ඔහෙ හිටපන් චේගුරා අනේ බොලේ මං ගුරා

  👤  3051 readers have read this article !
2018-08-12

මෙය වර්ෂ එකදහස් නවසිය හැත්තෑ එකේ රාජ්‍ය විරෝධී කැරලි සමයේ සිදුවූ සිද්ධියකි. එම කාලයේදී කැරලිකරුවන් හැඳින්වූයේ චේ ගුවේරාකාරයන් ලෙසනි.

ගමේ නර්තන ගුරුවරයෙක් සිටියා. ඔහු නමින් කලානාථය. එහෙත් ගම්මුන් බොහෝ දෙනකු ඔහු හැඳින්වූයේ නැටුම් ගුරුවරයා නමිනි. නැටුම් ගුරා කොණ්ඩය දිගට වවා තිබිණි. නිතර සැරසී සිටියේ සුදුපාට ජාතික ඇඳුමෙනි.

ඒ කලබල සමයේ ප්‍රදේශයේ පොලිසියේ රාජකාරි කළ සිංහල නොවන පොලිස් නිලධාරියා නගරයේ රාජකාරි කරමින් සිටියේය. මේ අවස්ථාවේ නැටුම් ගුරා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා පසුකරමින් පාපැදියෙන් ගියේය. කොණ්ඩය දිගට වවා සිටි නැටුම් ගුරුවරයා දුටු පොලිස් නිලධාරියා ඔහු නැවැත්වූයේ සැක සිතුණු නිසාවෙනි.

"ඒයි ඕම ඉටපන්. උම්බ චේගුරා නේද?"

එවිට නැටුම් ගුරුවරයාගේ පිළිතුර වූයේ "අනේ නෑ සර් මම චේගුරා නොවෙයි. මම නැටුම් ගුරා" යන්නය. එවිට පොලිස් නිලධාරියා "හොන්දයි හොන්දයි යනව යනවා" යැයි කීය.

සාමවිනිසුරු හාල්දඬුවන බොනිපස් සිල්වා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon