රදලයනුත් රජවරුත් ලන්දේසීන්ට රට භාරදීමට තරග වැදුණා

  👤  4471 readers have read this article !
2018-08-26

උදේනි සමන් කුමාර

දැන් අපි ජාතික ගැටලුවේ ඉතිහාසය, එනම්, එය කෙසේ වර්ධනය වූයේද යන්න කෙටියෙන් විමසා බලමු. 1505 නොවැම්බර් 15 වැනිදා ගෝවේ පරංගි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝද අල්මේදාගේ පුත් ලොරෙන්සෝද අල්මේදා සිය නැව් නවයකින් යුත් සෙබළ සමූහය සමඟ ලංකාවේ බටහිර වෙරළට ගොඩ බසිනා විට ලංකාව එකිනෙකට වෙනස් භාෂාවන් දෙකක් කතා කරන හා සංස්කෘතීන් තුනක් සහිත ජන ප්‍රජාවන් තුනක වාසභුමිය වූ අතර කෝට්ටේ රාජ්‍ය 'චක්‍රවර්ති රාජ්‍යය' ලෙස හැඳින් වුවත් එය දිවයිනේ මුළු භුමිය පුරාම සිය අණසක පැතිරවීමට ශක්තිමත් තත්ත්වයක පැවතුණේ නැත. ඒනිසා වීර පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1484-1509) නමින් පමණක් ලංකාධීශ්වර චක්‍රවර්ති වූ අතර එකල උඩරට වික්‍රමබාහුගේ පාලනය යටතේ වූයේය. යාපනය, විජය නගර් අධිරාජ්‍යය යටත් පාලකයකු යටතේ වූ අතර නැඟෙනහිර හා ගිනිකොන දිග ප්‍රදේශීය පාලනයන් බිහිවී තිබිණි.

සෙසු ප්‍රදේශ කෝට්ටේ මහවාසල අණසක යටතේ පැවැතිණි. 1521දී 'විජයබා කොල්ලයෙන්' පසු එනම්, විජයබා රජු ඔහුගේ පුතුන් තිදෙනා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය තවත් කැබලි වී ගියේය. ඒ අනුව කෝට්ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551)ත්, සීතාවක මායාදුන්නේ බණ්ඩාර (1521-1581)ත්, රයිගම රයිගම් බණ්ඩාර හෙවත් මද්දුම බණ්ඩාරත් රාජ්‍යයන් පිහිටුවා පාලනය කළහ.

මේ රාජධානි සමූහයෙන් පරංගි පාලනය අවසාන වන විට ප්‍රධාන රාජ්‍යයන් දෙකක් බිහිවී තිබිණි. ඉන් එකක් පරංගි පාලනය වූ අතර අනෙක වූයේ කන්ද උඩරට සිංහල පාලනයයි.

1543 මාර්තු 2 වැනිදා පෘතුගාලයේ තුන්වැනි ජෝන් රජු විසින් බුවනෙකබාහු රජුගේ ඇමැතිවරයකු වූ ශ්‍රී රාධාරක්‍ෂක පණ්ඩිත හා පලිප්පුආරච්චි විසින් ලිස්බනයට ගෙනයනු ලැබ එම රජුගේ මුනුපුරු ධර්මපාල මහ බණ්ඩාරගේ රන්මුවා රූපයට ඔටුනු පලඳවනු ලැබීමත් 1557දී ධර්මපාල, ‍ෙදාන් ජුවන් නමින් කතෝලික ආගම වැලඳ ගැනීමත්, ඔහුගේ බිසවුන් තුන්දෙනා වූ දෝන කැතරිනා, දෝන මාගරිටා, දෝන ඉසබෙලා එම නම්වලින්ද, ඔහුගේ ඇමැතිවරුනුත් ඒ අනුව කතෝලික ආගම සරණ යෑමත්, 1565දී ධර්මපාල කොළඹ කොටුවේ රැකවරණය පතා එහි පදිංචියට යෑමත්, 1580 අගෝස්තු 12 වැනිදා ‍ෙදාන් ජුවන් ධර්මපාල මහ බණ්ඩාර රජු කෝට්ටේ රාජ්‍යය ‍ෙදාන් හෙන්රික් රජුට තෑගි ඔප්පුවකින් ලියා පවරාදීමත්, පසුව එම රජුගේ ඇවෑමෙන් යළිත් වතාවක් පෘතුගාලයේ පළමුවැනි පිලිප් රජුට 1583දී එසේම ලියාදීමත්, 1593දී රාජසිංහගේ මරණින් පසු ඒ වන විටත් රයිගමත් අෑ¼දා ගෙන තිබූ සීතාවක කෝට්ටේට අෑ¼දා ගැනීමත්, 1597 මැයි 27 වැනිදා ධර්මපාලගේ මරණින් පසු කෝට්ටේ රාජ්‍යය පරංගීන් සතුවීමත් මඟින් හා 13 වැනි සියවසේදී දිගු කාලීන හා නිරන්තර විදේශීය ආක්‍රමණවල අනිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවූ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද සමයේ ප¾ඩි රටේ ක්‍රියාත්මක මැදිහත්වීමෙන් ප¾ඩි හමුදා ප්‍රධානියකු වූ ආර්යන් චක්‍රවර්තිගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබීය.

ප¾ඩි රටේ වැටීමත් සමඟ ස්වාධීන වූ හා හය වැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ සපුමල් කුමාරයා විසින් යටත් කර ගැනීමෙන් පසුව යළිත් කෝට්ටේ පාලනය දුර්වලවීමත් සමඟ වෙනම ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් ස්වාධීන වූ හා විජය නගර් අධිරාජ්‍යයේ ආධිපත්‍ය යටතේ පැවැති යාපනය අර්ධද්වීපයේ දෙමළ රාජ්‍යය 1591දී ෆර්නාඩෝද මැන්ඩෝසා නම් පරංගි සෙනෙවියා විසින් යාපනයේ එකල රජ කළ පුවිරාජ පණ්චාරම් හෙවත් පරරාජසේකරම් රජු මරා පෙරිය පුල්ලේගේ පුතකු වූ පරරාජසේකරම් නම් කුමාරයකු යටතේ රජකු ලෙස සිහසුනෙහි තබා 1615 දක්වා එය පරංගීන්ට කප්පම් ගෙවන යටත් රජයක් බවට පත් කිරීමෙන් අනතුරුව 1615දී පරරාජසේකම්ගේ බෑනා කෙනකු වූ සංඛිලි රජය පැහැර ගත් විට කන්ස්තන්තීනු ද සා සෙනෙවියා විසින් පිලිප්ද ඔලිවේරා සෙනෙවියා යටතේ යවනු ලැබූ පරංගි හමුදාව විසින් සංඛිලිගේ හමුදාව මුළුමනින්ම පරදා සංඛිලි අල්ලා කොළඹට එවා ඔහු පරංගි ආණ්ඩුකාරයා වීමත් මඟින් 17 වැනි සියවස මුලදී යාපනයේ හා කොළඹ (කෝට්ටේ රාජ්‍ය) පරංගි පාලනයකුත්, කන්ද උඩරට (මෙයට හලාවත, පුත්තලම හා මන්නාරමත්, ත්‍රිකුණාමලය හා මඩකළපුව ඇතුළු මුළු නැඟෙනහිර ඇතුළත් විය) සිංහල පාලනයකුත් ඇති විය.

ලංකාවෙන් පරංගින් පන්නා දැමීම සඳහා කන්ද උඩරට සිංහල රජුගේ අභිලාෂයෙන් ප්‍රයෝජන ගෙන 1638 මැයි 23 වැනිදා වෙස්ට් වර්ල්ඩ් - රාජසිංහ ගිවිසුම අස්සන් කර උඩරට සේනාවලත් සහායෙන් 1640 වන විට ගාල්ලත්, මීගමුවත් ඇතුළු පරංගි බලකොටු කීපයක්ම අල්ලා ගැනීමත්, පෘතුගාලයේ හතරවැනි ජෝන් රජු සමඟ 1640දී ඇති කරගත් දස අවුරුදු සාමයේ කොන්දේසි උඩ ලංකාව සම්බන්ධයෙන් ජාන්මාන්සුකර් හා කොළඹ කපිතන් ජෙනරාල් ‍ෙදාන් ෆිලිප් මස්කරඤ්ඤස් අතර ඇති කරගත් සම්මුතිය උඩ ලංකාවේ ප්‍රධාන කුරුඳු දිස්ත්‍රික්ක දෙක වූ මීගමුව සහ ගාල්ල ප්‍රදේශ ලන්දේසි සන්තක කර ගැනීමත්, අන්තිමට දස අවුරුදු සාමය නිමාවෙන් පසු 1655 සැප්තැම්බරයේදී හල්ෆ්ට් විසින් කළුතර අල්ලා ගැනීමත්, 1656 මැයි 12 වැනිදා ඒඩ්රියන් වැන්ඩර්වේඩ්න්ගේ නායකත්වයෙන් කොළඹත්, 1658 පෙබරවාරි 22 වැනිදා රයික්ලෝෆ් වැන්හෝයන්ස් විසින් විශාල සංහාරයකින් පසු මන්නාරමේ පරංගි බලකොටුවත්, 1658 ජුනි 22 වැනිදා යාපනයත් යටත් කර ගැනීම සමඟින් පරංගි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ලන්දේසීන් අතට පත්විය. මෙලෙස 17 වැනි සියවස මැද සිට 18 වැනි සියවස අග දක්වාම ලංකාවේ එක් පැත්තකින් ඕලන්ද පාලනයක් හා අනෙක් පැත්තෙන් කන්ද උඩරට සිංහල පාලනයක් පැවතිණි. මීළඟට ඕලන්ද යටත් විජිත පාලනය උඩරට ගිල ගන්නට පටන් ගති.

1763දී ෆාන්එක් පුත්තලම හා හලාවත නැව්තොටු උඩරට රාජ්‍යයෙන් අෑ¼දා ගත්තේය. 1765 ජනවාරි 13 වැනිදා ෆාන්එක් උඩරට ආක්‍රමණයට පිටත් විය. මාස දෙකක් උඩරට සිටි ලන්දේසි හමුදාව රජු අල්ලා ගත නොහැකිව උඩරට කොල්ලකා ආපසු ආවේය. ඉවාන් විල්හෙල්ම් ෆැල්ක් ආණ්ඩුකාරයා විසින් 1765දී උඩරටින් මාතලේ බින්තැන්න වැනි ප්‍රදේශ අල්ලා ගන්නා ලදී. ඉන්දියාවේ විජය නගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයන් වූ ද්‍රවිඩ නායක්කාර් වංශයට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට විරුද්ධව උඩරට රදළ නායකයන් ලන්දේසීන් සමඟ කුමන්ත්‍රණය කළහ. ඔවුහු රජු නෙරපීමට තැත් දැරූහ. මේ තත්ත්වය යටතේ රජුත්, රදලයෝත් තරගයට ලන්දේසීන් හා සම්මුතියකට ඒමට උත්සාහ කළහ. එබැවින් රජු, තුන් කෝරලය හා හතර කෝරලයත්, හත් කෝරලය හා සබරගමුවත් පාවා ලන්දේසීන්ට දී ඔටුන්න රැක ගැනීමට කැමැත්තෙන් සිටියේය. ලන්දේසීන් ඉල්ලන හැම දෙයක්ම දීමට හේ මේ තත්ත්ව යටතේ කැමැති විය. 1766 පෙබරවාරි 14 වැනිදා විල්හෙල්ම් ෆැල්ක් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතර හඟුරන්කෙත ගිවිසුම අස්සන් කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon