අළු පාට ගස් යට මල් හැළෙන සුවඳ හමන රස කතාව

  👤  4306 readers have read this article !
2018-08-26

අළු ගස් යැයි කී පමණින් ඔබ සිතාවි අළු පාට ගස් තියෙන්න පුළුවන්ද කියා. එනමුත් ඒඵඩ බපඥඥඵ නමින් හඳුන්වන සුවිශේෂී ගස් වර්ගයක ඔබ නොදන්න කතාවක් තිබෙනවා. මේවා ලෝකය පුරාම ව්‍යප්තයි. විශේෂයෙන් දැව සඳහා ගනු ලබන ෆ්රුක්සිනස් (ජ්පචජයඪදභඵ) ගණයේ ඉතා උස්ව වැඩෙන ගස් විශේෂ කිහිපයක්ම තිබෙනවා.

ඔලියාසේ (ර්ණීතඥචජඥචඥ) හෙවත් ඔලිව් පවුලට අයත් මෙම වර්ගයේ ගස්වල ගෙඩි ප්‍රරෝහණය පිණිස අෑතට පාවී යෑම සඳහා පියාපත් සහිතව වැඩෙයි. උතුරු ඇමෙරිකාවේ වනාන්තරවල බහුලව පවතී. මෙම අළු ගස් ඉතා උසස් ගණයේ දැව සැපයීම විශේෂයි. මෙහි ගස් විශේෂ 65ක් පමණ උතුරු අර්ධ ගෝලය පුරාම පැතිරී තිබෙනවා.

වඩාත් බහුලව ඇත්තේ සුදු අළු නම් ගස් විශේෂයයි. (ෆ්‍රැරැක්සිනස් ඇමෙරිකානා (ජ්පචයඪදභඵ චථඥපඪජචදච). ඉතා ශක්තිමත්, නම්‍යශීලී සෘජු වයිරම් සහිතයි. විශේෂයෙන් මෙයින් බේස් බෝල් පිති, ස්කී පුවරු, හබල්, ටෙනිස් රැකට්ස්, මෙවලම් හැන්ඩල් හා ඉනිමං තැනීමට ගන්නවා.

ජලය හොඳින් ගලා බසින, තෙතමනය ඇති තැන්වල ඉතා උස්ව වැඩෙයි.
අඩි 120ක් තරම් උස ගස් වීම මෙහි ඇති විශේෂත්වය කියාපාන්නකි. එකක් අඟල් කිහිපයක් වන, කොළ 5ත් 9ත් අතර ගණනක් සහිත සංයුක්ත පත්‍රයක දිග සෙ.මී. 30ක් පමණ වෙනවා.

වසන්ත කාලයට හරිම ලස්සන දසුන් මවන්නට මේ ගස් බෙහෙවින් ඉවහල් වෙනවා. එකලට රතුදම් මුසු මල් පො කුරුවලින් ගස් බර වෙනවා. එහෙත් දකුණු යුරෝපයේදී මේ ගස්වල මල් පිපෙන්නේ කහ පාටට හුරු සුදු මල් විදියටයි. කොළ හතක පමණ සංයුක්ත පත්‍ර සහිතව එහි ගස් අඩි 60ක් තරම් උසකට වැඩෙනවා.

යුරෝපයේ වැවෙන කඳුකර අළු ගස් සෝබස් ඔකුපේරියා (ඉධඡභඵ චභජභනචපඪච) නමින් හැඳින්වෙන රෝවන් ගස් අයත් වන්නේ රෝසාසේ (අධඵචජඥචඥ) පවුලටයි. මෙහි ගෙඩිවලින් ජෙලි හා රසවත් වයින් නිපදවා ගන්නවා. රොසාසේ පවුලට අයත් ඉධපඡභඵ චථඥපඪජචදච නමින් අළු ගස් විශේෂයකුත් තියෙනවා. ඕස්ට්‍රේලියාවේදී මෙම අළු ගස (ඡ්භජචතරනබභඵ පඥඳදචදඵ) අඩි 340ක් තරම් උසට වැඩෙන බව ඔබට හිතාගන්නත් බැරි තරම් කරුණක් වේවි. කෙසේ වෙතත් උද්භිද විද්‍යාව හදාරන සිසුන්ටත් ගහ කොළට ආදරය කරන පරිසර වේදීන්ටත් ඒඵඩ බපඥඥඵ ගැන අන්තර්ජාලයෙන් මීටත් වඩා තොරතුරු සොයාගෙන කියව ගන්න එක රසවත් අත්දැකීමක් වේවි.

සුලක්ඛන ජයවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon