විසිතුරු සළුපිළි ඇන්දට අපි සැම ආක්රයිට් ගැන දන්නේ මොනවද?

  👤  4318 readers have read this article !
2018-08-26

අද යෝධ කම්හල් ඉදිරි සැණෙකින් රෙදි නිපදවන සුපිරි උත්සාහයන් ගොඩ නැඟුණත් මීට මුල්ම පියවර තැබූ නායකයා ඇතැම් විට එම ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවීණයන්ටත් අමතක වී තිබෙන්නට පුළුවනි. ඔහු සැබැවින්ම වත්මන් කම්හල් ක්‍රමයේ පියාය. නමින් සර් රිචඩ් ආක්රයිට් (Sir Richard Arkwright)ය. ශ්‍රීමත් රිචඩ් ආක්රයිට් බි්‍රතාන්‍ය ජාතින නව නිපැයුම් හා නිර්මාණකරුවෙකි.

ඔහුගේ ඇරැඹුම නූල් කටින යන්ත්‍ර නිපදවීමය. එහි පුරෝගාමී මෙහෙවරක නිරතව සිටි ඔහු නිරතුරුවම ජනතාවගෙන් ලැබෙන ඉල්ලුමට සරිලන වේගයකින් රෙදි පිළි නිපදවීමට කිසියම් යන්ත්‍රයක අවශ්‍යතාව දකිමින් සිටියේය. ඒ ස¼දහා විවිධ අත්හදා බැලීම් කළ ඔහු ජල බලයෙන් ක්‍රියා කරන චරකයක් ලොවට හඳුන්වා දුන්නේය. එය වැඩිදියුණු කරගෙන 1789 දීම ඊට කිසියම් බල පත්‍රයක්ද ලබාගත්තේය.

එම ඇරැඹුම ලෝකය අවදි කරන්නට වේ යැයි ඔහු සිහිනයකින් හෝ සිතන්නට නැත. ඔහු දුන් ඇරැඹුම ඔස්සේ නව නිපැයුම් එක පෙළට එන්නට විය. ඔහු රෙදි විවීම් යන්ත්‍රාණුසාරයෙන් කිරීමේ ලෝක ව්‍යාප්ත ක්‍රමයේ නියමුවා වන්නේ ඒ අනුවය. ඔහු නිපැයූ යන්ත්‍ර උපයෝගි කරගෙන රෙදි විවීම ඇරැඹුණු අතර එහි ඉල්ලුම වැඩි වෙද්දී මෙම යන්ත්‍ර නිපදවීමට කම්හලක්ද පිහිටුවන්නට සිදුවන්නේය.

ඔහුගේ ජීවන ගමනේ ඇරැඹුම ඉතා පහළ සමාජ තලයකින් වීම මේ ජයග්‍රාහී තත්ත්වයන් වඩාත් ඉස්මතු කරන්නට හේතු විය. 1732 දෙසැම්බර් 23 වැනිදා එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ මුහුදු බඩ නගරයක් වූ ප්‍රෙස්ටන්හි උපත ලද හේ දහතුන් දෙනකුගෙන් යුත් පවුලක බාලයාය.

1755දී බෝල්වන්හි බාබර් කෙනකු ළඟ පුහුණුවන්නකු ලෙස වැඩ කරද්දීම ඔහුට පේෂන්ස් හෝල්ට් නම් තරුණිය හමුවී ඇය හා යුග දිවි අරඹන්නේය. ඇය ඔහුට පුතකු තිළිණ කර දිවි ගමනින් සමු ගත්තාය. අනතුරුව ඔහු 1761දී පමණ මාගරට් බිගින්ස් හා විවාහ වූයේය. දෙවැනි බිරියට ආදායම් මාර්ගයක් තිබුණු නිසා ඔහුට එම ව්‍යාපාරය පුළුල් කරගෙන ඉදිරියට යන්නට වරම් ලැබෙන්නේය.

ඔහුගේ ජීවිතයේ සුවිශේෂ කඩඉම පැමිණෙන්නේ අනතුරුවය. හිසකෙස් ඩයි කිරීමේ රහස් ක්‍රමයක් සොයාගත් හෙතෙම ඉන් පසු බොරු කොණ්ඩා නිපදවීමට කෙස් මිලදී ගැනීම සඳහා රට පුරා ඇවිද යන්නේය. එහිදී ඔහුට සමාජයේ විවිධ අය හමුවන අතර ඉන් සුවිශේෂී වන්නේ ඒ වෙද්දී රෙදි විවීමත් නූල් කැටීමත් ස¼දහා උනන්දු වන පිරිස් අතර ඉල්ලුමය.

බොරු කොණ්ඩා පැලඳීම ඒ හැටි ජනප්‍රිය නොවූ අතර එය අභාවයට යමින් තිබිණි. වාසනාවට ඔහු සොයා පැමිණ සිය ගමන්මඟ හැරවූයේ එතැනදීය.

"කොණ්ඩයට වඩා රෙදිපිළිවලට ඉල්ලුම වැඩියි. ඒ නිසා ආදායමත් සරු වේවි. ඉල්ලුමට අනුව සැපයුම දෙනවා" යන්න ඔහු සිත තදින්ම ඇද බැඳ ගත් අදහසක් වූයේය. ඒ වෙද්දී එනම් 1767 දී පමණ එංගලන්තයට කපු පුළුන් පිරිසුදු කිරීමේ යන්ත්‍රයක් ද හඳුන්වා දී තිබුණේය. එසේම ජේම්ස් හැශ්‍රිව්ස් විසින් නූල් කටින යන්ත්‍රයක්ද නිපදවා තිබිණි. නමුත් මේ යන්ත්‍ර සඳහා සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් වැය කළ යුතු වීම ගැටලුවක් විය.

ඔරලෝසු තනන්නකුගෙන් උපදෙස් ලබාගත් හෙතෙම එම තාක්ෂණ දැනුම අනුව සිත යොමා හොඳ සවිමත් නූල් කටින යන්ත්‍රයක් නිපදවූයේය. එහි අවසානය නූල් කටින කම්හලක් ඉදිකිරීමය. අශ්වයකු යොදවා ක්‍රියා කරපු මේ වර්ගයේ ප්‍රථම කම්හල ප්‍රෙස්ටන්වල පිහිටු වූයේ ඒ අනුවය. 1758 වෙද්දී කෙතරම් වේගවත් දියුණුවක් සිදුවීද යතොත් නූල් නිෂ්පාදනයේ සියලුම පියවර එක යන්ත්‍රයකින් කළ හැකි යන්ත්‍රාගාර ඔහු නිපද වන්නට සමත් වන්නේය.

එදා ඔහු ඇරැඹූ කම්කරු ශ්‍රමය බෙදා භාවිත කරන "සේවා මුර ක්‍රමය" අදත් කම්හල් තුළ භාවිත වෙයි. රෙදි පිළි නිෂ්පාදන යන්ත්‍ර සඳහා ජේම්ස් වොට්ගේ වාෂ්ප යන්ත්‍රය පළමු වරට යොදා ගත්තේ ද ඔහුය. 1785දී ආක්රයිට්ගේ හිමිකම් බලපත්‍රයට අභියෝගයක් එල්ල විය. ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඔහුට උදවු කළ ඔරලෝසු තනන්නාගේ දිවුරුම් ප්‍රකාශයක්ය.

ඒ අනුව ඔහුගේ හිමිකම් බලපත්‍ර බල රහිත කෙරුණේය. ඉන් පසු ඔහුගේ යන්ත්‍රය අනුකරණය කරමින් වෙනත් අය යන්ත්‍ර විශාල වශයෙන් තනනු ලැබීය. එහෙත් ඔහු කළ වෙනස නිසා නව ලොවට නව නිමැවුමක් ලබා දුන් ගෞරවය ඉහළ තලයක පැවැතියේය.
එහි ප්‍රතිඵලය වූයේ තුන්වැනි ජෝජ්ර් රජු ඔහුට නයිට් පදවියක් පිරිනැමීමය. 1792 අගෝස්තු 3 වැනිදා කේ‍රාම්ෆර්ඩ්හීදී ඔහු මිය යන විට බි්‍රතාන්‍යයේ සැලකිය යුතු ධනවතකු ව සිටියේය.

නව නිමැයුම් තනන්නට සිහින දකින නිර්මාණශීලී මිනිසුන්ට සර් රිචඩ් ආක්රයිට් ආදර්ශයකි.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon