සක්විතිලා සහ මංගලලා
'සක්විති' මොඩලයේ ඊනියා මූල්‍ය ආයතන මට්ටු කිරීමට ඇමැති මංගල කෙවිට අතට ගෙන ඇත. ගිනි පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හතු පිපෙන්නා සේ පිහිටුවීම වැළැක්වීමේ අරමුණින් නියාමන ආයතනයක් ආරම්භ කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මේ යටතේ දැඩි නීතිරීති පැනවීමටත්, අධීක්ෂණය කිරීමටත් වැඩි අවස්ථාවක් ලැබෙයි.
වසරකට සියයට 200ත් සියයට 220ත් අතර අධික ගිනි පොලී අය කරමින් දුප්පත් ජනතාව විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් ණය උගුලේ සිර කිරීමට ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කටයුතු කර ඇත. ආර්ථික ප්‍රශ්නවලින් බේරීමට ණය ලබා ගත්තද ඔවුන් බොහෝ දෙනකු මේ මූල්‍ය ආයතන නිසා වැටී ඇත්තේ කබලෙන් ළිපටය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටපුරා බිහි වන්නේ අවිධිමත් ණය වෙළෙඳපොළක් තුළින් සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉදිරිපත් වන ග්‍රාමීය අඩු ආදායම්ලාභී ගනුදෙනුකරුවන් ඉලක්ක කරගෙනය. විධිමත් මූල්‍ය ආයතනවලින් සිය ණය අවශ්‍යතා සපුරා ගන්නට නොහැකි වීම නිසා මේ බොහෝ දෙනා අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමට පෙලඹෙති.
ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා යැයි පවසමින් පසුගිය කාලයේ ඇරැඹූ බොහෝ රාජ්‍ය මූල්‍ය ආයතන අවසානයේ මේ ග්‍රාමීය ජනතාවට ගනුදෙනු කළ නොහැකි කොන්දේසි පැනවූ තවත් එක් බැංකුවක් බවට පත්වී තිබේ. කාලයකට පෙර ඇරැඹුණු ග්‍රාමීය සමුපකාර බැංකු පවා කෙමෙන් සාම්ප්‍රදායික වාණිජ බැංකුවල වෙස් ගෙන ඇත. සමෘද්ධි බැංකුද වැල්පොලී අය කරමින් දුප්පත් ජනතාව ණය උගුලක සිර කරමින් සිටී. එවැනි පසුබිමක ග්‍රාමීය දුප්පත් ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය වෙස් ගත් සක්විත්තන්ට රැවටීම පුදුමයක් නොවේ.
මේ තත්ත්වයට විසඳුම නම් සමුපකාර ග්‍රාමීය බැංකු ඇතුළු එවැනි අරමුණුවලින් ඇරැඹුණු මූල්‍ය ආයතන වඩ වඩාත් ග්‍රාමීය ජනතාවට සමීප කිරීමයි. අවම කොන්දේසි හා අවම පොලී මත ණය ලබාදීමට ඉදිරිපත්වීම තුළින් මේ ගනුදෙනුව ඇරැඹිය හැකිය. අලුතෙන් මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බිහි කිරීමේ අවශ්‍යතාවක් නැත. රාජ්‍ය, සමුපකාර හා පෞද්ගලික මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණයට හා නියාමනයට යටත් කිරීම අත්‍යවශ්‍යය. නීතිරීති දැඩි කළ යුතු අතර ගනුදෙනුකරුවන් හා ආයතන අතර පවතින කොන්දේසි ලිහිල් කළ යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ
දෙපාර්තමේන්තුවේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන එකමුතුවෙන් නියාමන ආයතනයක් පිහිටුවීම යෝග්‍යය. මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනද ආරක්ෂා කරගත යුතුය. අදාළ ආයතනවල විශාල පිරිසක් සේවය කරන අතර ඉතා යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යන ආයතන රැසක්ද ඒ අතර වේ.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති රුපියල් ලක්ෂයකට අඩු ණය කපා හැරීමට රජය තීරණයක් ගැනීම මහත් දුෂ්කරතාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට මහත් සහනයකි. එහෙත් අදාළ පියවර ගත යුත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටීමකට ලක් කර නොගෙනය. සක්විති මොඩලයේ ඊනියා ආයතනවලට නම් කිසිදු බුරුලක් දිය යුතු නැත.
සියයට 200 සියයට 220 තරම් අධික පොලී අය කිරීම වෙනුවට උපරිමයෙන් සියයට 35ක් හෝ ඊට අඩු පොලී අනුපාතයකට ණය මුදල් ඉදිරියේදී ලබාදීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මුදල් අමාත්‍යාංශයට එකඟතාව පළකොට ඇත. එය සතුටට කරුණකි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්න විස¼දා ගැනීම ඉතාමත් වටී.
ප්රමුඛ, සෙලාන්, ගෝල්ඩන් කී, ඊ.ටී.අයි. වැනි ප්‍රකට බැංකු හා මූල්‍ය ආයතන නිසා මෙරට පාරිභෝගික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මුහුණ දුන් හා මුහුණ දී ඇති අර්බුදය සුළුපටු නැත. සක්විති, දඬුවම් වැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලෙස පෙනී සිටි තක්කඩියන්ට හසුවූ පිරිස පත්වූ දුෂ්කරතාව අතිමහත්ය. එවැනි ඉතිහාසයක් තිබෙන රටක ඇමැති මංගල සමරවීර 'ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට ආයතනයක් පිහිටුවාලීමට පියවර ගැනීම පමා වුවද ගත් සබුද්ධික තීරණයකි.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18
- විජය සමුගෙන තිස් වස සපිරුණු දා 🕔2019-02-18
- වෙරළ සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය 🕔2019-02-18
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18
- ජර්මන් තානාපති ඔහුට පැවරී ඇති වැඩේ කළා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ 🕔2019-02-18
- හෘද රෝගීන් වෙනුවෙන් හදට හදක් එළි දැක්වෙයි 🕔2019-02-18
- සිවු හැවිරිදි දරුවාගේ ඇටමිදුලු බද්ධයට මුදල් සොයා ගැනීම අපිට සිහිනයක් 🕔2019-02-18
- නිදහස්ව හා සාධාරණව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි 🕔2019-02-18
- රටේ පාලනය කපටි දේශපාලනඥයන්ට භාරදී බුද්ධිමතුන් වියතුන් උගතුන්ට නිහඬ වෙන්න බැහැ 🕔2019-02-18
- අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ඉල්ලා පොල් ගසා දේව කන්නලව්වක 🕔2019-02-18
- තෝලන්තෝට්ටම් ප්‍රදේශයේ වළක් හෑරීමේදී ගිනි අවි නවයක් හමු වෙයි 🕔2019-02-18
- ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයට මහ බැංකුවෙන් නියාමන ක්‍රියාවලියක් 🕔2019-02-18
- දෝහා කටාර් රජතුමා පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි 🕔2019-02-18
- මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව ලැබෙයි 🕔2019-02-18
- මීටියාගොඩදී ටී 56ක් හා උණ්ඩ සමඟ පුද්ගලයෝ් දෙදෙනෙක් කොටු වෙති 🕔2019-02-18
- විදුලි රැහැන් යෙදූ කෙසෙල් වත්තක විදුලි සැර වැදී වන අලියකු මිය ගිහින් 🕔2019-02-18
- L.T.T.E. නිල ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ M.P.M.G පතරොම් වැලක් කසළ බෑගයක 🕔2019-02-18
- විනිවිදභාවයෙන් තොර ටෙන්ඩර් ප්රදානය ලංකාවට කළු පැල්ලමක් 🕔2019-02-18
- විසුරුවා හරිනු ලැබූ පළාත් සභා හයක මූල්‍ය අවභාවිතාවක් සිදුවෙනවා 🕔2019-02-18
- මල්වාන නිවෙසේ ඉදිකිරීම්වලට බැසිල් රාජපක්ෂ මිලියන 100ක් දුන්නා 🕔2019-02-18
- පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරීන් 2කට අත්හිටුවූ සිරදඬුවම් 🕔2019-02-18
- ප්‍රංශයේ රියුනියන් දූපතෙන් මෙරටට පිටුවහල් කළ 4ක් රිමාන්ඩ් 🕔2019-02-18