අපි කල්ලන් තමයි බොලන් ලොව හොල්ලන හඬත් බලන්

  👤  3650 readers have read this article !
2018-08-19

වර්ගවාදී පීඩනයෙන් ගැලවී නැඟී සිටි ගායිකාවක වශයෙන් මේරියන් ඇන්ඩසන් (ර්චපඪචද ඒදඤඥපඵධද) 1897-1993 සුවිශේෂී තැනැත්තියකි. ඇය ඇමෙරිකානු කොන්ට්‍රාල්ටෝ (ඛ්ධදබපචතබධ) ගායිකාවක වශයෙන් තැබූ මතක සටහන් බොහෝය. තමන් වටා එරෙහිව ගොඩනැඟුණු, කළු හඬක් ඇති අයකු වීම නිසා වූ අසාධාරණයන්ට සිහිබුද්ධියෙන් මුහුණ දුන්නාය.

කළු ජාතික කාන්තාවක් වීම නිසා ඇයට වොෂින්ටන් ඩී.සී. හි ප්‍රධාන රඟහලෙහි ගායනය තහනම් විය. එය ගණනකට නොගත් ඇය 1939දී ලින්කන් අනුස්මරණ ශාලාවේ පඩිපෙළක් මතට නැඟ 75,000කට වැඩි ජනතාවක් ඉදිරියෙහි සිය ගායන හැකියාව ප්‍රකට කරවමින් ගැයුවාය. කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණය ලෝකයා හමුවේ හෙළිදරව් කරමින් පැවැසුවාය. නිර්මාණ හැකියාවන් හරහා තම වර්ගයාගේ දුක්ඛ දෝමනස්සයන් හා බලවත් හැඟීම් පළ කළාය. එය සාර්ථක වූයේ බාධක රැසක් මධ්‍යයේය.

1955දී නිව්යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් ඔපෙරාවේ ගායනා කළ පළමු කළු ජාතික කාන්තාව ඇයය. ඒ වර්ඩි (ඍඥපඤඪ) ගේ උද ඕචතතධ ඪද ථචඵජඩඥපච නම් ඔපෙරාවේ උල්රිකා (උතපඪජච) ගේ චරිතයට පණ පොවමිනි. එයින් හා ඇගේ ගායන ප්‍රතිභාවයන් පළකිරීමෙන් තමන් දුර්ලභ ගණයේ ගායිකාවක බවට ඔප්පු කර පෙන්වා දුන්නාය.

ඇගේ දිවි මඟ පියසටහන් අපූරුය. 1897 පෙබරවාරි මස 17 වැනිදා ෆිලඩෙල්ෆියාවේ උපත ලද ඇය සය වැනි වියේදීම බැස්ටිස්ට් පල්ලියේ ගීතිකා කියන්නට එක්වූවාය. 1925 දී නිව්යෝර්ක් ෆිල්හාමොනික් සංගීත කණ්ඩායමේ ගායිකාව ලෙස 300ක් පමණ වූ තරගකරුවන් අතරින් ඇයව තෝරා ගනු ලැබීය. පසුව ඇයට යුරෝපයේදී ගායනය හා සංගීතය පිළිබඳව වැඩිදුර හදාරන්නට ඉඩ හසර පෑදුණේය.

ඇයගේ විශේෂත්වය වූයේ වෙනත් ඔපෙරා රංගනවල ගායනයේ නොයෙදී සම්භාව්‍ය සංගීතයට අයත් ගායනයේ පමණක් යෙදීමය. මයි ලෝඩ් වට් අ මෝනිං (ර්ර ඹ්ධපඤ, එඩචබ ච ථධපදඪදඨ) නමින් ඇයගේ ස්වයං ලිඛිත චරිතාපදානය 1956 දී පළ කරන්නට යෙදීමත් සමඟ ඇය අත්විඳි බොහෝ කටුක අතීතයන් හා මතකයන්ද සමාජයට තිළිණ කළ හරයන්ද ඉස්මතු වී පෙනෙන්නට පටන් ගත්තේය. ඇය පිළිබඳව වඩාත් කතාබහට ලක් කෙරුණේ ඉන් පසුව බව පෙනෙන්නට තිබිණි. ඇය සම්මාන රැසකින් පිදුම් ලැබුවාය. ඉන් 1939 දී ලැබූ ස්පින්ගාන් පදක්කම සුවිශේෂ විය. තම වර්ගයාට ණයක් නොවන්නට වග බලාගත් ඇය බොහෝ අසීරුතා මැද උකටලීව නොඉඳ, ගැහැනු බවද අමතක කොට බලවත් සමාජ සංස්කෘතික වැට කඩුලු සිහිනුවණින් බිඳ ඇය හා සමාන දුක් විඳි වර්ගයාට යහපතක් සැනසීමක් සලසන්නට දිරිමත් වූවාය. එය ඇය නියෝජනය කළ ජනතාවගේ අයිතිවාසිකම් රැකගන්නට, යමක් දිනාගන්නට මඟ සැලැසුවාය. 1993 අප්‍රේල් 8දා පොට්ලන්ඩ්වලදී ඇය මිය යන තුරුම සිතිවිලිවලින් බලවත්ව හි¼ද ඇය සැලසූ මඟ බලවත්ය. ශක්තිමත්ය.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon