යක්ෂ ගෝත්‍රික ගිරි සෙන්පති ඔහුගේ බිසොවුන් කවිලාශපාලී දිරිය දියණි කුවේණී බලන් ඒ තතු සොඳිනී

  👤  3449 readers have read this article !
2018-07-08

අවුරුදු දෙදහසකට අධික කාලයක් පොළොවේ වැළලී ගිය ඓතිහාසික සත්‍ය හෙළිදරව්වක් සිද්ධියක් රටට එළිදරව් කිරීම පිණිසයි

ගල්ගමුව ආසනයේ ගිරිබාව දිසාපති කොට්ඨාසයේ සංගප්පාලීය ගමේ අවුරුදු දෙදහසකට පමණ පෙර ජීවත්ව ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්ය. යක්ෂ ගෝත්‍රික ගිරිබාර සෙන්පතිතුමාත් එම බිසව කවිලාශ පාලියත් ඒ අයගේ දුව කුවේණියත් ජීවත් වූයේ සංගප්පාලීය ගමේය. මේ අය ජීවත් වූ මාලිගයේ නටබුන් අදටත් ඇත. එකල පෝදිලිහේන වෙළෙඳපොළ යනුවෙන් පොදු වෙළෙඳපොළක් තිබූ බවත් ඒ වෙළෙඳපොළට ගිය කවිලාෂපාලිය බිසවට ඉන්දියාවෙන් පැමිණි පුන්ණ නම් වෙළෙන්දා මුණගැසී පිළිසඳර සාකච්ඡාවක යෙදී දඹදිව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බවත් බුදුගුණත් අසා පැහැදී බුද්ධානුස්සති භාවනාව වඩා සෝවාන් සකෘදාගාමී අනාගාමීත්වයට පත්ව ඇත. මේ බව පිළිනොගත් ගිරිබාර සෙන්පතිතුමා ඔහුගේ යක්ෂ ගෝත්‍රික ප්‍රතිපත්තිම අනුගමනය කළේය. අනාගාමී වූ කවිලාශපාලි බිසවට නිදහස් තැනක් සකසා දෙන ලෙස කළ ඉල්ලීමට සංගප්පාලීය කන්දේ ගල්ගුහාවල කටාරන් කොටා සකස් කර එම ගල් ගුහාවල තැන්පත් කළ බවත් ගිරිබාර සෙන්පතිතුමාගේ ඇවෑමෙන් පසු කුවේණිය තම්මන්නා අඩවියේ ප්‍රදේශාධිපතිව එහි ගොස් විජය කුමරුට හසු වූ බවත් ඉතිහාසගතව ඇති මෙය සත්‍යයකි.

මේ වැළලුණු අතීතය අනාගතයේදී රටට දැනගැනීම සඳහා කවිලාශපාලි මෙහෙණින් වහන්සේගේ රූපයත් කුවේණියගේ රූපයත් නිර්මාණය කර ඒම ස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු කරන මෙන් ජාතියේ නාමයෙන් මෙයින් ඉල්ලා සිටිමි.

පෙම් පෙන්නා කත කුවේණිය විජයිඳුට
දන් දුන්නා සිරිලක රජකම ඔහුට
උන් තුන්දෙනා විසු මාලිගය ගලපිට
යන් අපි බලන්නට සංගප්පාලීයට
මාර්ග විස්තරය: ගල්ගමුව ආණමඩු පාරේ ඉහළගම හන්දියෙන් හැරී නොච්චිය, කුඩාවැව, සංගප්පාලය.

දේශීය වෛද්‍ය එස්. ආර්. ජී. පියදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon