ටුක් ටුක් ත්‍රිරෝද රථ සේවාව

  👤  3327 readers have read this article !
2018-08-01

සංචාරක මිතුරු ඊභඬ ඊභඬ ත්‍රිරෝද රථ සන්නාමය ශ්‍රී ලංකාවටද හඳුන්වා දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සංචාරක අමාත්‍යාංශයේ ගණන් හිලව්වලට අනුව 2017 වසරේ ලංකාවට විදෙස් සංචාරකයන් මිලියන 2.1ක් පැමිණ ඇත. ඔවුන්ගෙන් රටට ලැබුණු ආදායම ඇ.ඩො. බිලියන 4කට ආසන්න බවද මුදල් අමාත්‍යාංශය පවසයි.


මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 32%ක් පමණ බටහිර යුරෝපා රටවල තරුණ පිරිස බව හඳුනා ගෙන තිබේ. ඔවුන් තරු පහේ හෝටල් ප්‍රතික්ෂේප කරන අතරම සංචාරක සමාගම්වලට අයත් බස් රථ හා වෑන් රථ ස්වකීය සංචාරය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන්නේද නැත. ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට නම් ඔවුන්ට සාමාන්‍ය ජනතාව සමඟ ජීවිතය බෙදා හදා ගැනීමට හැකි වන පරිදි අංග සම්පූර්ණ සාමාන්‍ය හෝටල් පද්ධති මෙන්ම විධිමත් ත්‍රිරෝද රථ සේවාවක්ද අත්‍යවශ්‍ය වන්නේය.


සංචාරක හිතවාදී ඊභඬ ඊභඬ ත්‍රීවීල් හඳුන්වා දෙන්නේ ඉහත අවශ්‍යතාව මැනැවින් ඉටු කිරීමට බව මුදල් ඇමැති ප්‍රකාශ කර ඇත. දැනටමත් අයාලේ දුවන ලංකාවේ ත්‍රිරෝද රථ ව්‍යාපාරයට එවැනි අවධානයක් යොමු වීම ඉතා අගය කළ යුතු පියවරක් බව සඳහන් කළ යුතුය. මේ තුළින් ත්‍රිරෝද රථ සේවාවට අභිමානයක් හිමි වන අතරම විශේෂ පුහුණුවක්, හැඳුනුම්පතක්, සංචාරක හිතැති නිල මුද්‍රාවක්, ප්‍රමිති සහතියක්, එඪටඪ පහසුකම් ලබා දෙනවාසේම ඉදිරියේදී ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ ලබාදීමට ක්‍රියා කරන බවද මුදල් ඇමැති ප්‍රකාශ කර තිබිණි.


බැලූබැල්මට මෙහි සඳහන් සියල්ල නොමසුරුව අගය කළ යුතු සුබවාදී දේය. එය එසේ වුවද වගකිවයුත්තන්ගේ අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් ඇති බව පෙන්වා දිය යුතුය. ඉන් පළමු වැන්න පසුගිය ආණ්ඩුවද "ඊධභපඪඵබ ජ්පඪඥදඤතර ඊභඬ ඊභඬ" නමින් මෙවැනිම වැඩසටහනක් ආරම්භ කළ අතර එය කෙටි කාලයක් තුළ ලත් තැනම ලොප් විය. එහිදී පෙරමුණ ගත්තේද සංචාරක අමාත්‍යාංශයට අනුබද්ධ සංචාරක මණ්ඩලය හා සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතනය. වර්තමාන ඇමැතිවරුන් ඒ සම්බන්ධව දැනුවත්ව සිටීද එම වැඩසටහනේ අසාර්ථක අංග අධ්‍යයනය කළාද යන්න ගැන අපි නොදනිමු.


කොළඹ නගරයේ ත්‍රිරෝද රථ 60,000ක් තිබෙන අතර රට පුරා ත්‍රිරෝද රථ මිලියන 1.3ක් ඇති බවද නව වැඩසටහන හඳුන්වා දෙමින් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ත්‍රිරෝද රථ ලංකාවට හඳුන්වා දුන්නේ 1978 වසරේය. අවුරුදු 40ක් ගතවීත් තවමත් ත්‍රිරෝද රථ නියාමනයට ක්‍රමවේදයක් ඇති කරන්නට බලයේ සිටි ආණ්ඩුවලට හැකි වී නැත. 2013 ජූලි මස සිට අවස්ථා ගණනාවක්ම ප්‍රවාහන අමාත්‍යාංශය ත්‍රිරෝද රථ නියාමනයට ගැසට් නිවේදන නිකුත් කළත් මේ දක්වා ඒ එකක්වත් ක්‍රියාවට නැඟී නැත. ත්‍රිරෝද රථ ලක්ෂ 8ක් කිසිදු නියාමනයකින් තොරව දිනපතා මහජන ප්‍රවාහනයේ යෙදේ. අයාලේ දුවන එම රථ නිසා පීඩාවට පත් වන්නේ මගී ජනතාවය. එය මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින බරපතළ ගැටලුවකි. දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයෝද අයාලේ යන ත්‍රිරෝද රථ සේවාව නිසා පීඩා විඳිති.


රටේ පොදු මගී ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඇති කිරීමෙන් තොරව සංචාරක කර්මාන්තය සඳහා පමණක් ඉදිරිපත් කරන විකල්ප විසඳුම ප්‍රායෝගික වේද යන්න ගැන මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. ඊභඬ ඊභඬ සේවාවේ පුහුණුව හා හැඳුනුම්පත නැතිව සංචාරක මඟ පෙන්වීමේ නිරත වීම වළක්වන නීති ආණ්ඩුව සම්මත කර නැත. අවම වශයෙන් සංචාරක හෝටල් අසල සංචාරකයන් ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා ටුක් ටුක් බලපත්‍රය අනිවාර්ය කරන නීතියක්ද නැත. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ සම්බන්ධයක්ද නැත. ඒ නිසා ටුක් ටුක් සංචාරක ත්‍රිරෝද රථ වැඩසටහනද මහජන මුදල් කාබාසිනියා කරන පුස් වෙඩිල්ලක්ද යන සැකය ජනතාවට ඇති වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon