මොනවද මේ අභිධාන ග්‍රන්ථ

  👤  2541 readers have read this article !
2018-07-22

මෙය ප්‍රධාන වශයෙන්ම 'අභිධාන ග්‍රන්ථ' නමින් ගැහෙන්නේ නිඝණ්ඩු හා කෝෂ ග්‍රන්ථය. අභිධාන ග්‍රන්ථකරණය සූසැට කලාවන්ගෙන් එක් කලාවක් ලෙස ගැනීමෙන් එහි විශේෂත්වය මතුවී පෙන්වයි.

භාෂාවක යෙදෙන සියලු ශබ්ද සංග්‍රහ කිරීම්, ඒවායෙහි සියලු අර්ථ දැක්වීම්, ලිංග භේදය දැක්වීම්, පහසුවෙන් තේරුම් ගත හැකි වන ආකාරයෙන් ඉතා කෙටියෙන් දැක්වීම්, මේ කියන අභිධාන ග්‍රන්ථවල ප්‍රධානම ලක්ෂණ වෙයි.

ප්‍රාකෘත භාෂාවෙන් රචනා කෙරුණු බවට හඳුනාගෙන ඇති අභිධාන ග්‍රන්ථ වන්නේ 'දේශිනාමමාලා' හා 'පාඉයලව්ජීනමාලා' ය. 'ත්‍රිකාණ්ඩශේෂ' හා 'උත්පලිනී' ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් ලියූ පැරැණි කෝෂ ග්‍රන්ථ වේ. ඒ පැරැණි ග්‍රන්ථ ඇසුරෙන් අමරසිංහාචාර්යයන් ලියූ 'අමරකෝෂ' ග්‍රන්ථය උසස් කෘතියක් සේ ලා පිළිගැනෙයි. එය සංස්කෘත හදාරන්නන් පවා භාවිත කළ එකකි. එය හැරෙන්නට ලක්දිව භාවිත කළ අනෙක් අභිධාන ග්‍රන්ථ වන්නේ වෛද්‍ය ශාස්ත්‍රය හදාරන්නන්ට අවැසි වූ 'සරස්වතී නිඝණ්ඩුව' ත් නක්ෂත්‍රය හදාරන්නන්ට ඕනෑ කරන 'දෛවඥමුඛමණ්ඩලය' ත්ය.

අමකෝෂය ඇසුරු කර ලියූ 'අභිධානප්පදීපිකා' නමැති ග්‍රන්ථයද එවැන්නකි.
සිංහල බස හදාරන්නන් සඳහා ලියැවුණු පැරැණි අභිධාන ග්‍රන්ථ ලෙස 'පියුම්මල' හා 'රුවන්මල' දැක්විය හැකිය. වනවාස නිඝණ්ඩුව හා සිරිමල් නිඝණ්ඩුව කවියෙන් කළ සිංහල වෛද්‍ය කෝෂ ග්‍රන්ථය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon