Adansonia ජලය සුරකින විසල් තුරුපති

  👤  3693 readers have read this article !
2018-08-19

බොම්බකාසේ කුලියට අයත් විශාල වූ කඳක් සහිත ශාකයකි. "අඩන් සෝනියා" විශේෂයෙන්ම නිවර්තන අප්‍රිකාව නිජබිම කරගත් මෙම ශාකයට එම නම ලැබී ඇත්තේ ස්වභාව විද්‍යාඥ ඇඩන්සන් නැමැත්තා සිහිපත් වීම උදෙසාය.

අප්‍රිකාවේ සවානා බිම්වල බහුල වශයෙන් මේ තුරු ගොමු දැකගත හැකිය. එය සාමාන්‍ය ව්‍යවහාරයෙහි හැඳින්වෙන්නේ බඕ බැබ් (Baobab) හෙවත් මංකි බේ‍රඩ් ටී්‍ර (Monkey - bread tree) යන නම්වලිනි.

අරාබිකරයෙන් පැමිණි වෙළෙඳුන් විසින් මෙම ශාකය ලංකාවට ගෙන එනු ලැබ ඇත. ඒ නිසා මන්නාරම හා යාපනය වැනි උතුරු පළාත්වල දැකගත හැකිය.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ එනම් මෙම ගසක් හොඳින් වැඩුණු පසු වතුර ගැලුම් 250ක් පමණ ගසෙහි කඳ තුළ රඳවා ගත හැකියාව ඇත. ලංකාවේදී එම ශාකය සත්ත්ව හා ශාක ආරක්ෂණ පනතට අනුව රක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබේ. සුරැකිය යුතු වටිනා ශාකයකි.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon