අඟහරු මත සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න

  👤  3219 readers have read this article !
2018-08-12

පිටසක්වළ ජීවීන් සිටීද නැද්ද යන්න අතීතයේ සිට මේ දක්වා විවාදයට භාජන වී ඇති මාතෘකාවකි. සමහරු පිටසක්වළ ජීවයක් ඇති බව පිළිගන්නා අතර තවත් සමහරු හාස්‍යයෙන් එය බැහැර කරති. කෙසේ නමුත් පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක වරින් වර ලෝකයා හමුවේ දිගහැරෙමින් පවතී. නාසා ආයතනය විසින් පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයන් කීපයක් මෑතකදී සොයාගත් අතර එම ග්‍රහලෝකවල ජීවය පැවතිය හැකි බවට මත පළ වී ඇත. නාසා ආයතනයේ සේවය කළ බොහෝ දෙනාද විශ්‍රාම යෑමෙන් පසු පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක සමූහයක් ලොවට ගෙනහැර දැක්වූහ. පිටසක්වළ ජීවය තහවුරු කෙරෙන නවතම සාධකය වන්නේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අඟහරු ලොව මත ජලය ඇති බවට මෑතකදී කරගත් අනාවරණයයි.

අඟහරු ග්‍රහයා රතු ග්‍රහලොව යන නමින්ද හැඳින්වේ. එය පෘථිවියට සමීපව පිහිටා ඇති පෘථිවියට විශාල ලෙස සමානකම් දක්වන ග්‍රහයා ලෙසද සැලකේ. කෙසේ වුවද අඟහරු ග්‍රහයා මත ජීවය පවතීද නැද්ද යන්න බොහෝ කලක් මුළුල්ලේ විවාදයට බඳුන් වී තිබිණි.

යම් ග්‍රහයකු මත ජීවයක් පවතී නම් එහි ජලය පැවතීම අත්‍යවශ්‍ය වේ. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වසර තුනක් තිස්සේ කරන ලද පරීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රථමවරට පෘථිවියෙන් බැහැර ලෝකයක දියරමය ජලය පවතින බවට අනාවරණය කර ගැනීමට සමත්ව ඇත. ඒ අඟහරු ලොව මතුපිටය. අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධ ගෝලය තුළ මෙම ජලය පිරි දැවැන්ත විල පිහිටා ඇති බව සොයාගෙන තිබේ. ගගන විද්‍යාඥ වර්වික් හොලම්ස්ට අනුව මෙම විල කිලෝමීටර් 20ක පමණ පළලකින් යුතුවේ. එසේම එහි අඩි 10කට වඩා ගැඹුරු ජල මට්ටමක් ඇතැයිද ඔහු සඳහන් කරයි. ඒ අනුව සිදුකළ ගණනය කිරීම් මත ජලය ලීටර් බිලියන 10ක් පමණ එම දැවැන්ත විලේ පවතින බවට අනාවරණය කරගෙන තිබේ. මෙම විලේ ඉහළ කොටස මිදුණු ජලය ලෙස පැවතුණද අභ්‍යන්තරයේ දියරමය ජලය ඇති බවටද අනාවරණය කරගෙන ඇත. මේ අන්දමින් ජලය සහිත ස්ථානයක ජීවය ර¼දා පැවතීම අනිවාර්යයෙන් සිදුවිය හැකි බවට මේ වන විට විද්‍යාඥයන් අනාවැකි පළ කරයි. ඒ අනුව අතීතයේ පටන් අඟහරු මත ජීවය ර¼දා පවතුණු බවට විශ්වාස කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අති නවීන තාක්‍ෂණික උපකරණ යොදා ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ. අඟහරු මත තවත් මේ ආකාරයෙන් ජලය සැඟවී තිබිය හැකි බව ඔවුන්ගේ මතයයි. මේ පරීක්‍ෂණයට සහභාගි වූ ඕස්ට්‍රේලියානු මහාචාර්ය ඇලන් ඔෆ් පවසන්නේ අඟහරු මත ජීවය පොළෝ මට්ටමින් පහළට වන්නට පැවතිය හැකිය යන මතය මේ මඟින් තහවුරු වන බවයි.

මේ සොයා ගැනීමත් සමඟ රුසියාවේ උපත ලද "තරු දරුවා" ලෙස හැඳින්වෙන බොරිස්කා ක්‍රිප්‍රියනොවිච් දරුවා මීට පෙර කළ ප්‍රකාශයන් ගැනද ලෝකයාගේ අවධානය යොමුවී තිබේ. බිළිඳු වියේ පටන්ම පෙර භාවය පිළිබඳ අනාවරණය කළ මෙම දරුවා පවසා සිටියේ තමා පෙර භවයේදී අඟහරු ජීවියකු බවයි. ඔහු අඟහරු ලොවේදී ගුවන් නියමුවකු ලෙස රාජකාරි කර ඇත. ඔහු වැඩිදුරටත් පවසා සිට ඇත්තේ තමා අභ්‍යවකාශ යානාවල නැඟී කීපවරක්ම පෘථිවියට පැමිණ ඇති බවයි. එකල පෘථිවියේ ජීවත් වූයේ ලෙමූරියන්වරු බව ඔහු පවසා සිටී. බොරිස්කාගේ ප්‍රකාශයන් අතර වඩා වැදගත් වන්නේ ඔහු අඟහරු මත ජීවය හා ජලය පිළිබඳ කළ අනාවරණයන්ය. ඔහු පවසා ඇත්තේ අඟහරු මත එකල දියුණු ජීවයක් තිබූ බවත් භයානක ව්‍යසනයකින් පසු එහි වායුගෝලය විනාශ වූ බවත්ය. මේ නිසා එහි වාසය කළ පිරිස අතරින් ඉතිරි වී ඇත්තේ ස්වල්ප දෙනෙකි. ඔවුන් මේ වන විට පොළොව යට ඉදිකළ නගරවල ජීවත් වන බව බොරිස් පවසා ඇත. එසේම අඟහරු මත විශාල ජල පරිමාවක් පවතින බවද ඔහු අනාවරණය කර තිබිණි. අඟහරුගේ දකුණු අර්ධගෝලය අධික ශීතලෙන් යුතු බැවින් එම ජලය අයිස් වශයෙන් මිදී පවතින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් සිදු කළ සොයා ගැනීමත් සමඟ බොරිස්කා දරුවාගේ ප්‍රකාශ සියයට සියයක්ම නිවැරැදි බව තහවුරු වී ඇත. මේ සියලු සාධක කැටිකොට ගත් විට හැඟී යන්නේ මේ විශ්වයේ අප තනිවී නොමැති බව නොවන්නේද?

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon