දුර්ලභයි අහිංසකයි Addax

  👤  3520 readers have read this article !
2018-07-29

ඉතා දුර්ලභ ගණයේ අප්‍රිකානු ඇන්ටිලොප් මුව වර්ගයකි. 'ඇඩැක්ස්' (Addax) සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ ඇඩැක්ස් නසමකුලාටස් (Addax Nasomaculatus)ය.

ක්ෂීරපායි ගණයට අයත් වන මේ ගණයේ වැඩුණු සතකු උරහිස තෙක් ගතහොත් මීටරයක් පමණ උසින් යුක්තය. සහරා කාන්තාරයේ කුඩා රංචු වශයෙන් හැසිරෙති. සතුන්ගේ සම අළු පැහැතිය. විශේෂයක් වන්නේ හොම්බෙහි සුදු පැහැයගත් පැල්ලමක් තිබීමය.

දිග කැරකී ගිය අං යුගලක් ඇත. බුරුල් වූ වැල්ලේ පහසුවෙන් දිව යා හැකි වන ලෙසට උන්ගේ කුර පළල්ව පිහිටා ඇත.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon