සටන් කිරීමට පහසුවක් වෙන්න පියයුරු කපාගන්නා යකඩ ගැහැනු

  👤  3103 readers have read this article !
2018-07-22

ඇමසන් වනාන්තරය ගැන ඔබ අසා ඇති මුත් "ඇමසන්වරියන්" ගැන නොදන්නවා වන්නට පුළුවන. ගී්‍රක ප්‍රවාදගත කතා පුවත්වලට අනුව නම් කළු මුහුද අසල මේ නමින් රණශූර ස්ත්‍රී වර්ගයක් සිටි බවට වාර්තා ඇත. මොවුන් සටන්කාමීත්වයෙන් පිරිපුන්ය. සටනට මොනතරම් ළැදියාවක් දක්වන්නේද යතොත් සටනට වඩාත් පහසු වන දුන්නෙන් විදීමට අවශ්‍ය නිවැරැදි සැහැල්ලුව ලබා ගන්නට ඔවුහු දකුණු පියවුර කපා දමන්නට පවා යුහුසුළු වූවෝ වෙති.

ඔවුන්ට මේ නාමය ලැබී ඇති ආකාරයද අපූරුය. ගී්‍රක වදනෙහි "ඇමසන්" යන්නෙන් හැඳින්වෙනුයේ "පියයුරු නැත්තී" යන්නය. ප්‍රවාදගත කතාවලට අනුව ඇමසන්වරියන්ගේ "පොන්ට්‍රස්" නම් පුරවරයේ සිටියේ කාන්තාවන්ම පමණය. දඩයමෙහි යෙදී සටන්වදිමින් දිවි ගෙවූ ඔවුහු තම පුරවරයට පිරිමින් වද්දා ගත්තේ නැත. එහෙත් පිරිමින් හා සබඳතා ඇතිකර ගැනීමෙන් ලබාගත් පිරිමි දරුවන් මරා දැමුණු බවත්, ගැහැනු දරුවන්පියවරුන් වෙත යවා ඇති දැඩි කරගෙන පසුව තමන් වෙත ගෙන්වා ගෙන යුද සරඹ පුහුණු කරවූ බවත් සඳහන්ය.

මේ කියන ඇමේසන්වරියන්ගේ රැජනක වූ "පෙන්තෙසිලියා" (Hippolyta) 'ට්‍රෝයි' නම් නගරය අල්ලා ගැනීමට කළ සටනට සහාය සඳහා ගොස් අභීතව සටන් කොට ගී්‍රක රණශූරයන් ගණනාවක්ම මරා දමා ඇත. එනමුදු අවසානයේදී 'අකිලීස්' අතින් ඇය මැරුම් කෑවාය. තවත් කතාවකින් කියැවෙන්නේ ඇමේසන්වරියෝ වරෙක ඇතෑන්ස්වලට වැදී තීසියස්ගේ ඇටිකාවද ආක්‍රමණය කළ බවය. ඊට හේතුව වී තිබෙන්නේ එවක සිටි ඇමසන් රැජන වූ හිපොලිටා (ඩ්ඪනනධතරබච) ගේ නැඟණිය වූ ඇන්ඩියොජි තීසියස් විසින් පැහැරගෙන යනු ලැබූ නිසාය.

එනමුදු තීසියස් ඔවුන් හා සටන් වැදුණේය. එසේ සටන් වැද ඔවුන් පරදවා අවසන හිපොලිටා රැජන ද අල්ලා ගත්තේය. ඇය ඔහුගෙන් ලද පුත්‍රයා "හිපොලිටස්" නම් විය.

ඇමේසන්වරියන් වර්ග තුනක් ලෙස වෙන් කර ඇත. ඒ ආසියානු, සිතියානු, හා අප්‍රිකානු වශයෙනි. හිපොලිටා අයත් වන්නේ ආසියානු ඇමසන් රැජන හැටියටය. ඇය සතු මේඛලාදාමය ලබා ගැනීමට හර්කියුලිස් කළ සටනද ඉතා ප්‍රකට එකකි. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ගී්‍රක ඉතිහාසයේ බොහෝ කලා කෘතිවල ඇමසන්වරියන්ට සුවිශේෂ ස්ථානයක් හිමිව තිබෙන බව දත හැකිය. (Amazons) වරියන් ගැන තවදුරටත් අන්තර්ජාලයෙන් වැඩි තොරතුරු සොයාගෙන කියැවීම මේ ගැන තොරතුරු පිපාසාවෙන් සිටින අයට සිහි කටයුතුයි.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon