ඔෟෂධ අත්හදා බැලීමට මිනිසුන් බිලිදීම

  👤  2791 readers have read this article !
2018-07-22

අලුත් බෙහෙතක් මනුෂ්‍ය භාවිතයට සුදුසුදැයි පරීක්ෂණ පවත්වන ලන්ඩනයේ "පෙරික් සෙල්මා" නම් අන්තර්ජාතික පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් පළ කළ මේ ආකර්ෂණීය දැන්වීමට බොහෝ ප්‍රතිචාර ලැබිණි. ඒ අතරින් විවිධ ජාතීන්ට අයත් ඉතා නිරෝගී තරුණයන් අටදෙනකු තෝරා ගන්නා ලදී. ඔවුන් මේ සැරසුණේ ලියුකේමියා නම් රුධිර පිළිකාව මර්දනය කිරීමට යොදා ගත හැකි නව බෙහෙතක් සඳහා සායනික අත්හදා බැලීමකටය. එනම් ඛ්තඪදඪජචත බපඪචත එකකටය.
මේ එම අටදෙනාගෙන් සමහරක් පළ කළ අදහස්ය.

"මගේ වයස අවුරුදු තිස් දෙකයි. මට මුදල් අවශ්‍යතාව තදින් තිබුණා. ළඟදී විවාහ මංගල්‍යයටත් සූදානමින් හිටියෙ. ඒ විතරක් නෙවෙයි මුදල්වලට අමතරව මෙය මනුෂ්‍ය වර්ගයාගේ සුබසිද්ධියට මගෙන් වන සම්මාදමක් ලෙස මම සිතුවා"
"මගේ වයස අවුරුදු විසිතුනයි. විශ්වවිද්‍යාලයෙන් පිටවී පොඩි පොඩි රැකියා කරමින් මා සිටියේ. වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලට සහභාගි වීම ඉක්මනින් පොහොසත් වෙන මඟක් ලෙස මා දැක්කේ"
දින කිහිපයක් එකට නේවාසිකව සිටීමටද සිදුවූ බැවින් ඔවුන් එකිනෙකා අතර මිතුරුකම්ද ගොඩනැඟිණි. ලියකියවිලි රැසකට අස්සන් තැබිණි. වෛද්‍යවරයකු විසින් මෙසේ කරුණු පහදා දෙන ලදී.

"මෙම බෙහෙත පිළිකා රෝග ප්‍රතිකාරවලදී භාවිත වන ඛ්ට්ව් 14 12 නම් ප්‍රතිදේහ කාණ්ඩයකට (ථධදධජතධදචත චදබඪඡධඤර) අයිති බෙහෙතක්. එය සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය මත බලපෑම් ඇති කරනවා. ඒත් අපි සතුන් සම්බන්ධ කළ පරීක්ෂණවලින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා තිබෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ඔබලා ලබාදෙන මේ සහයෝගය ඉතා වටිනවා"

මෙය සැලසුම් කර තිබුණේ ඤධභඡතඥ ඡතඪදඤ ක්‍රමයටය. එනම් සමහරුන්ට සැබෑ බෙහෙතද, සමහරුන්ට නතචජඥඡධ එනම් බෙහෙත් රහිත දියරයක්ද දෙනු ලබයි. රෝගියාවත් වෛද්‍යවරයාවත් තමා දෙන්නේ හෝ ලබන්නේ නියම බෙහෙතද බෙහෙත් රහිත දියරයද නොදනී. එසේ සිදුකරන්නේ යමක් කලින් දන්නා විට ඇතිවන මානසික තත්ත්වය සැබෑ ප්‍රතිඵලයට බලපෑම් ඇති වීම වැළැක්වීමටය. කාන්තාවන් යොදා නොගන්නේ ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇතිවීමට ඉඩ ඇති බැවිනි.
ඒ 2006 මාර්තු 13 දිනය. පාලන පරීක්ෂණයේ පළමු දිනයයි. ලන්ඩනයේ ව්ධපබඩඹඪජඬ නචපඬ රෝහලේ ඉහළ මාලයක රෝහල් වාට්ටුවක තැබූ ඇඳන් අටක වැතිරුණු නිරෝගී තරුණයන් අට දෙනෙකි. මින් පෙර කිසිම මනුෂ්‍යයකුට එන්නත් කර නැති බෙහෙත ලබාදීමට සියල්ල සූදානම්ය. මෙය අධීක්ෂණයට යොදවා තිබුණේ නවක වෛද්‍යවරයෙකි.

පළමු තරුණයාට එන්නත විද්දේය.
"මම අපට ලබාදී තිබූ සඟරාව බලමින් හිටියා. බෙහෙත විද විනාඩි දහයක් ගත වුණා. මුලින්ම දැනුණේ හිසරදයක්. විනාඩි විස්සක් වන විට එය දැඩි වුණා. මගේ හිස පුපුරන්න යනවා. මම නර්ස්ට කිව්වා. නර්ස් නළලට අයිස් තිබ්බා. මම අපහසුවෙන් ඉඳිද්දීම ඔවුන් විනාඩි දහයෙන් දහයට අනිත් අයටත් බෙහෙත විද්දා. ඒ එක්කම ඉවසන්න බැරි දරුණු කොන්දේ කැක්කුමක් හට ගත්තා. හිසේ කැක්කුම උත්සන්න වුණා. මට දරුණු ලෙස පිත වමනය යන්න පටන් ගත්තා. ඊට පසු සිදුවුණ දේ මම දන්නේ නෑ. අප මරණයේ ‍ෙදාරකඩටම විත් තිබුණ බව පසුව දැන ගත්තා." රෝගී වූ තරුණයෙක් තම අත්දැකීම පැවැසුවේ එසේය.

"මගෙ මුළු ඇඟම දනවා" තව තරුණයෙක් කෑගසන්නට විය. තව කෙනෙක් අයිස්වල බැස්සෙව්වා වාගේ වෙව්ලන්නට විය. ඒත් ඔවුන් ඒ වනවිට හයදෙනකුට බෙහෙතද දෙදෙනකුට බෙහෙත් රහිත දියරද දී තිබිණි. තව විනාඩි කිහිපයකදී දෙදෙනෙක් හැර අනිත් හැම දෙනෙක්ම වේදනාවෙන් කෑ ගසන්නටත්, දඟලන්නටත්, වමනය දමන්නටත් වූහ. සමහරු ක්ලාන්ත වූහ. කිහිපදෙනෙක් වේදනාව දරා ගන්න බැරිව ඇඳන්වලින් බිමට පෙරළුණි. මුලදී කිසිවක් නොකළ වෛද්‍යවරයා පැය හතරකට පසු ඔවුන් සිහිසුන් තත්ත්වයට පත්වී තත්ත්වය උග්‍ර වන විට දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු දෙදෙනකුට මේ බව දැනුම් දුන්නේය. ඔවුන් දිව විත් හදිසි ප්‍රතිකාර ආරම්භ කොට දැඩි සත්කාර ඒකකය භාර ‍ෙදාස්තර ගනේෂ් සුන්දර්ලිංගම්ට දන්වන ලදී. මේ ඔහු පැවැසූ දෙයයි.

"මම පැමිණෙන විට රෝගීන් හය දෙනාම සිහිසුන්ව අසාධ්‍යව සිටියේ. දී ඇත්තේ නියම බෙහෙතද? එයට යම් විසබීජයක් එක්වීද? මාත්‍රාව වැඩි විණිද? මෙය යමෙක් හිතාමතා කළ දෙයක්ද? මෙහි අතුරු ආබාධ මොනවාද? අප අන්ධකාරයේ අතපත ගාන්නාක් වැනි වුණා. ප්‍රශ්න රාශියක් මැද අපි වෛද්‍ය මණ්ඩලය තීරණය කළේ ඛ්රබධඬඪදඪද පඥතඥචඵඪදඨ ඵරදඤපධථඥ නම් ප්‍රතිශක්ති පද්ධතිය අවුල් වී ඇති වන ථභතබර ධපඨචද ටචඪතභපඥ සිරුරේ සියලු අවයව එක විට අඩපණ වීම ලෙස සලකා ප්‍රතිකාර කිරීමට. අප ප්‍රතිකාර පටන්ගෙන තුන්වැනි දිනයේ ආශ්චර්යයක් බඳු දෙයක් සිදුවුණා. විනාඩි කිහිපයක් ඇතුළත ඔවුන් පස් දෙනෙකුටම එකවර සිහිය ආවා. කුණු වීම නිසා එක්කෙනකුගේ අත් පා ඇඟිලි කපා ඉවත් කරන්නට සිදුවීම හැර ජීවිත සියල්ලම බේරාගැනීමට ලැබීම වාසනාවක්"
බෙහෙත නියමිත පරිදි දී ඇති බව පරීක්ෂණවලදී සනාථ විය. මෙම ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු මෙවැනි පරීක්ෂණවලදී ඉදිරිපත් වන අයගේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගන්නා ලදී.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon