රෝයල් කල්ලිය

  👤  3148 readers have read this article !
2018-07-22

මෙම ඡායාරූප විශේෂ කාල පරිච්ඡේද දෙකක් නියෝජනය කරයි. දෙකම රාජකීය විද්‍යාලයේ එකම ශිෂ්‍ය කණ්ඩායමකගේ ඡායාරූප වන අතර පළමුවැන්න 1962 වසරේ ගන්නා ලද්දකි. දෙවැන්න මේ වසරේ එනම් 2018 ගන්නා ලද්දකි.

ප්‍රථම ඡායාරූපයේ පෙනී සිටින්නේ රාජකීය විද්‍යාලයේ 1962 වසරේ 3 ඒ පන්තියේ ශිෂ්‍ය පිරිසකි. ඔවුහු විනෝද චාරිකාවක යෙදුණු අවස්ථාවක එය සිහිපත් වනු පිණිස මෙම ඡායාරූපයට පෙනී සිටිති. ගම්පහ උද්භිද උද්‍යානය නැරැඹීම පිණිස මෙම චාරිකාව සංවිධාන කර ඇති අතර ඔවුන් මේ සිටින්නේ ගම්පහ අස්ගිරියේ පිහිටි මාධව පෙරේරා නමැති ශිෂ්‍යයාගේ නිවෙස ඉදිරිපිටය. ලංකාවේ ප්‍රකට චිත්‍ර කලා මහැදුරු ජේ.ඩී.එල් පෙරේරාගේ සහෝදරයා වූ ජේ.ඩී.පී. පෙරේරා මාධවගේ මහප්පාය. ඔවුන්ගේ නිවෙසට ගොඩ වැදුණු කණ්ඩායම දිවා ආහාරය ගැනීමෙන් පසු මෙලෙස ඡායාරූපයට පෙනී සිට ඇත. ඡායාරූපයේ සිටින කාන්තාවෝ මාධවගේ මෑණියන් හා සහෝදරියන්ය.

බිම ඉඳගෙන (වමේ සිට)
අසෝක සමරසේන, එම්. සිවකුමාරන්, ටී. මහේන්ද්‍රන්, කුසුම් තෙන්නකෝන්, එම්.අයි. ද සිල්වා, මල්රාජ් සුගතපාල, චන්ද්‍රා ද කව්බේ, මංගල සමරසිංහ

පසුපෙළ
චිරන්ත ජයසිංහ, සේනක සිල්වා, අනුර ද අල්විස්, එස්.එල්. ප්‍රනාන්දු, නිමල් කුලතුංග, මාධව පෙරේරා, රන්ඩොලොප් බැස්ටිස්, වසන්ත ද සිල්වා, ජේ.ඩී.පී. පෙරේරාගේ බිරිය, විජය හපුආරච්චි, එම්. ලෙව්දීන්, චන්ද්‍රසිරි අබේසිංහ, ලැනී ද සිල්වා, එරාන් ද සිල්වා, සරත් අබේසුන්දර, මාධවගේ සහෝදරිය, මලික් සමරවික්‍රම, ආර්.ජේ. වික්‍රමසිංහ, විනෝද් සිල්වා, ආර්. ජේ. ද සිල්වා, විපුල බොතේජු, රන්ජන් ද සිල්වා, සේනක වීරත්න, අජිත් අබේරත්න, වජිර ගුණවර්ධන
රාජකීය විද්‍යාලයේ 1960 කණ්ඩායමේ දෙවැනි ඡායාරූපය 2018 ජුනි 22 වැනි දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ගන්නා ලද්දකි. ඡායාරූප ද්විත්වය අතර කාල පරාසය වසර 56කි. කාලය මැව් වෙනසක අරුමය දකින්නට මෙයට වඩා හොඳ අවස්ථාවක් වෙන කොයින්ද?

 

අසුන් ගෙන සිටින පිරිස වමේ සිට
වෛද්‍ය ජයන්ත සේනානායක, වසන්ත ද සිල්වා, ශ්‍රී ලාල් ප්‍රනාන්දු, මලික් සමරවික්‍රම, වජිර ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ (අග්‍රාමාත්‍ය) වෛද්‍ය මොනාෆ් කුමාරරත්න, රංජිත් වික්‍රමසිංහ, පුෂ්පවිතාන, ජයන්ත ජයසිංහ, මව්ලානා එලියස්

මැද පෙළ
විනෝද් ද සිල්වා, ආර්.ජේ. ද සිල්වා, වෛද්‍ය රොමේෂ් බණ්ඩාරනායක, නෙරන්ජන් පෙරේරා, සේනක වීරරත්න, එම් කලෙයි නඩේසෙන්, කේ. ඇට්ටිගල්ල, එස්.ඒ. විජේවර්ධන, ටී. මහේන්ද්‍රන්, සනත් ද සිල්වා, රන්ඩොලොප් බැප්ටිස්, නලින් වල්පිට දීප්ති ලියනගේ, හිරාන් වීරසේකර
ඉහළ පෙළ
සුනිල් මෙන්ඩිස්, රුවන් රත්නතුංග, ආනන්ද අතුකෝරළ, වෛද්‍ය අජිත් විජේසුන්දර, රංජිත් ගුණසේකර, එම්.කේ.එල්. ප්‍රනාන්දු, සේපාල අමරසූරිය, එස්.සී. ශාන්ත කුමාර්, එස්. ක්‍රිෂ්ණමූර්ති, චානක ගුණතිලක, මහාචාර්ය සී.බී. සරච්චන්ද්‍ර වෛද්‍යවරයා රත්නසූරිය චන්ද්‍රසිරි අබේසිංහ.
චාරිකාවට එක් නොවූ බැවින් රෝයල් කල්ලියේ ප්‍රබලයා වූ රනිල් ඉහත ඡායාරූපයේ නැත. එහෙත් වත්මන් ඇමැතිවරයකු වන මලික් සමරවික්‍රම ඡායාරූප දෙකේම සිටී. තොරතුරු ලබාදුන් සේනක වීරරත්න අධිනීතිඥවරයෙකි.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon