ඉතිහාසය වෙනස් කරන අලුත්ම පර්යේෂණයක තොරතුරු එළියට අන්තිම හිම යුගයේ ජපනුන්ගේ රස රහස් මෙන්න

  👤  4464 readers have read this article !
2018-08-26

ජපානයේ ධීවරයන් අන්තිම හිම යුගයේ අවසාන කාලයේදී පිඟන් මැට්ටෙන් තැනුණු ජෝගු වැනි භාජන කළ බවත් ඒවා ජපානයේ බෙහෙවින් ජනප්‍රියව තිබුණු බවත් එම බඳුන්වල කැබැලි පිළිබඳව මෑතදී කරන ලද අධ්‍යයනකින් අනාවරණය වී තිබේ. වසර දස දහසකට ඉහතදී ජපන් ධීවරයන් සැමන් මත්ස්‍යයන් ගබඩා කර තැබීම ස¼දහා පිඟන් මැට්ටෙන් නිපැයුණු බහාලු පවා පාවිච්චි කර ඇති බව හා පසු කාලයකදී එම බහාලුවල ඉස්සන්, කකුළුවන් ආදී කවච මසුන්ද තැන්පත් කරන ලද බවත් මෙම අධ්‍යයනවලින් හෙළිවී තිබේ.

එපමණක් නොව දුර්ලභ ගණයේ විශේෂ භාණ්ඩයක්ව තිබුණු පිඟන් මැටි බඳුන එදිනෙදා ජීවිතයේ නිතර පරිහරණය වන භාණ්ඩයක් බවට පත් කිරීමටත් අන්තිම හිම යුගයේ ධීවර කර්මාන්තයෙහි ඇතිවූ වර්ධනයත් සමඟ මත්ස්‍ය වෑංජන සැකසීම සඳහා එම බඳුන් යොදා ගැනීමටත් දඩයමෙන් ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමෙහි යෙදුණු ජනතාව සමත්වී ඇති බවද මෙම අධ්‍යයනවලින් අනාවරණය වී ඇති තවත් කරුණකි. ඒ යුගයේදීම යුරේසියාව පුරා ඉතා විශාල වන ගහනයක් පැතිර යන්නට පටන්ගෙන ඇති අතර, මිනිසුන්ද සිදු වූ වෙනසකට අනුගත වීමක් වශයෙන් මසුන් වෙනුවට ක්‍ෂීරපායි සතුන්ගේ මස් කෑමට හුරුවී ඇත.

කුඹල් කර්මාන්තයත් මත්ස්‍ය සැකසීමත් අතර, ඉතා දැඩි සම්බන්ධතාවක්, පාරිසරික වටපිටාවක් ගැන අවධානයකින් තොරව, පැවැතියේ යැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘ හා යෝර්ක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා, ආචාර්ය ඔලිවර් ක්‍රැග් ප්‍රකාශ කරයි. දකුණු දිග පෙදෙස්ද ඇතුළුව ඉතා විශාල ප්‍රදේශයක උණුසුම් කාලගුණය ඇතිවීමෙන් පසුව එම සම්බන්ධතාව ස්ථාවරව පැවැති අතර, වන ගහනය වඩ වඩාත් ව්‍යාප්ත වීම නිසා දඩයම හා වන පල සපයා ගැනීමද සඳහා වැඩි අවස්ථා උදා විය. බි්‍රතානය, ස්වීඩනය හා නෙදර්ලන්තය යන රටවල විද්‍යාඥයන් ද අයත් වුණු පර්යේෂණ කණ්ඩායම, ජපානයෙන් සපයා ගැනුණු වැඩි ගණනක් සහිත මැටි භාජන 800ක් අධ්‍යයනයට භාජන කළේය. ජපානය ඉතාම අෑත කාලයක සිට පිඟන් මැටි භාණ්ඩ නිෂ්පාදනය කළ රට වශයෙන් සැලකෙයි.

අධ්‍යයනයට භාජන කරන ලද පිඟන් භාණ්ඩ අපගේ මුතුන්මිත්තන් හිම තලා විසිරුණු පාරිසරික තත්ත්වයක් පැවැතුණු මහා හිම යුගයේ අවසාන සමයේ සිට උෂ්ණත්වය වත්මන් තත්ත්වය සමීප වීමෙන් කාලගුණය උණුසුම් වූ පශ්චාත් හිම තලා සමය දක්වා කාල පරිච්ඡේදයකට අයත් විය. මිනිසුන් වඩාත් විශාල තොග වශයෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේද එම යුගයේදීය. යොකෝහමාහි හනවියාමා ප්‍රදේශයේ කැණීමකදී හමුවුණු ජෝගුද එම භාණ්ඩ අතර විය. ඒවා පාවිච්චි කරන ලද්දේ ජපානයේ ආදිතම ජන කොටස වශයෙන් ජපන් ඉතිහාසයෙහි දැක්වෙන "ජෙමෝන්" නමැති ජනතාව විසින් බවද අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

මෙම භාජනවල සකසන ලද ආහාර හඳුනා ගැනීම සඳහා පර්යේෂකයෝ එම භාජනවලින් සූරා ගැනුණු මේද කොටස් ක්‍ෂුද්‍රජීවීන්ගෙන් සැකසුණු ආහාරවලින් ගන්නා ලද සංයෝග සමඟ සංසන්දනය කළහ. ආහාර සැකසීමට පමණක් නොව, ගබඩා කර තබා ගැනීම පිණිස මෙම භාජන යොදා ගෙන ඇති බව පර්යේෂණයෙන් අනාවරණය විය. අන්තිම හිම යුගයේදී ධීවර කර්මාන්තය අතින් ඇතිවූ වර්ධනයත් කුඹල් කර්මාන්තයේ වර්ධනයත් අතර ඉතා සමීප සම්බන්ධතාවක් තිබුණු බවද මෙම බඳුන්වල දැවී ශේෂ වුණු කොටස් අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

දඩයමෙන් ආහාර සපයා ගත් මිනිසා එක් තැනක දිගු කාලක් රැඳෙමින් මසුන් මැරීමේ උපක්‍රම වැඩි දියුණු කරගත් යුගය හා සමගාමී වූ අන්තිම හිම යුගයේ අවසාන සමයේදී මසුන් බොහෝ ගණනක් එක්වරම පිස ගැනීම සඳහා මෙම භාජන යොදා ගෙන ඇති බව තම පර්යේෂණයේ ප්‍රතිඵලවලින් දැක්වෙතැයි මහාචාර්ය කේ‍ර්ග් ප්‍රකාශ කළේය.

දඩයමින් ආහාර සපයා ගත්තන්ගේ කුඹල් කර්මාන්තයේ සුවිශේෂී වෙනසක් එම කාලයේදී සිදුවී ඇති බව පමණක් නොව හැඩයෙන් හා විශාලත්වයෙන් වෙනස් වෙමින් එම භාණ්ඩ ඉතා විශාල තොග වශයෙන් නිෂ්පාදනය වන්නට පටන්ගෙන ඇති බව කවච මසුන් (ඉස්සන්, කකුළුවන්) පරිභෝජනය ආරම්භ වී ඇති බවද පර්යේෂණ ප්‍රතිඵලවලින් දැක්වෙතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කෙළේය.

අන්තිම හිම යුගයේ බි්‍රතාන්‍ය කෙබඳු වීද? වසර 22,000කට කලින් පැවැති හිම තලාවලින් යුරෝපයෙන් වැඩි කොටසක් වැසී තිබුණු අතර, අවුරුදු 11,500කට ඉහතදී අවසන් වුණු හිම යුගයේදී ලෝක පොළෝ තලයෙන් සියයට 30ක් හිමෙන් වැසී ගියේය.

බි්‍රතාන්‍යයේ හිම තලාව සහ ජල දහරාව ඉංගී්‍රසි ඕඩය දක්වාම දකුණු දෙසට විහිදුණු, සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 (ෆැරන්හයිඩ් අංශක 8) දක්වා අඩුවී කිලෝමීටරයක ඝනත්වයෙන් යුත් හිම තට්ටුවකින් බි්‍රතාන්‍ය භූමියෙන් වැඩි කොටසක් වැසී ගියේය. ස්කොට්ලන්තය ඇතුළු උතුරු කලාපයේ උෂ්ණත්වය වසර පුරාම සෙල්සියස් අංශක බින්දුවටද පහළ මට්ටමක පැවැති හෙයින්, හිම තට්ටුවද වසර පුරාම ඒ තත්ත්වයෙන්ම පැවැතියේය. බි්‍රතාන්‍යයත්, ස්කැන්ඩිනේවියාවත් හිම තට්ටුවෙන් සම්බන්ධ වූ හෙයින් වන සත්තු විශාල රංචු වශයෙන් බි්‍රතාන්‍ය හා යුරෝපය අතර නිතර සැරිසරන්නට පටන් ගත්හ. ඒ කාලය තුළ ලෝම සහිත දැවැන්ත සිරුරින් යුත් මැමතුන්ද, යෝධ මුවන් හා වලසුන්ද හිම තලය මත සැරිසරනු දැක ගන්නට බි්‍රතාන්‍යයට ඉඩකඩ සැලසෙන්නට ඇත.

මැන්චෙස්ටර්, ඩොන්කාස්ටර්, නිව්කාසල් සහ පීටර්බර්ග්ද ඇතුළුව රටේ බොහෝ කොටසක් එකම හිම තලාවකින් වැසී තිබුණු ජනතාවට එහි කෙසේවත් වාසය කළ හැකි නොවීය. වේගයෙන් ගලා බසින හිම දහරා එඩින්බර්ග් කරා නැඟෙනහිර දෙසටත් ග්ලාස්ගෝ බලා බටහිර දෙසටත් ඇදී ගොස් තිබේ. අයර්ලන්තය සහමුලින්ම හිමෙන් වැසී ගොස් තිබී පසුව එම හිම තලාව අයිරිස් මුහුද ඔස්සේ ගොස් වේල්සයේ හිම තලාවට එක්ව යළි දකුණු දෙසට සීලි දූපත් කරා ඇදී ගොස් ඇත. ස්කොට්ලන්තයේ සහ වේල්සයේ විශාල ප්‍රදේශයක් මෙන්ම එංගලන්තයේ මධ්‍යම හා උතුරු කොටස්ද බොහෝ කාලයක් තිස්සේ ස්ථාවර හිම තට්ටුවකින් වැසී තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති එම හිම තට්ටු දිය වීමෙන් තැබුණු භූ විද්‍යාත්මක සලකුණු තවමත් එහි දක්නට ලැබේ.

දඩයමෙන් ආහාර සපයා ගත්, අන්තිම හිම යුගයෙන් පසු ඔවුන්ගේ ආහාර සකසා ගත් ආකාරයත් එය පරිභෝජනය කළ ආකාරයත් මත අලුත් අලෝකයක් මෙම අධ්‍යනයෙන් වැඩී තිබේ. මුල් කාලීන මැටි බඳුන් කොටස් පරිහරණය කරන ලද්දේද යන්න මේ වන තෙක්ම අප්‍රකටව පැවැතියේය. දුර්ලභ ගණයේ විශේෂයෙන් භාණ්ඩයක් බවට පත්ව තිබුණු මැටි බඳුන මත්ස්‍ය වෑංජන පිළියෙල කිරීම සඳහා දෛනිකව පරිහරණය කෙරෙන සාමාන්‍ය භාණ්ඩයක් දක්වා වෙනස් වූ ආකාරය දැන් අපට දැන ගත හැකිවී තිබීම ගැන සත්ත්ව මේදය අසාමාන්‍ය සේ ආරක්ෂා කළ ඉපැරැණි ජපන් ජාතිකයනට ස්තුතිවන්ත විය යුතු යැයි මෙම අධ්‍යය නයේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ඇලෙක්ස් ලක්වීන් ප්‍රකාශ කරයි. ජපානයේ ඉපැරැණි හෝමෝන් ජනතාවගේ දිවි පැවැත්ම පමණක් නොව ඔවුන් කාලගුණ වෙනස්කම්වලට වේගයෙන් හැඩ ගැසුණු අකාරයත් තම අධ්‍යයනයෙන් අනාවරණය වී යැයිද ආචාර්ය ලක්වීන් ප්‍රකාශ කළේය.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon