කාට කාටත් අමතකයි තුර්කින්ටත් එහෙමයි කවුද මේ කෙමාල්

  👤  3324 readers have read this article !
2018-08-12

තුර්කිය අද දියුණු රටක්ව එදාට වඩා නැඟී සිටියත් එය ඇරැඹූ, ඊට මූලිකත්වය දුන් අසහාය නායකයකු වෙයි. ඔහු නමින් ම්ඥථචත ඒබචබභපඬය. කෙමාල් එසේ ගෞරවාදරයට පත් වන්නට තුර්කියට කළ දේ ඇත්තටම කුමක්ද? එය අද තුර්කියේ තරුණ පරම්පරාව පවා නොදන්නා තරමට ඔහු සැඟව ගොස්ය.

ඔහුගේ ජීවිත කාලය 1881 - 1938 අතර වෙයි. උප්පත්තියෙන් ඔහුට ලද නාමය මුස්තාපා පාෂාය. කුඩා කල සිටම ගණිත මිනිත කටයුතුවලට ශූරයකු වීම නිසා තුර්කි වහරින් එන 'වීරයා' යන අරුත ගැන්වෙන 'කෙමාල්' නමින් ඔහුම ඔහුව හඳුන්වා ගත්තේය. එය කෙතරම් බලවත් වීද යහොත් ඔහු සැබැවින්ම කෙමාල් අටාර්ටුක් (තුර්කියේ වීරයා) තුර්කියේ පියා වන්නේය.

ඒ වෙද්දී ඔහු යුද හමුදාජනරාල්වරයෙකි. තීක්‍ෂණ දේශපාලනඥයෙකි. 1923දී තුර්කි ජනාධිපති වන්නේද ඔහුය. ඒ තුර්කියට ප්‍රථම ජනාධිපතිවරයකු වෙමිනි. පළමු වැනි ලෝක යුද්ධයෙන් පසු ඔහු තාවකාලික කැරැලිකාර හමුදාවක් පිහිටුවාගෙන 1921-22 අතර කාලය තුළදී තුර්කිය අල්ලාගෙන සිටි ගී්‍රක හමුදා පලවා හරින්නට තුර්කි හමුදාවට නායකත්වය දුන්නේය.

අද තුර්කිය මේ තරමට නවීන සමාජය ගැළපෙන ලෙස ගොඩනැඟුණේ ඔහු තැබූ මූලික පදනම නිසාය. සමාජ වෙනස්කම් නිසාය.

තුර්කිය අභිරූපවත් මිනිසුන්ට ප්‍රකට රටකි. එය ආර්ය සම්භවය සහිත හොඳ මිශ්‍රවීමකින් සැදුම් ලද්දකි. නූතන තුර්කියේ බොහෝ ප්‍රතිසංස්කරණවලට පුරෝගාමී නායකයා වූ ඔහු නවීන ලෝකයට ගැළපෙන අයුරින් සමාජ සිරිත් විරිත් පවා වෙනස් කොට අති විශාල සමාජ පරිවර්තනයක්, වෙනසක් සිදු කළේය.

නිවෙස් තුළට ගාල්වී සාම්ප්‍රදායික වහල් ජීවිතයක් ගත කළ තුර්කි කතුන්ට පූර්ණ සමාජ නිදහසත් සියලුම පුරවැසියන්ට සමාන වූ අයිතියත් සෑම පුරවැසියකුටම සමාන අධ්‍යාපන පහසුකම් ඇති කළේය. එය අද තුර්කිය හොඳින් භුක්ති විඳිමින් සිටින්නේය.

ඔහු සැබැවින්ම කවුද? 1881 මාර්තු 12දා ගී්‍රසියේ සාලොනිකාහි උපන් ඔහුගේ පියා වූයේ එහි වරායේ සේවය කළ සුළු රේගු නිලධාරියකු වූ අලිරිසා එෆෙන්ඩිය. මව සුබෙයිදා හනුම් විය. සත් හැවිරිදි වියේදී පියා මිය ගිය නිසා මවට ඔහු හදාවඩා ගැනීම අපහසු විය. මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු 15 වියේදීම හමුදාවට බැඳුණේය. 1899දී එදා කොන්ස්තන්තිනෝපල් ලෙස නම්වූ අද ඉස්තාන්බුල් ලෙස නම් කරන නගරයේ යුද ඇකඩමියෙන් පුහුණුව ලබා පන්නරය ලැබුවේය.

ඔහුගේ ගමන ඉක්මන් හා ශක්තිමත් වූවකි. 1902දී යුද නිලධාරි පුහුණුව ලබාගත්තේය. ඒ වෙද්දී තුර්කිය සුල්තාන් අබ්දුල් හමීඩ්ගේ ඒකාධිපති පාලනයට නතුව පැවැතියේය. ඔහු විප්ලවකාරීන් හා එක්ව 'වතාන්' නමින් දේශප්‍රේමී සංවිධානයක් පිහිටුවා ගනිමින් සටන අතට ගත්තේය. සුල්තාන් මෙයින් උරන වන්නේය. ඔහු අල්ලන්නටද නියෝග කළේය. එය දැනගත් කේමාල් සැලෝනිකාවට පලා ගියත් පසුව ඔහුට සමාව ලැබ හමුදාවටම අනුයුක්ත කර උසස්වීමක් ලබා දුන්නද ස්වකීය විප්ලවකාරී අදහස් ඉවත් කර ගත්තේ නැත.

1911-12 අතර පැවැති ඉතාලි - තුර්කි යුද්ධය වැදගත්ය. 1912-13 අතර පැවැති බෝල්කන් යුද්ධවලදීත් ඔහු තුර්කිය වෙනුවෙන් සටන් කළේය. පළමු ලෝක යුද්ධයේදී ඔහු ඩාඩනලස්හි අණදෙන නිලධාරියා විය. එහෙත් එම යුද්ධයේදී තුර්කිය අපකීර්තිමත් ලෙස මිත්‍ර ජාතීන්ට යටත් වූයේය.

එහෙත් ඉන්පසු ඇති කරගත් 'සේවූ ගිවිසුම'ට ඔහු එකහෙළා විරුද්ධ විය. ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ ඉන් පසුවය. 1920දී විදේශ ආධිපත්‍යයට එරෙහිව ජාතික ව්‍යාපාරයක් දියත් කර ඇංකාරාවේ වෙනම රාජ්‍යයක්ද පිහිටු විය. 1921-22දී සුළු ආසියාවෙන් (වත්මන් ඇනමෝලියාව) ගී්‍රක හමුදාව නෙරපා හැරියේය. එපමණක් නොව 1922 ඩවෝමන් අධිරාජ්‍යයද අවසන් කළේය. අනතුරුව 1923 තුර්කිය ජනරජයක් බවට පත්කොට එහි ප්‍රථම ජනාධිපතිවරයා විය. අද තුර්කිය දෙපයින් නැඟී සිටින්නේ බලවත් වන්නේ ඔහු තැබූ යෝධ පියවර මතින් ඉදිරියට ආ නිසාවෙනි.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon