පෘථිවියට සුවිශේෂ වූ 'අංගාරධර අවධිය'

  👤  3623 readers have read this article !
2018-08-19

වසර මිලියන 370-280කට පමණ පෙර පෘථිවිය මත පැවැතියේ යැයි හැඳින්වෙන යුගයකි. පේලියෝසොයික යුගයේ ඩෙවෝනීය හා පර්මීය අවධි අතර කාලය අංගාරධර හෙවත් කාබොනිෆයිරස් යුගය ලෙස හඳුනාගෙන තිබේ.

මෙම කාල පරාසය තුළ පෘථිවියෙහි ගොඩබිම් ශාක, උස් ගස් සහිත වනාන්තර බිහිවී ඇත. අද අප බෙහෙවින් භාවිත කරන ගල්අඟුරු නිධි ඇති පෘථිවියේ ස්ථාන නිර්මාණය වූයේ එකල මෙම ප්‍රදේශයන්හි උස්ව වැසී තිබුණු වනාන්තර නිසාවෙනි. කාලන්තරයක් අවෑමෙන් වූ රසායනික විපර්යාසයනට බඳුන්වී ගල්අඟුරු මැවුණු බැව් සොයාගෙන ඇත.

මෙම කාලයේදී උභය ජීවීන් බහුල වූ අතර යුගාන්තය වෙද්දී උරගයන් බිහිවීමට පටන් ගත් බැව් කියැවේ. මෙම අංගාරධර අවිධියද කොටස් දෙකක් වශයෙන් වෙන්කොට විද්‍යාඥයන් ඒ යුග දෙකේ විශේෂතා හඳුනාගෙන ඇත. එය අංගාරධර අවධියේ පහළ යන ඉහළ යන කොටස් දෙකක් වශයෙන්ය. ඒ අනුව පහළ අංගාරධර අවධියේදී හුනු ගල් බහුල විය.

කළු ගල්, වැලි, ගල්අඟුරු ප්‍රදේශ ඉහළ අංගාරධර අවධියට අයත් වෙයි. මෙම යුගයට මේ නම පටබැඳුණේද අඟුරු නිධිවලින් බහුල වූ බැවිනි. එනිසාම ඛ්චපඡධදඪටඥපධභඵ ඥපච යනුවෙන් අංගාරධර අවධිය ඉතිහාසයට එක් වෙයි.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon