හරක් මදිවට බූරුවෝ

  👤  3059 readers have read this article !
2018-08-15

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එකතු වී කළ වැඩ වර්ජනය අවසන් වී දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වූයේ ඉකුත් සඳුදාය. වැඩ වර්ජනය නතර කිරීමට ඔවුන් එකඟ වූයේ පොළොන්නරුවට ගොස් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුවය. සිය ඉල්ලීම් ලැබුණු බව වෘත්තීය සමිති නායකයන් කියා සිටියද මේ වනතුරු ඒ සම්බන්ධයෙන් රජය නිල නිවේදනයක් නිකුත් කර නැත.

වැඩ වර්ජනය පැවැති දින පහට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ පාඩුව රුපියල් කෝටි 10කි. ප්‍රවේශපත්‍ර පෙන්වා ලංගම බස් රථවල දුම්රිය මගීන් ගමන් කිරීම නිසා ලංගමයට රුපියල් කෝටි 5ක පාඩුවක් සිදුවී ඇත.

මේ සියලු පාඩු බැර වන්නේ මෙරට පොදු ජනතාවගේ සාක්කුවටය. සිය වැටුප් විසමතාවට විසඳුම් ඉල්ලා ඊනියා වැඩ වර්ජනයක් ඇරැඹූ දුම්රිය වෘත්තීය සමිති නායකයන්ගේ දෙබිඩි පිළිවෙත ගැන ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයේ ඇත්තක් තිබෙන බව පෙනෙයි. වගකීම් විරහිතව හැසිරෙන මේ වෘත්තීය සමිති නායකයන් දේශපාලනඥයන්ගේ අතකොළු වී ඇතැයි නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකිය.

කාරණය අනෙකකි.
'හරක් මදිවට බූරුවෝ' කීවා සේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සේවකයන් වැඩ වර්ජනයක් අරඹන බව ප්‍රකාශ කර ඇත. රථ වාහන සඳහා හඳුන්වා දී තිබෙන නව දඩ ගාස්තු ක්‍රමයට විරෝධය පළ කිරීමට අරඹන මේ වැඩ වර්ජනය සංකේත වර්ජනයක් ද අඛණ්ඩ වර්ජනයක්ද යන්න පැහැදිලි නැත.

වැඩ වර්ජනය මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික බස් රථ සේවක සංගමය නම් අලුත් වෘත්තීය සමිතියක් විසිනි.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කිසිවක් මේ වැඩ වර්ජනයට සහාය පළ කර නැත. පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ හා කොන්‍ෙදාස්තරවරුන්ගේ එකමුතුවෙන් කෙරෙන වැඩ වර්ජනයේ අරමුණ දඩ ගාස්තු ඉහළ දැමීම නිසා රියැදුරන් අපහසුතාවට ලක්වීමට එරෙහි වීමය. ඔවුන් පවසන ආකාරයට මේ දඩ නිසා 'රියැදුරු වෘත්තිය අනතුරේ' වැටී ඇත


'දඩ' නිසා රියැදුරු වෘත්තිය අනතුරේ වැටෙන්නේ කෙසේදැයි පැහැදිලි නැත. එය පැහැදිලි කරන්නේ නම් වඩා හොඳය. නොඑසේ නම් දුම්රිය වෘත්තීය සමිති ලොක්කන් මගීන්ගෙන් ගුටි කෑවා සේ පෞද්ගලික බස් කට්ටියටත් ගුටි කෑමට සිදුවිය හැකිය. කිසිවකුට පහරදීම අප අනුමත කරන්නේ නැත. එහෙත් 'මගීන්' ප්‍රකෝප වූ විට නතර කිරීමත් පහසු නොවන බව දුම්රිය වැඩ වර්ජනයේ අත්දැකීමෙන් පැහැදිලි විය.

සාධාරණ ඉල්ලීම් මත වුවද සෘජුව ජනතාවට බලපාන දුම්රිය, බස් රිය වැනි සේවා වැඩ වර්ජනය කිරීමට පෙර දෙවරක් නොව තෙවරක් සිතා බැලිය යුතුය. සාකච්ඡා මාර්ගයෙන් 'ප්‍රශ්න' විස¼දා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු වේ. බලධාරීන්ද වෘත්තීය සමිති ඉල්ලීම්වලට කන්දීම අවශ්‍යය. කෙසේ වුවද 'නව දඩ මුදල් එපා' කියා වැඩ වර්ජනයට යෑමට පෙර පෞද්ගලික බස් කොන්‍ෙදාස්තරවරුන් හා රියැදුරන් කල්පනා කර බැලිය යුත්තේ තමන් ඉතා විනයගරුක විනීත සේවයක් මගීන්ට ලබාදෙනවාද යන්න ගැනය. මාර්ග නීති රකිමින්, ආරක්ෂාකාරීව මගීන් ගමනාන්තයට රැගෙන යෑමට තමන් කටයුතු කරන්නේද යන්න ගැන අද නින්දට යෑමට පෙර සිතා බැලීම වැදගත්ය. තරාදියේ වැඩි බර ඇත්තේ 'හොඳ' පැත්තට නම් වැඩ වර්ජනය ඇරඹුවාට කමක් නැත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon