ඉපැරැණිය සුන්දරය පුරවරය 'අකපුල්කෝ'

  👤  4297 readers have read this article !
2018-08-26

'අකපුල්කෝ' ව මෙක්සිකෝවේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශයක පිහිටි ගුවේරේරෝ ප්‍රාන්තයට අයත්වන ඉපැරැණි සුන්දර නගරයකි. ඒ ඉපැරැණි බව නිසාම සංචාරක කර්මාන්තයට වඩාත් වාසිදායකය.

සුඛෝපභෝගී හා නිවාඩු නිකේතනවලින් පිරුණේය. මෙහි සුන්දරත්වය නැංවෙන්නට හේතුවක් වී ඇත්තේ පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සුන්දර වටපිටාවක් ඇති නිසාය. ඇරත් ගුවන් තොටුපොළක් හා වරායක් තිබීම නිසා සංචාරකයන්ට අවැසි දෙයින් පිරුණේ විය.

1550 දී පමණ මෙම නගරය ඉදිකළ බවට තොරතුරු ඇත. වසර 250ක් පුරාවටම සුප්‍රකට වෙළෙඳ වරායක් ලෙස නම් දරා තිබේ. සංචාරක ව්‍යාපාරයට තෝතැන්නකි. ධනය උපද්දවන්නකි. දෙසැම්බර් - අප්‍රේල් අතර කාලයේදී දේශගුණය ප්‍රසන්නය. එම කාලවල මුහුදු තීරය සංචාරක පාරාදීසයක් බවට හැරේ. වසරකට ලක්ෂ 3ක් පමණ සංචාරකයන් පැමිණෙන බැව් වාර්තා වේ.

මෙහි තවත් විශේෂත්වයක් ඇත. එනම් විශේෂ ගිම්හාන පාසල්ද තිබීමය. 1997දී හමාගිය 'පෝලින්' නම් කුණාටුවෙන් මෙම නගරයට විශාල ලෙස හානි සිදුවුවත් අද එය යළිත් සංචාරක ආකර්ෂණය දිනාගත් දියුණු වන නගරයකි.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon