වියට්නාම් යුද්ධයේ අවසන් කඳුළු බිඳුව

  👤  4041 readers have read this article !
2018-08-12

ඔබ මෙහි දකින්නේ පසුගිය සියවසේ වඩාත්ම සංවේදී වාර්තා ඡායාරූපයයි. ව්ඥඹ කධපඬ ඊඪථඥඵ පත්‍රයේ 1972 ජුනි මාසයේ පළවූ මෙම ඡායාරූපය ලෝකයම කම්පාවට පත් කළේය. ඔබ දකින්නේ දකුණු වියට්නාමයේ සයිගොන් නගරයට කිලෝමීටර් 25ක් දුරින් පිහිටි ප්‍රධාන මාර්ගයකි. දිනය 1972 ජුනි 8 වැනිදාය. නව හැවිරිදි දැරියක් නිරුවතින් ඉදිරියට දිව එන්නීය. ඇය උස් හ¾ඩින් හඬා වැලපෙමින් දිවයන අතර ඇගේ ඥාතීන්ද හඬමින් දිවයන අන්දම පෙනේ. දස දෙනකුට වැඩි හමුදා සෙබළුන් පිරිසක් ඔවුන් අවට සිටිති.

වියට්නාම යුද්ධය වාර්තා කරමින් සිටි ඒඵඵධජඪචබඥඤ ර්ථීපඥඵඵ ඡායාරූප ශිල්පී ව්ඪජඬ උබ විසින් මෙම බිහිසුණු අවස්ථාව සිය කැමරාවට හසුකර ගෙන ඇත. වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණට එරෙහිව සටන් වැදුණු ඇමෙරිකන් හමුදාව බෝම්බ ටොන් දහස් ගණනක් වියට්නාම් පොළොව මත හෙළුවේය. ඇමෙරිකන් ගුවන්යානා අහසින් හෙළු නාපාම් බෝම්බවලින් වියට්නාම් ජනයා විසූ ගම් බිම් දවා අළු විය.

ඡායාරූපයේ පසු පසින් පෙනෙන්නේ ගිනි ගෙන දැවෙන මේ ජනයාගේ ගම්මානයයි. ඡායාරූපයේ පෙනෙන මව සහ දරුවන් හතර දෙනා පිලිස්සුම් තුවාල සහිතව ජීවිතය බේරා ගැනීම සඳහා දුවති.

නිරුවතින් දුවන දැරියගේ නම ර්ථීඩචද ඊඩඪ ම්ඪථ ඡායාරූප ශිල්පී නික් පවසන්නේ යුද වාර්තා කරණයේ යෙදී සිටි තමා ඉදිරියට නිරුවතින් දිව එන දැරිය දැකීමෙන් විමතියට පත්වූ බවය. හැ¾ඩීමෙන් අයාගත් මුව සිරවී ඇය දිව එමින් සිටි බවත් සමීපයට එත්ම ඇයගේ සම පිලිස්සී වැදලි වශයෙන් එල්ලෙන අන්දම බවද ඔහු සඳහන් කර ඇත.

නික් ඇය වහා තම භාරයට ගෙන රෝහල් ගතකරන විට ඇගේ සිරුරින් 70%ක්ම පිලිස්සී තිබුණු බව නික් පවසා තිබේ. ඔහුගේ උත්සාහය නිසාම ඇමෙරිකන් හමුදා වෛද්‍ය අංශයට යොමු කිරීමෙන් දැරියගේ ජීවිතය බේරාගත හැකිව තිබේ. ඉදිරිපස සිටින පිරිමි ළමයා හඬන අන්දමත් පසුපස සිටින දරුවා විනාශ වූ ගේ ‍ෙදාර සහ ඥාතීන් සිටි ගම්මානය දෙස හැරී බලන අන්දමත් හද පාරවන අතර යුද්ධයේ ආදීනව මේ යැයි පෙන්වා දෙයි.

සයිගොන් නගරයේදී ගිනිතබා ගත් ක්වාන් ඩක් හිමියන්ගේ ඡායාරූපය සහ පාන් කි කිම්ගේ ඡායාරූපය ඇමෙරිකා එක්සත් ජනපදය කරා ලෝක ජනතාවගේ අපවාද ගෙන ආවේය. ජනාධිපති රිචඩ් නික්සන් වියට්නාමය පිළිබඳ අනුගමනය කළ තිරශ්චීන ස්ථාවරය වෙනසක් කරන්නට නික් යූටීගේ ඡායාරූපය ඉවහල් විය. එය වියට්නාම් යුද්ධයෙන් ඇමෙරිකානු පරාජයේ සලකුණ වූයේය. 1975 අප්‍රේල් 30දා සයිගොන් ගුවන් තොටින් අවසන් ඇමෙරිකානුවාද පිටත්ව ගියේය.

වියට්නාම යුද්ධයෙන් සිවිල් වැසියන් 9,66,000කගේ ජීවිත අහිමි විය. මියගිය ඇමෙරිකන් හමුදා භටයන් සංඛ්‍යාව 58,220කි. වියට්නාමයේ අතුරුදන් ඇමෙරිකානු සොල්දාදුවෝ සංඛ්‍යාව 1,626ක් බව ගණන් බලා ඇත. මෙම ඡායාරූපයට 1973 වසරේ "පුලිට්සර්" සම්මානය හිමිවිය.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon