යුදෙව්වන්ට පණ දුන් කවුද මේ ඇලීකම් ෂෝලම්

  👤  3397 readers have read this article !
2018-08-12

ඇලීකම් ෂෝලම් (Alleichem Sholem) (1859-1916) හඳුන්වන්නේ ෂෝලම් යාකොම් රාබිනෝවිට්ස් ලෙසය. මොහු යුදෙව් ජාතික නවකතාකරුවෙකි. නාට්‍යවේදියෙකි.

කෙටිකතාකරුවෙකි. රුසියානු යුදෙව්වන්ට මුහුණපාන්නට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව නැඟුණු ඔහු, ඔහුගේ සෑම නිර්මාණයක් තුළින්ම එකී යුදෙව් හඬ මතු කළේය.

හාස්‍ය හා උපහාසය මුසු අරුත්බර ඔහුගේ නිර්මාණ යුදෙව්වන් කෙරෙහි අනුකම්පාවෙන්ම කළ ඒවා විය. ඇලීකම් අතින් නිමාවුණු නිර්මාණ අතරින් ලොව ප්‍රකට නිර්මාණයක් ලෙස මතුවී පෙනෙන්නේ 1949දී ඔහු ලියූ "ටෙව්යේ ද ඩේරිමන්" (Tevye The Dairyman නම් නාට්‍යයි. එය 1964දී සංගීතමය අංග ලක්ෂණ සහිත චිත්‍රපටයක් ලෙස "ෆිඩ්ලර් ඔන් ද රූෆ්" (Fiddler on the Roof) නමින් ලොව පුරා ජනප්‍රිය බවට පත්විය. 1954දී ඔහු ලියූ "ද ඕල්ඩ් කන්ටි්‍ර (The Old Country) නවකතාවද අමතක කළ නොහැකි සුවිශේෂී නිර්මාණයකි.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon