'ඉංගී්‍රසියාට රට භාරදී අපේ ආරක්ෂාවට කටයුතු කළයුතු කාලය එළැඹ තිබේ' - ඇහැළේපොළ

  👤  3903 readers have read this article !
2018-08-19

උදේනි සමන් කුමාර

ඇහැළේපොළ හෙවත් ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ වනිගසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසලමුදලි පණ්ඩිත මුදියන්සේ මෙරට ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගත් චරිතයකි. ඔහු රට ඉංගී්‍රසීන්ට පාවා දුන් තැනැත්තා හැටියට බොහෝ දෙනා ගර්හාවට ලක් කරති. ජනප්‍රිය ඉතිහාස කතාවලට අනුව ඇහැලේපොළ ශ්‍රී වික්‍රම රජුට විරුද්ධව සපරගමුවේ කැරැලි සංවිධානය කළේ වඩුග පාලනයෙන් රට බේරා ගැනීමේ පරම චේතනාවෙන් නොවේ. දේශප්‍රේමයෙන්ද නොවේ. තම රදල වරප්‍රසාද රැක ගැනීම සඳහාය.

ඇහැළේපොළ ඇතුළු උඩරට රදලයන් ඉංගී්‍රසීන්ට රට පාවා දුන්නේ දේශප්‍රේමය පෙරදැරිව නොවේ. ඔවුන් වඩුග රජුට එරෙහි වූයේ හෝ ඉංගී්‍රසීන්ට පක්ෂ වූයේ ඉංගී්‍රසීන් ලවා හෝ මේ පොළොව මත වර්ධනාත්මක සමාජයක් ගොඩනැංවීමේ පරමාර්ථයෙන්ද නොවේ. කාගේ හෝ උදව්වෙන් තම වරප්‍රසාද රැකගනු පිණිසය. ඔහු බැලුවේ ඉංගී්‍රසීන්ගේ උදව්වෙන් කන්ද උඩරට රාජධානියේ සිහසුන අත්පත් කරගැනීමටය. අහැලේපොළගේ අරමුණු නිසැක ලෙස හෙළිවන ලිපියක් තිබේ. එය ඔහු විසින් කොළඹ සිට මතුරට කෝරලයේ තමන්ට හිතවත් රදලවරුන්ට යවන ලද්දකි. මේ එම ලිපියයි.

"සිංහල දීප වාසීන්ගෙන් ආරක්ෂාව පිණිස සියලු වැඩකළ මාගේ කෘත්‍යය මාගේ සතුරෝ නපුරු තේරුම් උපදවා වාසලට දන්වන ලද බව ඒකාන්තයි. මගේ අවංක බව දැන දැනත් වඩුග රජු මට විපත් කළ බව රටවාසීන් දනී. කොහොම වුණත් වඩුග පරම්පරාව නිසා සිංහල සේනාව හැම විදියෙන්ම විනාශ වෙයි. ඉබාගාතයේ ආ වඩුගයෝ කරන නපුරුකම් ඉවසාගත නොහැකිය. රජ්ජුරුවන්ගේ යහපත් ක්‍රියාද මොවුන් නිසා නෂ්ට විය. අපේ දියුණුව මොවුන් නොඉවසති. අපේ සම්පත් සියල්ල බලෙන් ගනිති. එහෙත් රජ අණ ඔවුන්ට හිතවත් බැවින් දිනෙන් දින බලවත් අනදර වැඩේ.

මේවා මැඬපවත්වා ආණ්ඩුව කරවීමට මා කළ දේ කාටත් මතක ඇත. ඒ සියල්ල නපුරු ලෙස වාසලට දන්වා වවුල් ගතියෙන් ආරක්ෂාව අපේක්ෂාවෙන් සිටිති. මේ සියල්ල අප ජාතියේ රජ පරපුර නෂ්ට වීමෙන් සිදුවූ විපත්ය. මේ විපතින් ඉදිරියටත් සිංහලයා ආරක්ෂා වන අයුරු පරීක්ෂාවෙන් වැඩ කිරීම අප කාටත් භාර වැඩකි.

දැන් එංගලන්තවාසීන් ආණ්ඩු කරන ප්‍රදේශවල මේ ගතිය මඳක් අඩු බව අපට වැටහී තිබේ. අපේ රජ පරම්පරාවලට සම නොවෙතත් වඩුග රජවරුන්ට වඩා ඉංගී්‍රසි අණ සාධාරණ බව දැන ගතිමි. කෙලෙසත් අප පරදේශීන්ට යටත්ව සිටින්නෝ වෙමු. එබැවින් ඉංගී්‍රසීන්ට රට භාරදී අපේ ආරක්ෂාවට කටයුතු සලස්වා ගැනීමට කාලය පැමිණ තිබේ. මෙවැනි විපත් මෙයට පෙරද නොයෙක් වර සිදුව තිබේ. මතුවට එසේ නොවන ලෙස මම වැඩ කරමි. රට පාවාදී විසිපස් වසක් ඇතුළත අප විසින්ම අප රට ආණ්ඩු කරවන සම්මත ආණ්ඩුවක් උඩරට ඇති කරදී ඔවුන් පහත රට ආණ්ඩු කරන බවට ගොවැණිදෝරු ගවමන්ට් ජෙනරල් තැන මා සමඟ දේවස්ථානයේදී දිවුලේය. මේ හැර වෙන සුදුසු විදියක් දකින්නට නැති බැවින් මෙයම කරනවා හැර ජාතිද්‍රෝහී බස් නොපිළිගත යුතුය.

මෙයට මා හිතෛෂී පුවක්ගොල්ලේද, සපුහින්නේද, මීගස්වත්තේද, යටිවැල්ලද, බජ්ජලද, දරානෙවිකුඹුරේද, පුස්සල මංකඩද, අරාවේද සොඳින් සිතට ගන්ට ඕනෑය."
ඒ වගත් මෙසේය ඇහැළේපොළ
මධ්‍යම ලංකා පුරාවෘත්ත-නාවුල්ලේ ධම්මානන්ද හිමි 1969-මාර්තු ඇම්.ඩී. ගුණසේන සහ සමාගම පිටු අංක 150-151)

ඇහැළේපොළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධ වන්නෙ දේශප්‍රේමයෙන් නොවන බවත් ඔහු වඩුග රජුට එරෙහි වූයේ පෞද්ගලික අවශ්‍යතා මත රදලවරුන්ගේ පන්ති අවශ්‍යතා රැක ගැනීමේ අභිලාෂය නිසා බව මෙයින් සනාථ වේ.

"ඉංගී්‍රසි අණ සාධාරණ බව දැන ගතිමි. ඉංගී්‍රසියාට රට භාරදී අපේ ආරක්ෂාවට කටයුතු කළයුතු කාලය එළැඹ තිබේ" යැයි. හෙතෙම නොවළහා ප්‍රකාශ කර තිබේ. ඇහැළේපොළ අපේ යනුවෙන් සඳහන් කරන්නේ කන්ද උඩරට සිංහල ජනතාව නොවන බව ඉතා පැහැදිලිය. රට පාවා දෙන්නට යෝජනා කරන්නේ රදල පන්ති පැවැත්ම හා ආරක්ෂාව උදෙසාය. වඩුගයාද ඉංගී්‍රසියාද යන්න ඇහැළේපොළගේ දේශපාලනයට වැදගත් නොවීය. බි්‍රතාන්‍ය පාලනයෙන්ද ඔහු අපේක්ෂා කළේ රදල වැඩවසම් ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමය. දේශප්‍රේමයක් එහි නැත. ඔහු කතා කරන්නේ පන්තියේ ආරක්ෂාව ගැනය. ඔහු ඉතා නිරවුල්ව මේ ලිපියේ සඳහන් කරන්නේ.

"රට ආණ්ඩු කරන සම්මත ආණ්ඩුවක් උඩරටට ඇති කරදී පහතරට ඔවුන් ආණ්ඩු කරන බව ගොවැණිදෝරු තැන දිවුරා ප්‍රකාශ කළ බවය. මේ නිරුවත් අවස්ථාවාදය ඔහුගේ පන්ති අභිප්‍රාය මත පදනම් වේ. ඇහැළේපොළ මෙසේ ලියා තිබියදී ආනන්ද කුමාරස්වාමි, තෙන්නකෝන් විමලානන්ද වැනි ඉතිහාසකරුවෝ ඇහැළේපොළට දේශප්‍රේමී ලේබලය ඇලවීම කනගාටුවට කරුණකි. එයට හේතුව ඔවුන් පන්ති දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය විග්‍රහ නොකිරීමය.

අපේ ඉතිහාසකාරයන් අපේ දේශපාලනඥයන්, සංස්කෘතික විචාරකයන්, දේශප්‍රේමීන් ඉතිහාසය විග්‍රහ කරන ක්‍රමවේදය සැකසී තිබෙන්නේ පන්ති ස්වරූපයන් වසං කරමින් ආගම භාෂාව හෝ සාම්ප්‍රදායික උරුමයන් පදනම් කරගනිමිනි. මෙය ඉතිහාසය හැදෑරීමට වැරැදි ‍ෙදාරකින් ඇතුළු වීමට සමානය.

භාෂාව, ආගම, සිරිත් විරිත් සියල්ල තැනෙන්නේ ජීවන රටාව විසිනි. නිෂ්පාදන රටාව විසිනි. යැපීම් මාධ්‍යය තනන ආර්ථිකය විසින් මිනිසා පන්තිවලට බෙදනු ලබයි. සිය පැවැත්ම උදෙසා මිනිසා යැපීම් මාධ්‍ය විසින් ගොඩනඟන ආර්ථික රටාව ආරක්ෂා කිරීමට පෙලඹේ. වරප්‍රසාද ලත් පන්තිය සිය වරප්‍රසාද අහිමි වනවාට ඇති බිය හේතුවෙන් පවතින ආර්ථික රටාව ආරක්ෂා කිරීමට පෙලඹේ. ඔහු ඒ සඳහා පොදුජනයා අෑ¼දා ගන්නේ තමන් ගෙනයන සටනට සංස්කෘතිය ආගම, ජාතිය, ආරක්ෂා කිරීමේ දේශප්‍රේමී මුහුණුවර ආලේප කිරීමෙනි. ධනපති පන්තියේ මේ උගුලට හසුවන ජනයා ඉන් ගලවා ගැනීම අසීරුය. වර්තමානයේ ලංකාවේ සිදුවෙමින් පවතින්නේ එයයි.

දේශප්‍රේමය ඉදිරියට දමා ස්වකීය පන්ති අරමුණු සාක්ෂාත් කරගැනීම වර්තමානයේ පමණක් නොව අතීතයේද පැවැතියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon