වසර 1500කටත් පෙර සිටි දැවැන්ත දුඹුරු වලසකු බි්‍රතාන්‍යයේ සොහොන් ගැබකින් නැඟිටියි

  👤  3495 readers have read this article !
2018-08-12

වසර 1500කට ඉහත පැවැති මධ්‍ය කාලීන යුගයේ මුල් සමයේදී පවා දුඹුරු වලසා බි්‍රතාන්‍යයේ සැරිසරන්නට ඇතැයි යෝර්ක්ෂයර්හි ගල් ගුහාවකින් හමුවුණු අස්ථි කොටසක් අධ්‍යයනය කළ පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එහෙත් වසර 2800කට ඉහත පැවැති ලෝකඩ යුගයේදී මෙම වනගත වලසා (උපඵභඵ චජබධඵ) බි්‍රතාන්‍යයෙන් තුරන් වන්නට ඇතැයි මෙතෙක් විශ්වාස කරන ලදී. එහෙත් රෝමානු යුගයේදී ද මේ විශාලතම මාංස භක්‍ෂකයා බි්‍රතාන්‍යයෙහි දක්නට ලැබී ඇත. නොයෙක් විනෝද කටයුතු සඳහා මෙම සතුන් බි්‍රතාන්‍යයට ආනයනය කරන්නට ඇතැයි ද පර්යේෂකයෝ විශ්වාස කරති.

දුඹුරු වලසා බි්‍රතාන්‍යයේ විශාලතම මාංස භක්‍ෂකයා වුවද වනගත සත්ත්වයකු වශයෙන් මෙන්ම උෟත් මිනිසාත් අතර සබඳතාව අතින්ද උගේ ඉතිහාසය අප දන්නේ ඉතාම අල්පයක් පමණකැයි නොටිංහැම් විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ඕරේගන් ප්‍රකාශ කළාය. ඇය මේ පර්යේෂක කණ්ඩායමේ නායිකාවය.

දුඹුරු වලසකුගේ ගෙල පෙදෙසේ අස්ථියක් යෝර්ක්ෂයර් මිටියාවතේ ගල් ගුහාවක තිබී විද්‍යාඥයන්ට හමු වූ අතර එය වනගත දුඹුරු වලසකුගේම යැයි ඔවුහු විශ්වාස කරති. මේ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීම සඳහා මෙම අස්ථි කොටස ජනකාණු බන්ධන (ච්ව්ඒ) පරීක්‍ෂණයට ලක් කළ යුතු යැයි ද ආචාර්ය ඕරේගන් කීවාය. අලුතෙන් හමුවුණු මෙම අස්ථි කොටස රෝමානුවන් විසින් බි්‍රතාන්‍යයට ගෙන්වන ලද දුඹුරු වලසුන්ගෙන් පැවැතෙන්නකුගේ අස්ථි කොටසක් වීමට ද ඉඩ ඇති හෙයින් ඒ එසේම යැයි තහවුරු වුවහොත් තමන්ට එළැඹිය හැකි එකම විකල්ප නිගමනය වන්නේ බි්‍රතාන්‍යය නිජබිම කර ගත් දුඹුරු වලසුන්, වසර 2800කට ඉහත පැවැති ලෝකඩ යුගයේදී සහමුලින්ම වඳවී ගොස් ඇති බව යැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එම නිගමනයට පදනම් වන ක්‍රි.පූ. 969-716 අතර කාලයට අයත් අස්ථි නියැදියක් සම්බන්ධයෙන් 1975දී කරන ලද අධ්‍යයනයකි.

බි්‍රතාන්‍යයේ ගල් ගුහාවලින් හා මිනිස් මළසිරුරු ආදාහනය කෙරුණු පෙදෙස්වලින් ද හමුවී ඇති දුඹුරු වලසුන්ගේ සිරුරු කොටස් අතර නිය හා වෙනත් ඇට කැබැලි ද බහුලය.

පර්යේෂකයෝ එම කොටස් සම්බන්ධයෙන් පවත්වන අධ්‍යයනවල ප්‍රතිඵල උපයෝගි කොට ගෙන දුඹුරු වලසුන් බි්‍රතාන්‍යයෙන් තුරන් වූ වකවානුව හා ඔවුන් යළි බි්‍රතාන්‍යයට ආනයනය කෙරුණු යුගයද නිශ්චය කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

මෙම සතුන් එක් යුගයකදී බි්‍රතාන්‍ය පුරා විසිරී සිට ඇති නමුත් අවසාන හිම යුගයෙන් පසු ඔවුන්ගේ ගහනය කෙමෙන් අඩුවන්නට පටන්ගෙන ශිලා යුගයේදී එය තවත් අඩු වී යකඩ සමය තුළ එය ඉතාම පහළ මට්ටමකට බැස ඇතැයි පර්යේෂකයෝ කියති. ඔවුන් තවදුරටත් සඳහන් කරන පරිදි රෝමානු සමයේදී බි්‍රතාන්‍යයේ දුඹුරු වලස් ගහනය වැඩි වී ඇත්තේ නොයෙක් විනෝද කටයුතු සඳහා දුඹුරු වලසුන් ඉතා විශාල වශයෙන් ආනයනය කෙරුණු හෙයිනි. ඇන්ග්ලෝ - සැක්සන් සමයේදී ආදාහනෝත්සව සඳහා දුඹුරු වලස් නිය පාවිච්චි කර ඇති බව භස්මාවශේෂ තැන්පත් කරන ලද බඳුන්වල තිබී හමුවුණු වලස් නියවලින් සනාථ වෙයි. වලස් සම් ද ආදාහනෝත්සවවලදී යොදාගෙන ඇත.

වයිකිං යුගයේදී සොහොන් ගැබ් තිබෙන තැන් සලකුණු කරනු පිණිස ඉතා අලංකාර ලෙස කැටයම් කරන ලද ගල් යොදා ගැනුණු අතර ඉතා තියුණු බෑවුම" යන අර්ථය දක්වන "හොග්බැක්" (ඩ්ධඨඡචජඬ) යන නාමයෙන් හැඳින්විණි. සමහර තැන්වල එම ගල්වලින් ද වලසා පිළිබිඹු වෙයි. සොයා ගැනුණු සිරුරු කොටස් අතර තිබුණු යකඩ යුගයට හා ඇන්ග්ලෝ සැක්සන් සමයට අයත් සම් කැබැලි බොහෝමයක් මිනිස් මළසිරුරු මිහිදන් කරනු පිණිස යොදා ගන්නා ලද සම්වලට සමාන යැයි ආචාර්ය ඕරේගන් ප්‍රකාශ කළාය.

දුඹුරු වලසුන්ගේ සිරුරු කොටස් අයත් වන කාල වකවානු නිගමනය කළ හැකි පෙදෙස් 57ක් බි්‍රතාන්‍යයෙහි තිබෙන අතරම අවසාන හිම යුගයෙන් පසු බි්‍රතාන්‍යයෙහි දුඹුරු වලසුන් සිටි බව සනාථ කර සිරුරු කොටස් සහිත අමතර පෙදෙස් 25ක්, පර්යේෂකයන් විසින් නිශ්චිතවම දක්වනු ලැබ තිබේ. ඉන් පසු කාලයක මෙහි දුඹුරු වලසුන් සිටියේදැයි තමා නොදන්නා බවත් මෙතෙක් ඒ ගැන කිසිදු ගවේෂණයක් කර නැති බවත් ආචාර්ය ඕරේගන් පැවැසුවාය. අදාළ වන කරුණු බොහෝමයක් අප නොදන්නා හෙයින් දුඹුරු වලසුන් කවදා කෙසේ වඳ වී ගියේ ද යන්න පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව තිබේ යැයිද ඇය කීවාය.

දුඹුරු වලස්සු යළි බි්‍රතාන්‍යයට පැමිණෙත්ද?

එංගලන්තයේ වන රොද තුළට දුඹුරු වලසා යළි පැමිණීමට ඉඩ තිබේ යැයි මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් විය. මෙම සිවුපාවා නැවතත් බි්‍රතාන්‍යයට හඳුන්වා දීම සඳහා පවුම් පනස් ලක්‍ෂයක ව්‍යාපෘතියක් බි්‍රස්ටල් නගරය සමීපයේ අක්කර හතක බිම්කඩක ක්‍රියාත්මක වී තිබේ. ගස් මුදුන් ඔස්සේ ගමන් කරමින් වලසුන් මැනවින් දැකබලා ගත හැකි වන සේ නරඹන්නන් වෙනුවෙන් ගුවන් මංපෙත් ද මෙහි ඉදි වී තිබේ. අඩි අටක් උසට වැඩෙන යුරේසියානු දුඹුරු වලසුන්, වලස් වනය යනුවෙන් හැඳින්වෙන මෙම උයනෙහිදී නරඹන්නන්ට දැක ගත හැකි වන අතර මෙම වලසුන්ද මධ්‍ය කාලීන එංගලන්තයෙහි සිටියවුන්ට මෙන්ම ඔවුන්ගේ පැටවුන් හදා වඩා ගන්නවා ඇත. මෙම ව්‍යාපෘතිය ඉක්මනින් ආරම්භ කළ හැකි වෙතැයි විශ්වාස කෙරෙයි.

මේ සඳහා දැනටමත් නොයෙක් රටවලින් ආධාර මුදල් ලැබී ඇති අතර තවත් පවුම් විසි ලක්‍ෂයක් පමණ අවශ්‍ය යැයි බි්‍රස්ටල්හි සත්ත්ව විද්‍යා සංගමය කියයි. "වලස් වනය" තුළ සියලු ගොඩනැඟිලි එහි වෙසෙන සතුන්ට අවශ්‍ය පරිසරයට මැනවින් ගැළපෙන සේ ඉදිකෙරෙන අතර එම ප්‍රයත්නයේ සාර්ථකත්වය තහවුරු කර ගැනීම සඳහා ඒ ආසන්නයේ පිහිටි වන සත්ත්වාරක්‍ෂක උද්‍යානයෙහි සිටින යුරෝපීය කළු වෘකයන්ගෙන් පස් දෙනකු, "වලස් වනයේ" වැඩ අවසන් වූ පසු එහි රැඳවීමට අදහස් කරනු ලැබේ. වලස් වනය තුළ රඳවනු ලබන දුඹුරු වලසුනට කිසිදු ලෙසකින් ඉන් පිටව යන්නට ඉඩ නොලැබෙන සේ උයන සුරක්‍ෂිත කෙරෙන බවත් ඔවුනට අවශ්‍ය සත්ත්වාහාර එහි භාරකරුවන් විසින් නිසි පරිදි සැපයෙනු ඇති බවත් බි්‍රස්ටල් සත්ත්ව විද්‍යා සංගමය ප්‍රකාශ කරයි.

පරිවර්තනය ප්‍රේමචන්ද්‍ර අල්විස්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon