අධි සංවේදී පරිලෝකන හෙල්මට් ස්කෑනරයක්

  👤  3357 readers have read this article !
2018-07-08

බි්‍රතාන්‍ය විද්‍යාඥයෝ, මොළය මූර්තිමත් කිරීමේ ශක්තියෙන් යුත් බරින් ඉතා අඩු, එහෙත් අධිසංවේදීතාවක් ඇති හෙල්මටයක් මෙන් කෙනකුට පැලඳ ගත හැකි විද්‍යුත් උපකරණයක් නිෂ්පාදනය කර ඇත. එය හිසෙහි පැලඳ ගන්නා කෙනකුට කිසිදු අපහසුවක් නැතිව ඔබමොබ ගමන් කිරීමටද පිළිවන. මෙය පරිලෝකන හෙවත් ස්කෑන් යන්ත්‍රයකි. පරීක්ෂණයට භාජන වීම සඳහා මෙය හිස පැලඳ ගන්නා රෝගියකුට ඔහුගේ හෝ ඇගේ හිස ඒ මේ අතට හැරවීමටත් හිස සැලීමටත් පමණක් නොව තේ පානය කිරීමට මෙන්ම මේස පන්දු ක්‍රීඩාවෙහි යෙදීමට පවා පිළිවන. රෝගියා ඒ කුමන කාර්යයක හෝ යෙදෙද්දී මේ ස්කෑනරය විසින් ඔහුගේ හෝ ඇයගේ මොළයේ ක්‍රියාකාරිත්වය මිලි තත්ත්පරයෙන් තත්ත්පරයට සටහන් කර ගනු ලැබේ. මෙම පරිලෝකන හෙල්මටයේ විද්‍යුත් චුම්බක නිධිකර්පර රේඛනය (ර්චඨදඥ බධඥදජඥනඩචතධඨපචනඩර) මඟින් එම කාර්යය ඉටු කැරෙන අතර එය මොළයේ රෝග පරීක්ෂා කරන විකිත්සක ක්‍රමයකි.

අපස්මාර රෝගයෙන් පෙළෙන ළමයින් පාකින්සන් වැනි රෝගාබාධවලට ලක්ව සිටින්නන් හා බිලිඳුන්ද මේ ස්කෑනරයෙන් පරීක්ෂණයට භාජන කළ හැකියැයි විද්‍යාඥයෝ කියති. මිනිස් මොළය මූර්තිමත් කිරීමේ වෛද්‍ය විද්‍යානුකූල ක්‍රියාවලිය විප්ලවයකට භාජන කිරීමට මෙන්ම එහිදී උද්ගතවන විද්‍යාත්මක හා සායනික ගැටලු වඩාත් පහසුවෙන් විස¼දාගත හැකි මං පාදා ගැනීමටත් මේ හෙල්මට් ස්කෑනරය මහෝපකාරී වෙතැයි ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ මානව ස්නායු පර්යේෂණ කේන්ද්‍රයේ මහාචාර්ය ගැරත් බාර්න්ස් ප්‍රකාශ කළේය. ඔහු මෙය නිර්මාණය කිරීමේ කටයුතු මෙහෙයවීමේ සහායකයෙකි. මෙම ස්කෑනරයෙන් මැනීම සදහා මිනිස් මොළයේ චුම්භක ක්‍ෂේත්‍රය, සෙල්සියස් ඝෘණ අංශක 269 තරම් පහළ මට්ටමක් තබා ගත යුතු වන හෙයින් ඒ සඳහා මෙම ස්කෑනරයෙහි යෙදී තිබෙන සංවේදක නිසා මෙය දැන් බරින් ටොන් බාගයක් පමණ වන බවත් ඒ නිසාම මෙය හසුරුවා ගැනීම අපහසු බවත් මහාචාර්ය බාර්න්ස් ප්‍රකාශ කරයි. එකම ඉරියව්වකින් වැඩි වේලාවක් සිටීමට නුපුළුවන් ළමයින් හා වැඩිහිටියන් පරීක්ෂා කරනු පිණිස මෙය යොදා ගැනීමේදී දුෂ්කරතා ඇති වන්නේ රෝගියකුගේ ඉරියව්ව ඉතාම සුළු වශයෙන් හෝ වෙනස් වීමකදී මෙම ස්කෑනරයෙහි සටහන් මස්තිෂ්ක මූර්තිය, පාවිච්චි නොකළ හැකි තත්ත්වයට පත් වන හෙයිනි.

හෙල්මට් ස්කෑනරයේ එම දුෂ්කරතා ජය ගැනීමෙහි යුහුසුලු වූ විද්‍යාඥයෝ ඒ සඳහා "ක්වොන්ටම සංවේදක" - එක්ස් කිරණ ආදී විද්‍යුත් චුම්බක තරංග හා සම්බන්ධ වන නිත්‍ය ශක්ති ප්‍රමාණය සහිත සංවේදක - යොදා ගත්හ. එය බරෙන් අඩුවිය. ඇවුරුණු තැනක උෂ්ණත්වය තුළ පවා යොදා ගත හැකි විය. එක එල්ලේම රෝගියාගේ හිස් කබල මත යෙදිය හැකි විය. ඒවාට ග්‍රහණය කර ගත හැකි වූ සංඥා ප්‍රමාණයද වැඩිවිය. ඒ සියලු ජයග්‍රාහී උපක්‍රමවල විශිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන් එකම ඉරියව්වකින් වැඩි වේලාවක් සිටීමට නුපුළුවන්. රෝගීන්ගේ මොළය මූර්තිමත් කර ගැනීමේදී බෙහෙවින් වැඩි සංවේදීතාවක් ඒ සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ සමත්වූහ. වැඩිහිටියන් විෂයෙහි මෙම ස්කෑනරය යොදා ගැනීමේදී එම සංවේදීතාව හතර ගුණයකින්ද ළදරුවන් සඳහා යොදා ගැනීමේදී එය 20 ගුණයක්, 25 ගුණයක් අතර ප්‍රමාණයකින්ද වර්ධනය වෙයි.

වැඩි වේලාවක් නොසැලී සිටිය නොහැකි රෝගීන් පිළිබඳ ගැටලුව විසඳුණා පමණක් නොව කෙනකු ඔහුගේ දෛනික කටයුතුවල හෝ සමාජ අන්තර් ක්‍රියාවල හෝ යෙදී සිටියදී වුවද, අලුතෙන් නිර්මිත හෙල්මට් ස්කෑනරය මඟින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය මැනීමටද හැකි වී තිබේ යැයි නව නිර්මාණයේ මූලාකෘතිය සැලැසුම් කිරීමට මහාචාර්ය ගැරත් බාර්න්ස්ට එක්වූ මැට් බෘෘක්ස් නමැති විද්‍යාඥයා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් සඳහන් කළ පරිදි මොළයේ ක්‍රියාකාරී ශක්තිය පිළිබඳ පමණක් නොව ස්නායුවේදය, ස්නායු ශක්ති හීනතාව හා මානසික සෞඛ්‍යය යනාදී අංශ කීපයක් පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමේ හැකියාවක්ද මෙහි තිබේ. සාම්ප්‍රදායික පරිලෝකන (ස්කෑනිං) ක්‍රියාවලියේදී මෙන් නොව මීට අදාළ ක්‍රියාවලියේදී සිය හිස ඒ මේ අතට හැරවීමට රෝගියාට බාධාවක් නැත.

"හෙල්මට්" මස්තිෂ්ක ස්කෑනරයක වැඩි ඵලදායිතාව
මොළයේ පරීක්ෂාවට භාජන වීම සඳහා නවීන හෙල්මට් ස්කෑනරය පලඳින තැනැත්තාට නිදහසේ සිය වැඩ කටයුතුවල යෙදෙන්නට හැකිවීම විශේෂත්වයකි. කොන්ටම සංවේදකවල මනා ක්‍රියාකාරිත්වය සඳහා භූමියේ චුම්බක ක්‍ෂේත්‍රය බෙහෙවින් කුඩා කළ යුතු වන හෙයින් ඒ සඳහා විද්‍යුත් චුම්භක දඟර නිපදවා ගත් පරියේෂකයෝ ඒවා රෝගියා සිටින කාමරයේ දෙපස බිත්තිවල සවි කරති. රෝගියා "ආවරණ භීතිකාවට" ඇවුරුණු තැනකට ඇතුළු වීමට හෝ එවැනි තැනක සිටීමට සමහරුන් දක්වන බිය (ඛ්තචභඵබපධනඩධඡඪච) ලක්වීමද එයින් වැළකෙයි.

"විද්‍යුත්චුම්බක නිධිකර්පර රේඛනය" ස්නායුවේදය පිළිබඳ ක්‍ෂේත්‍රයෙහි අතිශයින්ම අගනා මෙවලමක් වන නමුත් ඒ සඳහා ගිය වියදම අධික වීමත් පරිහරණයේ අපහසුතාවත් නිසා එය පුළුල් භාවිතයෙන් අෑත් විය. පැරැණි ස්කෑනරය සම්බන්ධයෙන් පැවැති සියලු දුෂ්කරතා නව හෙල්මට් ස්කෑනරය නිසා බැහැර වූ හෙයින් අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිකර ගැනීමට හැකි වන අතරම එය සායනික භාවිතය සඳහා යොදා ගැනෙන හෙයින් අදාළ රෝගීනටද බෙහෙවින් ඵලදායක වෙයි.

පරිවර්තනය -ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon