ආසියාවෙන් ඇවිත් ඇමෙරිකාව බබළවන ආසියානු ඇමෙරිකානුවෝ

  👤  4085 readers have read this article !
2018-07-29

ඇමෙරිකාවේ පුරවැසියන් වුවත් උපතින්ම ඇමෙරිකානුවන් නොවන පිරිස් සිටිති. ඔවුන් ඇමෙරිකන් බෝඩ් ලෑල්ලක් අතින් ගත් ශරීරයෙන් වෙනත් රටක අක්මුල් ඇත්තෝ වෙති. ආසියාවේ සම්භවයක් ඇතිව ඉපදී දැනට ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගත් පිරිස ආසියානු ඇමෙරිකානුවෝ (ඒඵඪචද ඒථඥපඪජචදඵ) නමින් හඳුන්වති. ඒ තරමටම ඇමෙරිකාවට ආසියානුවන්ගෙන් ලැබුණු ගෞරවය හා වටිනාකම වැඩි විය. මේ ගැන වැඩි දෙනකු කතා නොකළද ඇමෙරිකාවෙන් පිටත පුවත්පත් හා ගවේෂණාත්මක පුවත් විමසුමෙහි යෙදෙන නාළිකා කිහිපයක් දැන් දැන් මේ ගැන ගැඹුරින් කතාබහට ලක්කිරීම වැදගත්ය.

17 වැනි සියවසේ පටන් යුරෝපාකරයෙන් ඇමෙරිකාවට ජනයා සංක්‍රමණය වුවද ආසියානුවන් පැමිණියේ 19 වැනි සියවසේදී පමණය. ඒ අනුව "යුරෝපීය සම්භවය ඇතියවුන්ට වඩා කල් පසුවී පැමිණි ආසියානුවන් ඇමෙරිකාවට වටිනාකම් එක් කළා, සේවයක් කළා" යැයි මේ ගැන විමසුමක යෙදුණු බි්‍රතාන්‍යයේ ඊඩඥ ච්චඪතර ඊඥතඥඨපචනඩ පුවත්පත පසුගියදා සටහනක් තබා තිබිණි.

ඇමෙරිකානුවන්ට උදව්වක් වුණු, රටට ශක්තියක් වුණු මේ කියන ආසියානු ඇමෙරිකානුවන් ලෙස හැඳින්වෙන ජනතාව සෝවියට් මධ්‍යම ආසියාවෙන් එනම් රුසියාව ඇතුළුව යූරල් කඳු වැටියෙන්, නැඟෙනහිර ප්‍රදේශවලින්, කසකස්තාන්, කිර්ගිස්තාන්, තජිකිස්තාන්, ටර්ක්මෙනිස්තාන් හා උස්බෙකිස්තාන් ආදී රටවලින් පැමිණීම සුවිශේෂ කතාබහට ලක් කොට තිබුණේය.

එමෙන්ම ඉන්දියානු උප මහද්වීපයෙන් එනම්....ඉන්දියාව ඇතුළුව ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය හා බංග්ලාදේශය වැනි රටවලින් පැමිණි ජනතාවගෙන් තායිලන්තය, චීනය, ජපානය, කොරියාව, ඉන්දු චීනය, පිලිපීන දූපත්වලින්, ඉන්දුනීසියාවෙන් පැමිණි අයද සුවිශේෂය. ඒ අතර පැසිපික් දූපත්වලට අයත් හවායි, සැමෝවා හා ගුවාමි යන දූපත්වලින් පැමිණි ජනයාද විශේෂය.

ඇමෙරිකාවේ පුරවැසිභාවය ලත් පිරිස අතර මේ කියන ආසියානු ඇමෙරිකානුවන්ගේ ගණන මිලියන 7කට අධික වීමද ඇමෙරිකාවට විශේෂයකි. එය වැඩිදුරටත් විග්‍රහ කරන ඇතැම් පුවත්පත්, එනම් "විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය පුවත්පත් ඇමෙරිකාවේ ජනමතය පිළිබිඹු කෙරෙන ඕනෑම මොහොතක එය සෘජුව හා වක්‍රව හසුරුවන්නේ ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන් වූ පිරිස අතිනි. ඒ නිසා ඇමෙරිකාවය කියා කීවත් එය ඇමෙරිකානුවන්ගේම පිරිසුදු ජන මතයක්දැයි යළි සිතා බැලිය යුතු කාලය ඇවිත්."

මේ කියමන හෝ මතය කෙතරම් දුරට පිළිගත හැකිද යන්න සිතන්නට ඉඩක් සපයන්නේ ඇමෙරිකානු ජනගහනයෙන් මේ කියන ආසියානු ඇමෙරිකානුවන් ගණන කොතෙක්දැයි සොයා බැලීමෙනි. එය මුළු ඇමෙරිකානු ජනගහනයෙන් 27%කි. 1980 පැවැති මෙම ජන කොටස්වල තත්ත්වයට වඩා 78.4%ක වැඩි වීමකි. සුළු ජාතිකයන් අතරින් වැඩිම වර්ධන වේගයක් ඇත්තේ මොවුන්ගේය. 1980 වාර්තාවලට අනුව අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ වර්ධන වේගයට වඩා හය ගුණයකින් ආසියානු ඇමෙරිකානුවන් වැඩිය.

1990 වාර්තාවන්ට අනුව ආසියානු ඇමෙරිකානු ජනගහනය එරට ජනපද 5කට පමණක් සීමා වී තිබිණි. හවායි, කැලිෆෝනියා, නිව්යෝක්, ඉල්නොයිස් හා නිව්ජර්සි යන ජනපද ඒවාය. සුළු ජාතීන් අතර වඩාත් ජන විවිධත්වයක් ඇති මේ කියන ආසියානු ඇමෙරිකානුවන් ඔවුන්ගේ භාෂාවන් හා සංස්කෘතීන් අතින්ද වෙනස්ය. මෙහි විශේෂය වන්නේ 1990 වෙද්දී මෙම ජනගහනයෙන් වැඩිම පිරිස චීනයෙන් සංක්‍රමණය වූවන් නිසාය. එය මිලියන 1.5කි.

මෙම කතාවේ වෙනස් තැනක් සාකච්ඡාවට බඳුන් කරන විශ්ලේෂකයන් දක්වන තැනක් වැදගත්ය. එනම් යුරෝපයෙන් පැමිණ පදිංචි වී පරම්පරා දෙකක් පමණ ගිය පසු ඔවුන් නිසැකයෙන්ම ඇමෙරිකානු හැඩරුව ඇති අය යැයි කිව හැකි වුවත් ආසියානුවන් එසේ නොවීම වැදගත්ය. ඔවුන්ගේ මිශ්‍ර වීමට දිගු කාලාන්තරයක් ගතවනු ඇත.
ආසියානු ඇමෙරිකානුවන් ඉතා විස්මයජනක ආකාරයෙන් ඇමෙරිකාව තුළ ඉතා සාර්ථක වී ඉහළට එසැවෙන තත්ත්වයන් වැඩිය. වියට්නාම් යුද්ධයෙන් අවතැන් වූවන් ලෙස පැමිණි ජනතාව අත්හළ විට අනෙක් ආසියානු ඇමෙරිකානුවන්ගේ පවුලේ ආදායම් සාමාන්‍ය පොදුවේ ඇමෙරිකානු ජනතාවගේ ආදායමට වඩා ඩොලර් දහස් ගුණයකින් වැඩිය. ලෝක ප්‍රකට ආසියානු ඇමෙරිකානුවන් අතර කැපී පෙනෙන චරිත ද කිහිපයකි.

1983 දී නොබෙල් ත්‍යාගය දිනූ භෞතික විද්‍යාඥයකු වූ සුබ්‍රමනියම් චන්ද්‍රශේකර් මෙන්ම 1968දී නොබෙල් ත්‍යාගලාභී නර්ගෝබින්ද් ඛොරානාද ඉන්දියානු සම්භවය ඇත්තෝ වූහ.

වෑන් පරිගණක නිර්මාතෘ ඇන්වෑන් මෙන්ම ඔබ අදටත් ආදරය කරන සුපිරි නළු, සටන් ශිල්පී බෘෘස්ලී ද චීන සම්භවයක් ඇති ඇමෙරිකානුවෝ වූහ.
එබැවින් ලාංකිකයන්ද අපේ සම්භවය සිහියේ තබාගෙන ඇමෙරිකානුවන් වී පෙළහර පාන්නට ඕනෑ බව සිහිකටයුතුය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon