කඳු මුදුනත උසස්ම නිමැවුම Acropolis

  👤  3049 readers have read this article !
2018-08-12

 

ඇකේ‍රාපොලිස් Acropolis නමින් හඳුන්වන්නේ පැරැණි ග්‍රීක නගරයකි. එය 'උසස් නගරය' යන අරුත් දෙයි. බොහෝ විට පර්වත මුදුනෙහි මේවා පිහිටියේය. එය හුදෙකලා නගරයක් මෙනි.

මෙවැනි නගර බොහොමයක් එකී රාජධානියේ ආගමික හා පරිපාලනමය කේන්ද්‍රස්ථාන වූයේය. යුද්ධයක් පැවැතියේ නම් මෙය මහා බලකොටුවක් සේද ක්‍රියා කළේය.

මේ අතරින් වඩාත් ප්‍රකට 'ඇකේ‍රාපොලිස්' නගරයේ පුරාවස්තු ඇත්තේ ඇතැන්ස් නගරය අවටය. මේ වන විටත් එම පැරැණි ගොඩනැගිලි නටබුන් ඓතිහාසික පුවත ගැඹුරින් දක්වන්නට සාක්ෂි සපයයි.

ක්‍රි.පූ. 480දී ඇතැන්ස්වරුන් පලවා හැර එහි බලය ස්ථාපිත කළ පර්සියන්වරුන් වූ සිමොන්, තෙමිස්වෝකල්ස්, පෙරික්ලීස් වැනියවුන් විසින් ඉදි කළ එම ගොඩනැඟිලි සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් ලෝකයේම අවධානයට පාත්‍ර වන්නේය.

මෙම ගොඩනැඟිලි අතර ප්‍රොපීලිය, පාතේනන් හා 1887 ප්‍රතිසංස්කරණය කරනු ලැබූ එරික්තියම් හා නයික් ඇත්නා දෙවොලද සුවිශේෂ සිහිවටන වන්නේය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon