මටමයි වෙන්නේ
• මම අහන්නෙ, ඔබ ආරක්ෂක ලේකම්. සතිපතා ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනව. එතෙන්දි වෙන්න යන්නේ මොකක්ද කියා ඔබ ඇතුළු අනෙක් අයට වැටහුණේ නැද්ද?
ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. අපේ ආණ්ඩුව කාලෙ ඔය ආරක්ෂක මණ්ඩලය කියන එක අන්තිමට අප්‍රාණවාචී සිද්ධියක් බවට පත්වෙලා තිබුණෙ.
• ඇයි ඔබ එහෙම කියන්නෙ?
ආරක්ෂක මණ්ඩලේ සභාපති ජනාධිපතිනිය. අගමැති, ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු තුන්දෙනා, ජනාධිපති ලේකම්, පොලිස්පති තමයි මණ්ඩලයට සහභාගි වුණේ? ඒකෙ රැස්වීමට දිනය දෙන්නෙ ජනාධිපතිනි ඔය මුළු කාලෙම ඒ කියන්නේ අවුරුදු දෙකටම රැස්වීම් තියන්න ඇති හයක් හතක්.
• එතකොට රටේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගත්තෙ කොහොමද, කවුද, කොහේදිද?
එතුමිය එතුමියගේ තොරතුරු මාර්ග තියාගෙන හිටියා.
• ඒවාට අනුව තීන්දු අරන් රට පාලනය කළා කියලද ඔබ කියන්නේ?
ඔව්. ඒ අනුව ඇය හිතනවා මේකයි කළ යුත්තේ කියලා. ඒ අනුව තීන්දු ගන්නවා.
• එතකොට ආරක්ෂක මණ්ඩල රැස්වීමෙදි මොනවද කතා කළේ? අගමැතිත් සිටියා.
කියන්න හොඳ නැහැ. ඇත්ත වශයෙන්ම එතැන කතා කළේ වල්පල් පමණයි. සාකච්ඡාව හිස්. මොකද හැංගිහොරා කටේ එකක් බඩේ එකක් තියාගෙනනෙ කතා කරන්නෙ.
• මම හැමදාම අහන්න බලාපොරොත්තුව සිටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එල්.ටී.ටී.ඊ.ය රටෙන් තුනෙන් එකක් අල්ල ගත්තා. ඒක එක දවසක එක රාත්‍රියක සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයිනෙ. ඇයි රටින් කොටස් ටික ටික අහිමි වෙද්දි ඒ කොටස් නැවත ලබා ගැනීම ගැන ආරක්ෂක මණ්ඩලය වගේ තැනක ඊට උචිත බරකින් ඒ ගැන සාකච්ඡා නොවුණේ?
ඒ කාලේ ආරක්ෂක මණ්ඩලය අද මහින්ද රාජපක්ෂජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ කාලෙ වගේ නෙවෙයි. හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අල්ල ගත්ත කොටස් යුදමය ක්රියාමාර්ගයකින් නැවත අත්පත් කරගත යුතුයි කියා තීරණය කළා. යුදමය ස්ථාවරයක හිටියා. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරු ළඟත් ඒක තිබුණා.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ළඟ තිබුණේ යුදමය ක්‍රියාමාර්ගයක් නොවේ. සාම ක්රියාමාර්ගයකින් එය කළ යුතුය කියන අදහස. දේශපාලන විසඳුමක් දිය යුතුය කියන අදහස. ඒ නිසා ආරක්ෂක මණ්ඩලයෙදි අපි යුදමය තත්ත්වයන් සාකච්ඡා කළ යුතුය කියන කාරණාව අදාළ වුණේ නැහැ. සංකල්පමය වශයෙන් දෙතැනක හිටියෙ.
• ඇත්තටම ආරක්ෂක මණ්ඩලයෙ විවෘතව කතා කළ හැකි තත්ත්වයක් තිබුණෙ නැහැ?
ඔව්, අපි දෙගොල්ලොම හැදුවෙ උගුරට හොරා බේත් බොන්න. දැන් මම දන්න සමහර දෙයක් මම ආරක්ෂක
මණ්ඩලයෙ කියන්නෙ නැහැ. මොකද කිව්වොත් ජනාධිපතිතුමිය ඒකෙන් ප්‍රයෝජනය ගනීවිය කියලා මම හිතනවා.
• කවුරුත් තම තමන් දන්න දේවල් එළියට දමන්නෙ නැහැ.
ඔව්. ජනාධිපතිතුමිය එයා දන්න දේ, හිතන විදිය හරියට දෙන්නෑ ඒකෙන් අගමැති රනිල් ප්‍රයෝජන ගනී කියලා. අගමැතිත් එහෙමයි ජනාධිපතිනිය ප්‍රයෝජන ගන්න නිසා ඔහු දන්නා දේ පවා කියන්නේ නැහැ.
• එතකොට හමුදාපතිවරු, පොලිස්පති?
ඒගොල්ලන්ගෙ පත්වීම් බලධාරියා ජනාධිපති. ඒගොල්ලො කසාය බීපු කට්ටිය වගේ. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙ අදහස් ජනාධිපතිනියට ඍජුව කියන්න බැහැ අපි ඉන්න නිසා. අපිට විරුද්ධ දෙයක් කියවෙයි කියලා. ඒක නිසා ආරක්ෂක මණ්ඩල සාකච්ඡා හරි හිස්.
('රජ රහස්' - 2014 ජුනි 01 ඉරිදා 'මව්බිම')
2014 දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදී උදේනි සමන්කුමාරට, 2002 රනිල්ගේ ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පිළිතුරු දුන්නේ එහෙමය.
කතාව ඇත්තය. 2002 ආණ්ඩුව යූඑන්පී ය. අගමැති රනිල් ය. ජනාධිපති චන්ද්‍රිකා ය. අඹ සහ දෙල් ය. ගැළපෙන්නේම නැත. සුපුරුදු පරිදි රනිල් තනි රෝල් එක ප්ලේ කරන්න පටන් ගත්තේ ය. සාම කතා, සාම ගිවිසුම් සියල්ල රනිල්ගේ හිතුමනාපයටම සිදු විය. එදත් රනිල් ඇහුවේ කනට කොඳුරන අයගේ කතා පමණ ය. චන්ද්‍රිකා හිටියේ වෙනම ගේමක ය. දෙන්නට දෙන්නා වැඩ කළේ කොළේ වහලා ය.
සතියකට වරක් ආරක්ෂක මණ්ඩලය රැස් වන්නේ රටේ ජාතික ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගන්නය. 2002-2004 රනිල්ගේ ආණ්ඩුව කාලේ ආරක්ෂක මණ්ඩල රැස්වීම විහිළුවක් විය. රනිල් කළේ රනිල්ට ඕනෑ දේ ය. චන්ද්‍රිකා කළේ චන්ද්‍රිකාට ඕනෑ දේ ය. රනිල් රට ගිය ටිකට ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු, ජනමාධ්‍ය යන අමාත්‍යාංශ තුනම චන්ද්‍රිකා පවරා ගත්තා ය. සාම කතා කචල් වුණේ ය. අන්තිමට චන්ද්‍රිකා කළේ ආණ්ඩුව විසුරුවන එක ය. ඒ අවුරුදු දෙකේ කඹ ඇදිල්ලෙන් රට අගාදෙටම වැටුණේ ය. හිතන්නවත් බැරි විදියට කොටි ශක්තිමත් වුණේ ය. රටේ ආරක්ෂාව අන්තෙටම පිරිහුණේ ය. හමුදා බුද්ධි අංශ නිලධාරීන් එකා පිට එකා කොටි අතින් මැරුම් කෑවේ ය.
1985 ඉන්දියා-ශ්‍රී ලංකා තිම්පු සාකච්ඡාවෙන් වුණෙත් මේකම ය. එහිදී එළැඹි සම්මුතියට අනුව යාපනයේ හමුදාව මාස 3කට බැරැක්කවලට සීමා කරන්නට සිදුවුණේ ය. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියන්නා සේ ප්‍රභාකරන්ලා එදත් කළේ සද්ද නැතිව වැඩේ දීම ය. හමුදා කඳවුරුවලට යන හැම පාරකම බිම් බෝම්බ වළ දැම්මේ ය. ඒ පාරවල මාර්ග බාධක ඉදිකළේ ය. මුලින් තාවකාලික වූ බංකර් පසුව කොන්ක්‍රීට් දමා ස්ථිර කළේ ය. ඒ මාස 3 ඇතුළත ප්රභාකරන් මුළු යාපනයම තම අණසකට ගත්තේ ය. අන්තිමට යාපනේ බලකොටුවේ හිරවූ හමුදාවට කෑම-බීම යැව්වෙත් අහසෙන් ය. එහෙම ශක්තිමත් වූ කොටි, සිංහල ගම් බිම් වැනසුවේ ය. ප්‍රතිවාදී දෙමළ කණ්ඩායම් සමූල ඝාතනය කළේ ය. කොහොම වුණත්, 1987දී ඉන්දියාව රාජතාන්ත්‍රික සබ½දතා බල්ලට දමමින් යාපනයට ගුවනින් බඩු දාද්දී... ජේ.ආර්. වහාම ලලිත්ලා, ගාමිණීලා විතරක් නොවේ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඩිව් ගුණසේකරත් සාකච්ඡාවට කැඳෙව්වේ ය. මාමා එහෙම වුණාට බෑනා එහෙම නැත. 2002 සටන් විරාමය අස්සන් කළේ ජනපතිනියටවත් නොකියා ය.
දැනුත් වෙන්නේ ඒකම ය. 2014 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි එළියට බැහැලා නොඑන්නට රනිල් තවමත් විපක්ෂයේ ය. ආප්ප කාලා අනිත් පැත්ත හැරෙව්වේ නැත්නම් මෛත්‍රි අද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති වීමට ඉඩ තිබිණි. තාමත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ ශ්‍රී ලනිපය අතේ ය. රනිල් සුළුතරයේ අගමැති ය. එහෙම එකේ, රනිල් හැසිරෙන්නේ මොකුත් නොදන්නා බබා සේ ය. 2002ත් රනිල් හැසිරුණේ එහෙම ය. දැන් රනිල් වැඩ කරන්නේ මෛත්‍රිට කොළේ වහලා ය. මෛත්‍රිත් තුරුම්පු දාන්නේ රනිල්ට හොරා ය. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ ය. රනිල්ලාගේ ආර්ථික කමිටුවට, සිංගප්පූරු ගිවිසුමට වෙන්නෙත් ඒක ය. පත්තරෙන් හෝ දැනගෙන මෛත්‍රි ඒවාට බැට දෙන්නේ ය. අන්තිමට නටපු නැටුමකුත් නෑබෙරේ පළුවකුත් නැති වෙන්නට බැරි නැත. යූඑන්පී පසු පෙළ සනසන්න රනිල් ගෙනා කැබිනට් පත්‍රිකාවත් මෛත්‍රි විසි කළේ ය.
එකම පාරක් ය. අරමුණු දෙකක් ය. දෙන්නාම වැඩ කරන්නේ 2019 ටාගට් කරගෙන ය. රනිල් 'ගම් පෙරළිය' පටන් ගනිද්දී... මෛත්‍රි 'ගම හදන ගමන' පටන් ගන්නේ ය. 'ගම් පෙරළිය' නැඟලා යද්දී මෛත්‍රි පිල කියන්නේ ඒක යූඑන්පී වැඩක් නෙවෙයි ආණ්ඩුවේ වැඩක් කියා ය. රනිල්ලා 'විෂන් 2025' කරද්දී මෛත්‍රි 'තිරසර පුරවර 2030' කරන්නේ ය. මෛත්රිගේ ප්‍රොජෙක්ට් නැඟලා යද්දී රනිල්ට කේරඩිට් එක ගන්නත් බැරි ය. ආණ්ඩුව ආපු ගමන් දින සීයක වේගවත් ගමනක් ගිය යූඑන්පීය මහ බැංකු හොරකම නිසා ඒ වේගෙන්ම පල්ලම් බැස්සේ ය. ඔහොම ගිහින් රනිල්ට මේ සැරේත් 2002 වෙච්චි දේ වෙන්නට බැරි නැත. මෛත්‍රිත් චන්ද්‍රිකා වගේ බලාගෙන ඉඳලා කොයි මොහොතේ මොන තීරණයක් ගනීවිද කියා කියන්නට නම් දන්නේ නැත.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17
- අලුත් සන්ධානය ගැන මෛත්‍රි-මහින්ද ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 🕔2019-02-17
- ජාතික කුළුබඩු අධිකාරියක් පිහිටුවන්න දයා පෙරට එයි 🕔2019-02-17
- ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුව අනිද්දා 🕔2019-02-17
- මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ගැන වාර්තාව ලබන මස සැසිවාරයට 🕔2019-02-17
- ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඉදිකිරීම් අද ඇරැඹේ 🕔2019-02-17
- lankanewsweekවෙබ් අඩවියේ සුජිත් මංගල ද සිල්වාගේ මාමණ්ඩියගේ අවසන් කටයුතු 16 දා සිදු කෙරිණි 🕔2019-02-17
- ප්‍රවීණ සිනමා කැමරා ශිල්පි වාමදේවන්ගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී 🕔2019-02-17
- 2019 අ.පො.ස. උ.පෙළ නව හා පැරැණි නිර්දේශ යටතේ 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාව ගැන කල්තැබීමේ විවාදයක් 🕔2019-02-17
- මධුෂ් ඇතුළු සැකකරුවන් ගැන නිල වාර්තාව මෙරටට එවයි 🕔2019-02-17
- රෝග රැසකට අත්‍යවශ්‍ය ඔෟෂධවල හිඟයක් 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු 🕔2019-02-17
- පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-17
- මත් ජාවාරමුන් ගැන එජාප පසුපෙළින් ජනපතිට යෝජනාවක් 🕔2019-02-17
- ජාතික ආණ්ඩුව වැරදුණොත් මහ ඡන්දයක් ! 🕔2019-02-17
- රනිල්ගේ පොරොන්දුවට දෙමළ ජනතාවගෙන් පැසසුම් 🕔2019-02-17
- දේශපාලන බලපෑම්වලට යටත් වෙන්න එපා - ජනාධිපති ලතීෆ්ට කියයි 🕔2019-02-17
- මධුෂ් ගැන විමර්ශන යට ගහන සැලසුමක් 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වතාවට විනිසුරුවරු නඩු මඟට 🕔2019-02-17
- මාපියන්ට නොතෙමී ඉන්නට කාමරයක් හදා දෙන්න 🕔2019-02-15
- මා කීවේ සියලු සිංහල ගුරුවරුන් ගැන නොවේ දෙමළ නොදන්නා සිංහල ගුරුවරුන් ගැනයි 🕔2019-02-15
- මත්කුඩු ජාවාරම්කරුවන් කොටු වුණේ ස්වාධීන කොමිෂන් නිසයි 🕔2019-02-15
- ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ 🕔2019-02-15
- මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වෙලා මෛත්‍රි-ගෝඨා මරන්න සැලසුම් කළා දැයි සැකයි 🕔2019-02-15
- ඇත්ත තිත්ත නිසා මම ඇත්ත කතා කරනවාට සමහරුන් කැමති නෑ 🕔2019-02-15
- වල් උෟරන් දෙදෙනකු මරා කැබ් රියක දමාගෙන ගිය ගම්පහ හිටපු මන්ත්‍රි අත්අඩංගුවට 🕔2019-02-15
- පාසල් සිසුවකුට පහර දුන් සිවිල් ආරක්ෂකයා අත්අඩංගුවට 🕔2019-02-15
- එක්කෝටි අනූහත් ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළ බැංකු කළමනාකාරවරිය යළි රක්ෂිතයට 🕔2019-02-15
- විදුලි ස්ත්‍රික්කයකින් දියණියගේ අත පිලිස්සූ දෙදරු පියකුට අත්හිටුවූ සිරදඬුවමක් 🕔2019-02-15
- නිල්පනාගොඩදී කොස්තාපල්ගෙන් පහර කෑ දෙදෙනාගේ පැමිණිලි ගැන විමර්ශනය කර කරුණු වාර්තා කරන්න 🕔2019-02-15