ඩේ‍රා්න යානාවලින් රූපගත කළ ලොවම හෙල්ලූ සුපිරිම ඡායාරූප ගොන්න මෙන්න

  👤  4236 readers have read this article !
2018-08-19

සංකල්පීය ස්වභාවධර්මය, ජනතාව, ක්‍රීඩා, වනජීවී හා නාගරික යන ශේ්‍රණිවලට අයත් ඡායාරූප 4,400කට වැඩි ගණනක් "ඩේ‍රා්න් සම්මාන" සඳහා ඉදිරිපත් විය.

"වසරේ හොඳම ඡායාරූපය" සඳහා වූ ත්‍යාගය, ෆ්ලෝරියල් ලෙඩොක්ස්ගේ "ධ්‍රැව වලසාට ඉහළින්" යනුවෙන් නම් කෙරුණු විචිත්‍ර නිර්මාණයට හිමි විය.

විස්මය දනවන අනෙක් ඡායාරූප අතර "වලාකුළින් වටවුණු කුඩා ඉතාලි නගරයක්" හා "මුහුදෙන් නැඟෙන රක්ත වර්ණ ගිනිදලු" යන නිර්මාණද විය.

මේ වසරේ අලංකාරතම ගුවන් ඡායාරූප සඳහා පැවැත්වුණු "ඩේ‍රා්න් සම්මාන" ප්‍රදානෝත්සවයේදී ජයග්‍රහණ හිමිවුණු විස්මයජනක ඡායාරූප කිහිපයක් ඉහත දැක්විණි.

ඉහත සඳහන් ශේ්‍රණි හය සඳහා ඡායාරූප 4,400කට වැඩි ගණනක් ඉදිරිපත් විය.

"ආට් ෆොටෝ ට්‍රැවල්" සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගය සඳහා වෘත්තීය හා ආධුනික ඡායාරූප ශිල්පියෝ ඉදිරිපත් වූහ.

2018 වසරේ හොඳම ඡායාරූපය සඳහා වූ ත්‍යාගය ෆ්ලෝරියල් ලෙඩොක්ස්ගේ "ධ්‍රැව වලසාට ඉහළින්" ඡායාරූපයට හිමි විය. ධ්‍රැව වලසා එකිනෙකින් වෙන් වුණු හිම කොටස් දෙකක් අතර විහිදෙන ආකාරයක් පළිඟු මෙන් නිල් පැහැති ජල දහරාවක් ධ්‍රැව වලසාට පහළින් විහිදෙන ආකාරයත් එම ආකර්ෂණීය ඡායාරූපයෙන් දැක්විණි. ඉතාලියේ සියෙනා නුවරදී එම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

1. මේ වසරේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය දිනාගත් "ධ්‍රැව වලසාට ඉහළින්" මෙය ෆ්ලෝරියල් ලෙඩොක්ස් විසින් ගන්නා ලද්දකි.

02. "කාලගුණ නාගයා" ඕවිඩී පොප්ගේ නිර්මාණයකි. මින් දැක්වෙන්නේ අඩක් හරිත තුරු වදුලෙන් ගහන සරු බිමකින්ද අඩක් හිමෙන් වැසුණු මුඩු බිමකින්ද යුත් පෙදෙසක ගලා යන ඇළකි.

03. ස්වභාව ධර්මය මාතෘකා කරගත් ඡායාරූප අතර ජයග්‍රාහී ඡායාරූපය මෙහි දැක්වෙයි. මෙය ගේබි්‍රයල් ස්කැනු නමැත්තා විසින් ගන්නා ලද්දකි. සෞදි අරාබියේ පුරාවිද්‍යාත්මක බිම්කඩක් මින් දැක්වෙන අතර මෙහි ඉතිරිව තිබෙන කොටස් පළමු වැනි සියවසට අයත්ය.

04. "අපායේ ‍ෙදාරටුව" යන මාතෘකාවෙන් ශියාවෝ ශියාවෝ විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපයට "ස්වභාව ධර්මය" ශේ‍ර්ණියේ දෙවැනි තැන හිමි විය. මුහුදෙන් නැඟෙන රක්ත වර්ණ ගිනි දැල් හා ඉන් අහසට නැඟෙන දුම් පටලද මින් දැක්වෙයි.

05. "නාගරික" ශේ්‍රණියේ ප්‍රථම ස්ථානය ගත් මෙම ඡායාරූපය "වලාකුළු මත පිහිටි ඇසිපි" යනුවෙන් නම් කැරිණි. ඉතාලියේ ඇසිපි නමැති කුඩා නගරය වලාකුළු ගොන්නකට ඉහළින් පෙනෙන ආකාරය මින් දැක්වෙයි. මෙය ෆ්‍රැන්සිස්කෝ කැටුටෝ විසින් ඉදිරිපත් කරන ලදී.

06. බයිරන්ඩු බොයිස් විසින් "ගබඩා ගින්න" නමින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපයට "නාගරික" ශේ‍ර්ණියේ දෙවැනි තැන හිමි විය. භාණ්ඩ ගබඩාවක හටගත් ගින්නෙන් නැඟුණු ගන කළු දුම් පටලය නගරය වැසී ගිය අයුරු මින් දැක්වෙයි.

07. ඇන්ඩර්ස් කාර්ල්සන් විසින් "මුවා සහ පැටියා" යන නමින් ඉදිරිපත් කරන ලද මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ තල්මසුන් දෙදෙනෙකි. "වනජීවී" ශේ්‍රණියේ මෙම ඡායාරූපය බොහෝ දෙනකුගේ ඉමහත් ඇගැයීමකට ලක් විය.

08. බෝට්ටු කිහිපයක් වට කරගත් තල්මස් මෝරුන් රැළක් වශීර් මවුකාසල්ගේ කැමරාවට හසුවූයේ මෙසේය.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon