කැතම බල්ලාටත් සම්මානයක්

  👤  3053 readers have read this article !
2018-07-29

අවුරුදු 9ක් වයසැති ඉංග්ලිෂ් බුල්ඩෝග් වර්ගයට අයත් බල්ලකු මෙවර ඇමෙරිකාවේ පැවැති තරගයකදී ලෝකයේ කැතම බල්ලා ලෙස තේරී පත්වීමට සමත්ව සිටිනවා. එරට කැලිෆෝනියා ප්‍රාන්තයේ පෙටලූමා නගරයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ශ්සා ශ්සාගේ හිමිකාරිය වන මෙගන් බේ‍රයිනාඩ්ට ඇමෙරිකානු ඩොලර් 1500ක තෑගි මුදලක්ද පිරිනමා ඇති බව සඳහන්.

මේ තරගය වසර 30ක සිට පැවැත එන අතර තරගකරුවන් (බල්ලන්) තම හිමිකරුවන් සමඟ රතු පලසක් මතින් ගමන් කරන විට විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගැනීම් සිදු කරනු ලබනවා. මෙය පෙටලූමා නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ඝොනොමා මරින් සැණකෙළියේ සුවිශේෂීම අංගයක්. කොටින්ම සොනොමා මරින් සැණකෙළිය ලොව පුරා ප්‍රකට වී ඇත්තේද මේ කැතම බල්ලා තෝරන තරගය හේතුවෙනුයි.

මේ සැණකෙළියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ හිමිකරුවන් නැති අසරණ බලු සුරතලුන්ද හදාවඩා ගැනීමට අවශ්‍ය කෙනකුට රැගෙන යෑම සඳහා ප්‍රදර්ශනයට තැබීමයි.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon