සාදය මාරයි

  👤  3358 readers have read this article !
2018-08-07

කළුතර, වාද්දුව හෝටලයක 'ෆේස්බුක්' සාදයක් සිවු දෙනකු මරුවා කරා ගියේය. තිදෙනකු ඉකුත් පස්වැනිදාය. අනෙකා ඊයේ දිනයේදීය. අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවූ මේ සිවුදෙනා දිවුලපිටිය, කැස්බෑව, වාද්දුව හා පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මේ සාදයට තරුණ - තරුණියන් දෙදහසක් පමණ සහභාගි වී ඇති අතර ඔවුන් ඊට සම්බන්ධ කරගෙන ඇත්තේ 'ෆේස්බුක්' හරහාය. එක් අයකුගෙන් රුපියල් තුන්දහසක් බැගින් ඇතුළුවීමේ ගාස්තුවක් අය කරගෙන ඇත. මේ සාදය සඳහා පෞද්ගලික ආරක්‍ෂක සමාගමක් ආරක්‍ෂාව ලබාදී ඇති අතර සහභාගි වූවන්ට පිටතින් කිසිදු දෙයක් රැගෙන ඒම තහනම් කර තිබී ඇතැයි පැවැසේ.

විශාල පිරිසක් මීට සහභාගි වී ඇත්තේ ජනප්‍රිය ච්බ් කෙනකු වන 'ට්උක බ්' සහභාගි වීම නිසා බව දැනගන්නට ඇත. මෙවැනි සාද සංවිධානය කරනු ලබන ජනප්‍රිය සමාගමක් විසින් මෙය සංවිධානය කර තිබේ. කවුරුන් කෙලෙස සංවිධානය කළද අවසානයේ සිවුදෙනකුට මරු කැඳවමින් සාදය ඛේදවාචකයකින් අවසන් විය. මරණවලට හේතුව මේ වනතුරු නිශ්චිතව හෙළිවී නැතත් මත්පැන්, මත්ද්‍රව්‍ය හා උත්තේජක ආහාර පානවලින් පිරුණු මෙවැනි සාදයකට සහභාගි වූවන්ගේ 'මරණය'ට මේ ආහාර-පාන විසවීමක් හේතු වූවා හැකිය.

ෆේස්බුක් හරහා වේවා, නොවේවා රටේ තැන තැන මෙවැනි 'සාද' නිතර පැවැත්වේ. මීට පෙර කොළඹින් බැහැර ප්‍රදේශයක හෝටලයක පැවැති මෙවැනි සාදයකට ප්‍රදේශවාසීන් පිරිසක් දැක්වූ විරෝධය ගුටි කෙළියකින් අවසන් වී තිබිණි. මෙරට ඉහළ පාන්තික තරුණ - තරුණියෝ වෙන්ව තිබූ 'සාද' සංස්කෘතිය අද පහළ පාන්තිකතරුණ - තරුණියන්ද වැලඳ ගනිමින් සිටිති. 'සාද' පවත්වා විනෝද වීම ප්‍රශ්නයක් නොවුණත් විනෝදය හුදෙක් 'මත්වීම' හා 'සිරුර පිනවීම'ට පමණක් ලඝුවීම ප්‍රශ්නයකි.

වර්තමානයේ බොහෝ තරුණ - තරුණියන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ජීවිතවලද විනෝදයක් නැත. ඔවුන් විනෝදය ලෙස දකින්නේ මත්පැන් - මත්ද්‍රව්‍ය හා සිරුර පිනවීම පමණි. මෙවැනි අවරසික සමාජයක එය පුදුමයක් නොවේ. මේ 'සාද' හරහා විදහා දැක්වෙන්නේ ඊනියා විනෝදයයි. තරුණ තරුණියන් පමණක් නොව ගැහැනු - පිරිමි එකතු වූ තැන රසයක් ජනිත වීම නොවැළැක්විය හැකිය. එහෙත් එය ශිෂ්ට ලෙස උසස් රසිකත්වයකින් විඳීමට නොදන්නාකම නිසා මෙවැනි ඛේදවාචක ඉදිරියේදීත් සිදුවිය හැකිය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය නිසා කොළඹ - ගාලු ගමනට ගත වූ පැය තුන පැය දක්වා අඩුවී ඇත. වටිනා මිනිස් පැය දෙකක් ඉතුරු වුවද ඒ පැය දෙක මිනිස්සු කෙතරම් ප්‍රයෝජනවත්ව ගත කරනවාද යන්න ප්‍රශ්නයකි. ගමනින් පැය කිහිපයක් අධි වේගය නිසා ඉතුරු වූ බවට උදම් ඇනුවද ඔවුහු ඒ පැය ගණන ජීවිතයට එලදායක ලෙස යොදා ගන්නේ නැත. සුළුතරයක් ඒ පිළිබඳ සවිඥානික වුවද බහුතරය ඒ පිළිබඳ අවිඥානිකය. ඒ උදාහරණය මෙතැනට ගෙනාවේ අන් කිසිවක් නිසා නොව 'විනෝදය' අහිමි සමාජයක විනෝද වීම යනු ජීවිතවලින් වන්දි ගෙවන්නක් බවට අද පත්වී තිබීම නිසාය. මේ සියල්ල විචාර බුද්ධියෙන් තර්ක ඥානයෙන් නොව තිරිසන් සතුන් මෙන් 'ඉවෙන්' වැඩ කරන, ආර්ථික අර්බුදයක කරවටක් ගිලුණු සමාජයක යථාර්ථයයි. ඊට සබුද්ධිකව මුහුණ දෙනවා හැර කළ හැකි අන් යමක් නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon