාන සටහන බව ඇය නොදැන සිටියාය. ඇය අසලම තම දරු දෙදෙනාත් සමඟ තරුණ යුවළක්ද වාඩි වී සිටියේ සිනමා දර්ශන නැරැඹීමේ බලාපොරොත්තු සහගත සිතිනි.

ඒ 2012 ජූලි 20 දිනය. මධ්‍යම රාත්‍රි දර්ශනය සඳහා ජඥදබභපර 16 සිනමා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ, එදිනට පෙන්වීමට නියමිත සිනමා දර්ශනය වූ වාර්තා බිඳ හෙලූ සිනමා පටයක් වූ වර්නර් සහෝදරයන් විසින් නිෂ්පාදිත ඊඩඥ ඤචපඬ දඪඨඩබ පඪඵඥඵ නැරැඹීමටය.

වෙලාව මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 38කි. සිනමා දර්ශනය ආරම්භ වී විනාඩි කිහිපයක් ගත වෙමින් පැවතිණි. ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි තරුණයකු හදිසියේ නැඟිට සිට ගත්තේය. ඔහු දුරකථන ඇමතුමකට කතා කරමින් සිටින බවක් පෙන්වමින්, හදිසි පිටවීමේ ‍ෙදාරෙන් පිටව ගියේය. ඒ එක්කම වාගේ ගෑස් ආවරණයක් පැලඳගෙන නැවත පැමිණි ඔහු මහා කඳුළු ගෑස් ප්‍රහාරයක් සිනමා ශාලාව තුළට එල්ල කළේය. මොහොතකින් මුළු සිනමා ශාලාව දුමින් පිරී ගියේය. ඒ නැඟිට ගිය තරුණයා ජේම්ස් හෝම්ස් බව ඒ මොහොතේ කිසිවකුත් දැන සිටියේ නැත. ඒ සමඟම සිනමා ශාලාවට ඇතුළු වූ ඔහු නරඹන්නන් ඉදිරි පිට සිට ගෙන ඤචපඬ දඪඨඩබ ජධථඪජ චිත්‍රපටයේ දර්ශනයක් වූ නරඹන්නන්ට වෙඩි තැබීමේ දර්ශනය ජීවමාන කරමින් සතර අතට වෙඩි වරුසාවක් මුදා හැරියේය.

'අපිට කිසිවක් සිතා ගැනීමට බැරි වුණා. කඳුළු ගෑස් වැදී දැවිල්ල ගත් දෑස් ඇර ගන්නටත් බැරිව අපි අන්ත අසරණ බවකට පත් වුණේ. සියලු දෙනාම විලාප තබමින් එකිනෙකා පෙරළාගෙන පිටවීමේ ‍ෙදාරටුව සොයා මහා කලබලයක් ඇති කළා. ඒ අතර වෙඩි වැදී කිහිප දෙනෙක්ම මියගියා. බොහෝ අය තුවාල ලැබුවා. දෙවියනේ මෙවැනි දේවල් නම් කිසිවකුටවත් සිදු වන්න එපා' තම කුඩා දරු දෙදෙනාවද ආරක්‍ෂා කොටගෙන අනූනවයෙන් දිවිගලවාගත් පියකු පැවසුවේය.

ජීවිත ‍ෙදාළහක් බිලිගෙන හැත්තෑ දෙනෙක් බරපතළ ලෙස තුවාල ලැබූ මේ සිදුවීම සිදුවූ වහාම පොලිසිය විසින් හෝම්ස්ව අත්අඩංගුවට ගත්තේය. කිසිම විරෝධතාවක් නොදක්වා සිනමා ශාලාව පිටුපස ඔහුගේ මෝටර් රථය අසලට වී සිටි ඔහු තමා මෙහි පැමිණීමට පෙර තම නවාතැන පුපුරවා හැරීමට බෝම්බයක්ද සවි කොට පැමිණි බව පොලිසියට පවසා ඇත්තේ සිදුවීමේ බරපතළකම ගැන අවබෝධයක් නැතිවා සේය.

මෙම ජඥදබභපර 16 ඔහු තෝරාගෙන තිබුණේ එය පොලිසියට දුරින් තිබීමත්, පහසුවෙන් ‍ෙදාරවල් වසා වැඩි පුර ගණනක් එහි කොටුකර ගැනීමටත් හැකියාව තිබුණු බැවිනි. ඔහු මධ්‍යම රාත්‍රි සිනමා දර්ශනය ඉලක්ක කොට ගෙන ඇත්තේ ඒ දර්ශනයට දරුවන් අඩුවෙන් පැමිණෙන බැවිනි. බෝම්බ ප්‍රහාරයක්, රසායනික ද්‍රව්‍ය භාවිතාවක් ආදී විවිධ ක්‍රම ඔහු විසින් සලකා බලා තිබූ අතර ඒවා පාවිච්චි නොකළේ එයින් තමාටද හානි වීමට ඉඩකඩ ඇති බැවින් යැයිද ඔහු පවසා ඇත. 2012 මැයි 22 සිට ජුනි 7 දක්වා කාලය තුළ පිස්තෝල දෙකක් ස්වයංක්‍රිය රයිපලයක්ද නීත්‍යනුකූල ලෙස මිලදීගෙන ඇත. ඒවාට අවශ්‍ය උණ්ඩද කඳුළු ගෑස් බෝම්බද සූදානම් කරගෙන තිබේ. මෙයින් පෙනී යන්නේ ඔහු මෙම ඝාතන සැලසුම ඉතා ක්‍රමවත්ව සිතාමතා සිදු කර ඇති බවකි. එය හදිසි මානසික විපර්යාසයකින් සිදු නොවූවක් බව පෙන්වා දීමට දිගින් දිගටම නීතිඥයන්ට කරුණු දැක්වීමට එය අවස්ථාවක් විය. ඝාතන සිද්ධියට පැය කීපයකට පෙර හෝම්ස් විසින් ඔහුගේ මනෝ වෛද්‍යවරයාට ලියන ලද දීර්ඝ සටහන් සහිත පොතක් විශ්වවිද්‍යාල විවේක කාමරය තුළ තිබී පසුව හමුවිය. මෙය සිදු කිරීමට විනාඩි කිහිපයකට පෙර ඔහු විසින් අන්තර්ජාල මනෝ උපදේශන සේවාවක පිහිට පතා කතා කර තිබුණේ මෙයින් තමාව ගලවා ගන්නට උපදෙස් පතාය. එහෙත් අවාසනාවකට ඔහුට කිසිවකු සම්බන්ධ කරගත නොහැකි විය.

1987 දෙසැම්බර් 13 උපන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්දියාගෝහි උපන් ජේම්ස් ඊගන් හෝම්ස් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ව්ඥභපධඵජඪඥදජඥ උපාධිධාරියෙකි. හෝම්ස්ගේ පියා විද්‍යා ආචාර්යවරයෙකි. මව හෙද නිලධාරිනියකි. ඔහුට සිටියේ එක් සොහොයුරියක් පමණි. ඔහුගේ ළමා කාලය සාමාන්‍ය අයුරින් ගෙවූ අතර පාපන්දු හා ගම හරහා දිවීම් තරගවලටද දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකුද විය. තරුණ වියට එළැඹෙත්ම ඔහු මානසික රෝගියකුගේ ලක්ෂණ වරින්වර පෙන්වූ බැවින් ප්‍රතිකාර ගැනීමට සිදුවිය. බොහෝ පිරිසක් එකවර මරා දැමීමට නැවත නැවත ඇතිවන වුවමනාවෙන් ඔහු පෙළුණු බව කියැවේ.

ඔහු මානසික වෛද්‍යවරුන්ටද මේ බව සඳහන් කොට තිබිණි. මේ සිදුවීම ලෝකය පුරා දැඩි කම්පනයක් ඇති කළ අතර මෙවැනි සිදුවීම්වලට පෙලඹෙන මානසික තත්ත්ව කල් ඇතිව හඳුනාගෙන පිළියම් යෙදීමේ අවශ්‍යතාව ඇමෙරිකාවේ දේශපාලනය තුළත් සිවිල් සමාජය තුළත් බොහෝ ලෙස කතිකාවට ලක්විණි.

සිය පුත්‍රයා තදබල මානසික රෝගියකු බැවින් මරණ දඬුවම නොදෙන ලෙස හෝම්ස්ගේ පියා ආයාචනය කළද ජූරියේ ඒකමතික තීරණය වූයේ ඔහුට කිසිසේත් අනුකම්පා කළ නොහැකි බවත් ඔහු නැවත සමාජයට එක් කිරීමට නුසුදුසු තත්ත්වයක සිටින බවත්ය. දිගින් දිගටම වසර කීපයක්ම ඇසුණු නඩුවෙන් අවසානයේ තීරණය වූයේ හෝම්ස්ට මියගිය ‍ෙදාළොස් දෙනා වෙනුවෙන් මරණ දඬුවම් ‍ෙදාළසකුත් වසර 3318ක සිරගතවීමකුත්ය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon