ලොව දිගම නියපොතු ඇති මිනිසා කියන කතාව

  👤  3490 readers have read this article !
2018-08-12

සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක් ලෝක වාර්තාවක් තැබුවට පස්සෙ ඒක ආයෙ බිඳෙන්න නම් ඒ පුද්ගලයා මිය යන්න ඕනෙ. එහෙමත් නැත්තම් වෙනත් පුද්ගලයෙක් ඒ වාර්තාව බිඳ දමන්න ඕනෙ. ඒ දෙවිදියටම සිදුනොවී පසුගියදා වසර 66ක් තබා තිබූ ගිනස් වාර්තාවක් ඒ වාර්තාව තැබූ පුද්ගලයා විසින්ම අහිමිකර ගත්තා.

මේ පුද්ගලයා ශි්‍රධර් චිලාල් නම් ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ ජීවත්වන පුද්ගලයෙක්. මෙතෙක් ලෝකයේ දිගම නියපොතුවලට හිමිකම් කියූ ශි්‍රධර් පසුගියදා තම නියපොතු කපා දමනු ලැබුවා.

ශි්‍රධර් තම වමතේ නියපොතු කපා දැමීම නතර කළේ 1952 අවුරුද්දෙ. එවකට ඔහු 14 හැවිරිදි පාසල් සිසුවෙක්. ඔහු තම නියපොතු නොකපා ඉන්න තීරණයක් ගැනීමට හේතු වුණේ අපූරු සිද්ධියක්. අහම්බෙන් ශි්‍රධර් අතින් ඔහුගේ පන්ති භාර ගුරුතුමිය ඉතා ආදරයෙන් දිගට මවාගෙන සිටි නියපොත්තක් කැඩුණා. එදා ඇති තරම් ඇයගෙන් බැනුම් ඇසූ ශි්‍රධර්ගේ මතකයෙ ඇය පැවසූ එක් දෙයක් ඉතා තදින්ම රැඳුණා.

"මං මේ නියපොතු වැව්වේ ඉතාම අමාරුවෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම මං ඒ ගැන ලොකු සැලකිල්ලක් දැක්වුවා. ඔය ළමයට මේ නියපොත්ත ඔයාගෙ වුණා නම් තේරෙයි, මේ කළ දේ බරපතළකම." එදා ඉඳන් ශි්‍රධර් තීරණය කළා තම වම් අතේ නියපොතු නොකපා ඉන්න. මේක ගිනස් වාර්තාවක් වේවි කියලා ඔහු හිතුවෙ නැහැ. මොකද ඒ වෙනකොට ගිනස් වාර්තා පොතක් ලෝකෙට බිහිවෙලා තිබුණෙ නැහැ.

මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන ශි්‍රධර්ගේ වම් අතේ සියලුම නියපොතුවල දිගේ එකතුව අඩි 29 අඟල් 10ක් වූයේ ලෝකයේ එක් අතක නියපොතුවල වැඩිම දිග හිමි පුද්ගලයාගේ වාර්තාව ඔහුට හිමිකර දෙමිනුයි. නිල වශයෙන් ඒ වාර්තාව ඔහුට හිමිවූයේ 2014 අවුරුද්දෙ.

නමුත් මීට දෙසතියකට පෙර ඔහු තම නියපොතු කපා දැමීමට තීරණය කළා. ඒ වසර 66කට පස්සෙ. මේ සඳහා ඔහු ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වා පැමිණියා. එහිදී ඔහුගෙ නියපොතු කපා දමනු ලැබුවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ, විශේෂ උපකරණයක් ආධාරයෙන් වෑල්ඩිං ශිල්පියකු විසිනුයි. කැපීමෙන් අනතුරුව මේ නියපොතු ඇමෙරිකාවේ ටයිම්ස් චතුරස්‍රයේ "අඥනතඥර'ඵ ඕඥතඪඥමඥ 1බ ධප ව්ධබ" ආයතනයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට නියමිතයි.

"මේ නියපොතු කැපීම හින්දා මෙතෙක් දවසක් මා ලැබූ ප්‍රසිද්ධිය නැතිව යාවිදෝ කියලා මට ලොකු දුකක් ඇති වුණා. ඒත් දැන් මේක මුළු ලෝකයේම අයට දකින්න අවස්ථාව ලැබෙන හින්දා ඒ දුක නැතිව ගියා" ශි්‍රධර් පවසනවා.

වසර 66ක කාලයක් වවාගෙන හිටිය නියපොතු කපා දැමීමට ශි්‍රධර් තීරණය කළේ තවදුරටත් නියපොතුවල බර දරාගෙන සිටීමට ඔහුට නොහැකිවූ නිසයි.

"හදවත ස්පන්දනය වන හැම වාරයක් පාසාම මගේ වම් අතේ ඇඟිලි පහ, මැණික් කටුව, වැළමිට, උරහිස වගේ තැන්වල ලොකු වේදනාවක් ඇතිවෙනවා. සමහර අවස්ථාවල නියපොතු අග හරියට පිච්චෙනවා වගේ දැනෙනවා."

ඔහු සඳහන් කරනවා.

නියපොතු නිසා ගිනස් වාර්තාලාභියකු වීමේ අභිමානය තිබුණත් සමහර අවස්ථාවල ඒ නිසාම තමන් පත්ව සිටින අපහසුතාව ගැනත් විටින් විට ශි්‍රධර් මාධ්‍යවලට ප්‍රකාශ කොට තිබුණා. ඒ අනුව ඔහු සඳහන් කොට තිබූ අන්දමට රාත්‍රියේ එක දිගට නින්දක් ඔහුට ලැබී නැහැ. පැය බාගයකට වරක් ඇහැරෙන ඔහු අනිත් පැත්තට හැරුණේ මහත් වෙහෙසක් දරා තම වම් අත අනෙක් පසට හැරවීමෙන් අනතුරුවයි. ඒත් ඉන් ලැබූ සමහර වාසිද නැත්තෙ නැහැ. "මට කවදාවත් පෝලිමක ඉන්න වුණේ නැහැ. ඉක්මනින් මගේ වැඩේ කරලා දෙනවා" ශි්‍රධර් පවසනවා. කොහොම වුණත් මේ වෙනකොට ලෝකයේම දිගම නියපොතු (දෑතේම) හිමි කාන්තාවගේ වාර්තාවට හිමිකම් කියන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන අයානා විලියම්ස් නමැති "නියපොතු හැඩගැන්වීමේ" ශිල්පිනියක්. 2018 වසරේ ලොව දිගම නියපොතු හිමි කාන්තාව ලෙස ඇගේ නම ගිනස් පොතේ සඳහන් වෙනවා. ඇගේ දෑතේම නියපොතුවල සමස්ත දිග ප්‍රමාණය අඩි 18ක් වන අතර එය වැවීම සඳහා ඇයට වසර 23ක කාලයක් ගතවී තිබෙනවා.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon