කොහි වෙද ඒ බල සේනා ඔක්කොම පිටියේ සේනා

  👤  3084 readers have read this article !
2018-07-29

තිස්ස කුමාරයා යුදඟනාවේදී යුද්ධයෙන් පැරදිලා මේ තියෙන කඳු ගැටවලින් දෙකක් අතර බෑවුමක් තියෙනවා ආයකපොල්ල කියලා. ඒ කපොල්ලෙන් රිංගලා තමයි තිස්ස කුමාරයා ඔක්කම්පිටියට ඇවිත් තියෙන්නේ ඒ ආපු නිසා තමයි ආයකපොල්ල කියන්නේ. ගැමුණු කුමාරයා පස්සෙන් පන්නගෙන ආවා.

තිස්ස කුමාරයා මෙහාට පැනලා ඇවිල්ලා දෙමටමල් විහාරයේ හැංගුණා. දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාව විහාර මළුවෙන් පිටත රඳවලා පන්සලට ආවා. ඇවිත් ඇතුළුවෙනකොටම මෙහි හිටිය හාමුදුරුවරු ඉඳගෙන හිටිය අය නැඟිට්ටා. නැඟිටලා හිටපු අය ඉඳගත්තා. ඒක කලේ මේ හාමුදුරුවන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුටුගැමුණු කුමාරයා හාමුදුරුවන්ගෙන් ඇහුවා තිස්ස කුමාරයා මෙහි ආවද කියලා. එතකොට හාමුදුරුවරු කිව්වා උන්නෙත් හිටිතෙක් දැක්කෙත් නෑ. ඉඳගත්තට පස්සේ දැක්කෙත් නෑ කියලයි. රජ්ජුරුවෝ මේ වචනය පිළිගත්තා.

ඉතින් ඔහොම ඉන්න අතරතුරේ හාමුදුරුවරු කුමාරයාත් එක්ක කතාබහක යෙදුණා. ඒ අවස්ථාවේදී හාමුදුරුවරු ඇහැව්වා දුටුගැමුණු රජතුමාගෙන් "කෝ සේනාව?" කියලා. ඇයි කුමාරයා විතරනේ පන්සලට ඇතුළු වුණේ. එතකොට දුටුගැමුණු කුමාරයා හාමුදුරුවන්ට "ඒ අය ඔක්කොම පිටියේ" කියලා කිව්වා. එහෙම "ඔක්කොමපිටියේ කියපු" නිසා තමයි ඔක්කොම පිටියේ - "ඔක්කම්පිටිය" කියලා නම හැදුණේ.

(බුත්තල අවට ජනප්‍රවාද ඇසුරෙනි)
සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon