ගරු මන්ත්‍රිවරුන්ගේ 'රට සවාරි'
මන්ත්‍රිවරුන්ගේ පිට රට සවාරි සෙල්ලම යළි ඇරැඹී ඇත. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන් පිරිසක් මැලේසියාවේ සංචාරයකට ගොස් තිබෙන්නේ පළාත් පාලන විෂයට අදාළ වැඩමුළුවකට මුවාවෙමිනි. තවත් මන්ත්‍රිවරුන් පිරිසක් හෙට අනිද්දා මැලේසියාව බලා යෑමට නියමිතය.
මෑත කාලයේ සෑම ආණ්ඩුවක් යටතේම මේ පිටරට සවාරි සෙල්ලම සිදුවිය. කෙතරම් විවේචන කළත් හෙළිදරව් කිරීම් කළත් 'සෙල්ලම' නතර වූයේ නැත. යහපාලන ආණ්ඩුව යටතේද සෙසු ආණ්ඩු කළ වරදම එලෙසම සිදුවෙමින් පවතී. මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් කාලයේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිසකගේ මෙවැනි රට සවාරියක් නතර කළ බව මතකය. එහෙත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ 'පිටරට සවාරි'යට එවැනි කිසිදු බාධාවක් එල්ල වී නැති බව පෙනේ.
මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික මුදල් වියදම් කර පිටරට සවාරි ගැසීමේ ප්‍රශ්නයක් නැත. එහෙත් ණය උගුලක සිර වී අති දුෂ්කර ආර්ථික අභියෝගයනට මුහුණ දී සිටින රටක බදු මුදල් වැය කර ඊනියා මහජන නියෝජිතයන් මෙලෙස රට සවාරි යෑම බරපතළ වරදකි. ඔවුන් මේ සවාරිවලට කියන්නේ අධ්‍යාපන නොඑසේ නම් අධ්‍යයන චාරිකා කියාය. එහෙත් එදා මෙදාතුර ගිය මේ ඊනියා අධ්‍යයන චාරිකාවලින් සිදුව ඇති සේවය කුමක්ද? වැදගත් ප්රශ්නය එය මිස අනෙකක් නොවේ.
ජනතාවගේ බදු මුදල් කෝටි ගණන් වැය කරමින් යන මේ ඊනියා අධ්‍යයන චාරිකාවලින් මේ රටේ ජනතාවගේ ජීවිතයට අබමල් රොනක සේවයක් සිදුව ඇතැයි කිව හැකිද? මධ්‍යම පළාතේ දැවෙන ප්‍රශ්න කොපමණ තිබෙනවාද? ඒ ගැන අධ්‍යයන කරන්න මේ ඊනියා මහජන නියෝජිතයන්ට වෙලාවක් නැත. ඊට වඩා වැදගත් වැඩ ඔවුන්ට ඇත. ප්‍රාදේශීය සභාවක මන්ත්‍රිවරියක පාරක තණකොළ කපන ඡායාරූපයක් පසුගියදා පත්‍රවල පළ වී තිබිණි. ඇය 'පාර' සුද්ද කරන්නේ ප්‍රාදේශීය සභාව ඊට කම්කරුවන් යොදන්නේ නැති නිසාය. එහෙත් ඒ ගැන අදාළ සභාපතිගෙන් ප්‍රශ්න කිරීමට මන්ත්‍රිවරියට මෙන්ම ජනතාවටත් ශක්තියක් නැත.
මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබරයේ මුල අවසන් වීමට නියමිතව තිබියදී මැලේසියාවේ අධ්‍යයන චාරිකා යන මන්ත්‍රිවරුන් පිරිසට ඉන් ලබන 'දැනුම' බෙදා දෙන්නට ඉඩක් ලැබේද යන්න ප්රශ්නයකි. ඡන්දය මුවවිට තියාගෙන ගිය මේ රට සවාරියේ අරමුණ මහජන මුදලින් නොමිලේ 'ආතල්' ගැනීම මිස වෙන කුමක්ද? උතුරු මැදට පැනවුණු වාරණය මධ්‍යම පළාතට නොපැනවුණේ මන්ද යන්න වෙනම විමසිය යුත්තකි. ආණ්ඩුවේ ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බදු මුදලින් පිටරට සවාරි යන්නේ නම් අප ඉඳහිට හෝ සවාරියක් ගියාම කුමක්වේදැයි පළාත් සභා මන්ත්‍රිවරුන් සිතනවා විය හැකිය. බැලූ බැල්මට එවැනි සිතුවිල්ලක ඇති වරදක් නැත. මීයක් කඩන්නේ අත ලෙවකන්නට දැයි කතාවක් ඇත. විශාල මුදලක් වැය කර පළාත් සභා මන්ත්‍රි ධුරයක් ලබාගන්නේ මහජනයාට සේවය කිරීමට නොවන බව දේශපාලන අඥානයන් නොවන ඕනෑම කෙනකු දන්නා සරල සත්‍යයකි. එනිසා මහජන මුදල් නාස්ති කිරීමක් ගැන වගේ වගක් ඔවුන්ට නැත.
කොළේ වසා ගසා වැඩක් නැත. ඇත්ත යුත්ත කතා කරන්නේ නම් මේ දේශපාලනඥයන්ගෙන් අති බහුතරය අද කරන්නේ බඩරස්සාවය. මන්ත්‍රි ධුර ලබාගන්නේ හත්මුතු පරම්පරාවටම හම්බු කර ගැනීමටය. 'බලය' පාවිච්චි කරමින්, වරප්‍රසාද ලබාගනිමින් 'සුපිරි' පුරවැසියකු ලෙස ජීවත්වීමටය. 'බල්ලෝ මරා හෝ සල්ලි හොයලා ඉන්න ටිකේ ඉමුකො සුදා ජොලිය දමාලා' යන්න ඔවුන්ගේ ජීවන දර්ශනයයි. ඒනිසා ගිනි පොලියට ගත් සල්ලිවලින් හෝ තමන්ගේ සුවපහසුව සාදා ගැනීම ගැන මේ කිසිවකුට කිසිදු හිරිකිතයක්, පිළිකුලක් දැනෙන්නේ නැත. ලජ්ජා බය දෙකම ඔවුන්ට නැත. ඒනිසා මේ 'මජර ක්‍රමය' තිබෙන තුරු මෙවැනි පිටරට සවාරි යෑම නතර වන්නේද නැත.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18
- විජය සමුගෙන තිස් වස සපිරුණු දා 🕔2019-02-18
- වෙරළ සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය 🕔2019-02-18
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18
- ජර්මන් තානාපති ඔහුට පැවරී ඇති වැඩේ කළා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ 🕔2019-02-18
- හෘද රෝගීන් වෙනුවෙන් හදට හදක් එළි දැක්වෙයි 🕔2019-02-18
- සිවු හැවිරිදි දරුවාගේ ඇටමිදුලු බද්ධයට මුදල් සොයා ගැනීම අපිට සිහිනයක් 🕔2019-02-18
- නිදහස්ව හා සාධාරණව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි 🕔2019-02-18
- රටේ පාලනය කපටි දේශපාලනඥයන්ට භාරදී බුද්ධිමතුන් වියතුන් උගතුන්ට නිහඬ වෙන්න බැහැ 🕔2019-02-18
- අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ඉල්ලා පොල් ගසා දේව කන්නලව්වක 🕔2019-02-18
- තෝලන්තෝට්ටම් ප්‍රදේශයේ වළක් හෑරීමේදී ගිනි අවි නවයක් හමු වෙයි 🕔2019-02-18
- ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයට මහ බැංකුවෙන් නියාමන ක්‍රියාවලියක් 🕔2019-02-18
- දෝහා කටාර් රජතුමා පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි 🕔2019-02-18
- මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව ලැබෙයි 🕔2019-02-18
- මීටියාගොඩදී ටී 56ක් හා උණ්ඩ සමඟ පුද්ගලයෝ් දෙදෙනෙක් කොටු වෙති 🕔2019-02-18
- විදුලි රැහැන් යෙදූ කෙසෙල් වත්තක විදුලි සැර වැදී වන අලියකු මිය ගිහින් 🕔2019-02-18
- L.T.T.E. නිල ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ M.P.M.G පතරොම් වැලක් කසළ බෑගයක 🕔2019-02-18
- විනිවිදභාවයෙන් තොර ටෙන්ඩර් ප්රදානය ලංකාවට කළු පැල්ලමක් 🕔2019-02-18
- විසුරුවා හරිනු ලැබූ පළාත් සභා හයක මූල්‍ය අවභාවිතාවක් සිදුවෙනවා 🕔2019-02-18
- මල්වාන නිවෙසේ ඉදිකිරීම්වලට බැසිල් රාජපක්ෂ මිලියන 100ක් දුන්නා 🕔2019-02-18
- පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරීන් 2කට අත්හිටුවූ සිරදඬුවම් 🕔2019-02-18
- ප්‍රංශයේ රියුනියන් දූපතෙන් මෙරටට පිටුවහල් කළ 4ක් රිමාන්ඩ් 🕔2019-02-18