අලංකාරයි සුන්දරයි මේ කලාව නම් අමූර්තය

  👤  2430 readers have read this article !
2018-07-22

ස්වභාවිකත්වයෙන් අෑත්ව යමින් කිසියම් නිරූපණයක් කිරීමේ සිතුවම් කලාව 'අමූර්ත කලාව' ලෙසින් හැඳින්වෙයි. එය ප්‍රකාශනයෙන් තොර, කලාවක් හෙවත් 'අලංකාරත්වය බහුල වූ කලාවක්' ලෙස දැක්වීම වඩාත් උචිතය. මෙය බොහෝ සෙයින් බලපාන්නේ, විස්තර කෙරෙන්නේ චිත්‍ර හා මූර්ති කලාවන් හා බැඳීය.
මෙය හැඳින්වෙන සරල අදහස මෙසේ දැක්විය හැකිය.

'බාහිර ලෝකයට අයත ්වන යම් කිසි වස්තුවක් එහි තිබෙන ස්වරූපය මකා දමන්නේ නැතිව, යම් කිසි ආකාරයකින් විකෘති කොට කරනු ලබන නිර්මාණය' මේ සමඟ දැක්වෙන සිතුවම හොඳින් නිරීක්ෂණය කරතොත් එහි වන යම් විකෘති කිරීමක සාම්ප්‍රදායික ලක්ෂණ මතු වී පෙනෙනු ඇත. එය තවත් විදියකට විස්තර කරතොත් මෙසේය.
'බාහිර ස්වරූපය සලකා යම් කිසි ආකාරයෙන් විධිමත්ව, කෙරෙන ජ්‍යාමිතික රටාවක්ද මෙම සම්ප්‍රදායට අයත් ලක්ෂණය.'

මේ පිළිබඳව වැඩිදුර හදාරන විද්වතුන් කියා තිබෙන්නේ අමූර්ත කලාවේ බිහිවීමට ප්ලේටෝ හා ඇරිස්ටෝටල්ගේ දාර්ශනික මතවාදයන් බලපා ඇති බවය.

යම් කිසි දෙයක හැඩය සරල රේඛා, වක්‍ර රූප හා ඝන රූප මඟින් ක්‍රමවත් සම්මුතියකට අනුව සකස් කිරීමෙන් සුන්දරත්වයක් මතුවීම මින් ප්‍රකාශිතඅරුත පණ ගන්වයි. එය හරයයි.

මෙම අමූර්ත කලාවෙහිලා සැලකිය හැකි ආකාරයේ ලක්ෂණ ඉපැරැණි මිසර, ග්‍රීක, රෝමනෙස්ක්, බයිසන්ටයින් හා ගොතික් චිත්‍රවල හා බිතු සිතුවම්වල දැකිය හැකිය. සිතියන්වරුන්ගේ සත්ත්ව නිරූපණ ශෛලිය මෙහිදී විශේෂයෙන් සිහිපත් වන්නේය. එහිදී සිවුපා, කුරුලු ආදීන්ගේ සිතුවම් නිරූපණයේදී අඟපසඟ ඉල්පී පෙනෙන ආකාරයට විකෘති කොට කිසියම් රටාවකට සිත්තම් කර ඇත.

19 වැනි සියවසේදී යුරෝපයේ ප්‍රචලිත වී පැවැති උපස්ථිතිවාදය (ධ්ථනපඥඵඵඪධදඪඵථ) ප්‍රතිවිරුද්ධ කලා සම්ප්‍රදායක් ඇති කළ පෝල් සෙයාන් (1839-1906) වත්මන් අමූර්ත කලාවේ මූලිකයා වූ බව කියැවේ ඔහුගේ සිතුවම්වල ආකෘතිය ගැන පමණක් සලකා සිතුවම් කළ හැඩතල, පරිමාවන් හා සරල රේඛාවන් මඟින් ජ්‍යාමිතික ගණයේ රූප නිර්මිත ඇතුළත් විය.

මෙවැනි පැරැණි කලා ශෛලීන්ගේ හා සෙසාන්ගේ නව සම්ප්‍රදායෙන් සංකලනයෙන් ප්‍රංශයේ බිහි වූ ඝනකවාදය (Cubism) දැක්විය හැකිය. ඔබ හොඳින් දැන සිටින ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ මේ කියන ඝනකවාදයේ පුරෝගාමී චිත්‍ර ශිල්පියාය.

පිකාසෝට සමකාලීනව ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඕලන්දය හා ඇමෙරිකාව වැනි රටවලද විවිධ අමූර්ත කලා සම්ප්‍රදායයන් බිහිවීම සුවිශේෂී තත්ත්වයකි. ඒවායින් කැපී පෙනෙන කිහිපයක් විදියට භාව ප්‍රකාශන ශෛලියත්
(Expressionism), අධිතාත්විකවාදයත්
(Surrea Lism), අනාගතවාදයත් (Futurism), දැක්විය හැකිය.

අමූර්ත කලාව වෙනුවෙන්ම කැපවුණු පුරෝගාමීන් දෙදෙනකු වන්නේ රුසියන් ජාතික කැසීමීර් මාලේවිච් හා වසිලි කැන්ඩින්ස්කිය. ලෝ ප්‍රකට අපේ චිත්‍ර ශිල්පියකු වන ජෝර්ජ් කීට් චිත්‍ර ශෛලියද මේ කියන සම්ප්‍රදායට අයත් බව සලකන්න පුළුවන්. ප්‍රංශ ජාතික වාස්තු විද්‍යාඥ ල කෝර්බූසියේර් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නව නිවැමුම් සඳහා අමූර්තකලාව එක්කර ගත් පුරෝගාමී පුද්ගලයෙකි. එය සනාථ කරන්නට හොඳම සාක්ෂිය වන්නේ ඉන්දියාවේ චන්දිගාර්හි නිමවා තිබෙන ශේ‍ර්ෂ්ඨාධිකරණ මන්දිරයයි. එය මුළුමනින්ම අමූර්ත කලාවේ මූලික කරුණු විද්‍යාමාන කරවයි. එබැවින් අමූර්ත කලාප (ඒඡඵබපචජබ චපබ) ලොව හෙල්ලූ, යෙ ගැන්වූ, නව නිමැවුම් කරපු කලාවකි. කලා සම්ප්‍රදායයකි.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon