හුදෙකලාව ප්‍රිය කළ සාහිත්‍ය ලෝකයේ දැවැන්තයා නායිපෝල්

  👤  4262 readers have read this article !
2018-08-26

නිශාජිත්

ජාත්‍යන්තර කීර්තිය දිනූ නවකතාකරුවකු මෙන්ම 20 වැනි සියවසේ ජීවත් වූ විශිෂ්ටම ඉංග්‍රීසි ලේඛකයකු ලෙස ද සැලකෙන නොබෙල් සම්මානලාභී ලේඛක වී.එස්. නායිපෝල් පසුගියදා මෙලොවින් සමුගත්තේය. ඉන්දියානු ටි්‍රනිඩෑඩ් සම්භවයක් සහිත බි්‍රතාන්‍ය ලේඛකයකු වූ ඔහු මිය යන විට 85 හැවිරිදි වියේ පසු විය. වසර පනහක් පුරා දිවෙන සිය ලේඛක දිවිය තුළදී ප්‍රබන්ධ මෙන්ම ප්‍රබන්ධ නොවන කෘතීන් 30කට අධික ප්‍රමාණයක් ඔහු විසින් රචනා කරනු ලැබිණි. යටත්විජිතවාදය, පිටුවහල් දිවිය සහ දියුණු වෙමින් පවතින ලෝකයේ ජනතාවගේ ජීවන අරගලය යනාදී විවිධ තේමාවන් ඔස්සේ ඔහු රචනා කළ නවකතා සහ කෙටිකතා සියල්ල ලොව පුරා ඉහළම පාඨක, විචාරක අවධානය දිනා ගැනීමට සමත් විය. ඒ අතරින් ඔහුගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කරනු ලැබූ 1961 වසරේදී ප්‍රකාශයට පත්වූ ස්වයංලිඛිත චරිතාපදාන ලක්ෂණ සහිත "එ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස්" (ඒ ඩ්ධභඵඥ ටධප ර්ප ඕඪඵඹචඵ) නමැති නවකතාව ලොව පුරා විශාල පිරිසකගේ අවධානයට ලක්විය.

ඉන්දියාවෙන් කම්කරුවන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙතට පිටත් කර යවන ලදුව, ටි්‍රනිඩෑඩයට සංක්‍රමණය වූ පරපුරකින් පැවැත එන පවුලක විදියධාර් සුරජ්ප්‍රසාද් නායිපෝල් යන නමින් 1932 වසරේ අගෝස්තු 17 වැනිදා උපත ලැබූ ඔහු බොහෝ අය අතර වඩාත් ජනප්‍රිය වූයේ විදියා යන නමිනි. ඔහු කුඩා කල සිටම අධ්‍යාපනයට සහ පොතපතට ආදරය කළ දරුවකු විය. එය එසේ වූයේ ඔහුගේ පියාද සාහිත්‍යයට දැඩි කැමැත්තක් දැක්වූ නිසා වන්නට ඇත. ඔහුගේ පියාද ස්වඋත්සාහයෙන් අධ්‍යාපනය ලබමින් නවකතා රචනා කිරීමට උත්සාහ දැරූ අයකු විය. එහෙත්, නවකතාකරුවකු වීමට ඔහුගේ පියා දැරූ උත්සාහයන් සියල්ල විවිධ හේතු නිසා ව්‍යාර්ථ වී ගියේය. මූලික වශයෙන්ම එසේ වූයේ සහිත්‍යකරුවකු ලෙස ගොඩනැඟිය හැකි ආකාරයේ පරිසරයක් ටි්‍රනිඩෑඩයේ නොතිබුණු බැවිනි. විදියා කුඩා කල සිටම ඒ පරිසරයට දැක්වූයේ දැඩි අකැමැත්තකි. අවස්ථාවක් ලැබෙන ඕනෑම මොහොකදී ගම්බිම් අත්හැර ලෝකයේ වෙනත් රටකට පැනගැනීමේ සිහිනයක් කුඩා කල සිටම ඔහුට තිබිණි.

නායිපෝල්ගේ සිහිනය සැබෑ කරමින් 1950 වසරේදී ඔහුට උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යෑමට රජයෙන් ශිෂ්‍යත්වයක් පිරිනැමිණි. ඒ අනුව වහාම එංගලන්තය බලා ගිය ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංගී්‍රසි සාහිත්‍ය පිළිබඳ අධ්‍යාපන කටයුතු ඇරැඹීය. ඔහුගේ පළමුවැනි බිරිය වූ පැට්රීෂියා හේල් ඔහුට හමු වූයේද එහිදීය. සිය ප්‍රේමවන්තිය ගැන මවුපියන්ට පවා කිසිවක් නොදැන්වූ ඔහු 1955 වසරේදී ඇයව විවාහ කර ගත්තේය.

උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසුව කලක් ඔහු දරිද්‍රතාවයෙන් සහ රැකියා විරහිතභාවයෙන් පීඩා වින්දේය. ඇදුම රෝගයෙන් සහ කුසගින්නෙන් නිතර පීඩා විඳි ඔහු සිය වියපැහැදම් පිරිමසා ගත්තේ බිරියගෙන් ඉල්ලා ගත් මුදල්වලිනි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවද ලන්ඩනය ඔහුව ප්‍රතික්ෂේප කරන බවක් ඔහුට දැනෙන්නට විය.
කෙසේ වුවද, දැඩි ඉච්ඡාභංගත්වයට පත්ව කාලය ගත කරමින් සිටි ඔහුට අහම්බෙන් මෙන් බී.බී.සී. ගුවන්විදුලි සේවයට එක්වීමේ අවස්ථාව ලැබිණි. ගුවන්විදුලි සන්නිවේදකයකු ලෙස බටහිර ඉන්දීය සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා පවත්වන අතරම ඔහු ක්‍රමයෙන් ලේඛකයකු ලෙස සිය ගමන ඇරඹීය. ඔහුගේ ප්‍රථම නවකතාව "ද මිස්ටික් මාසියර්" (ඊඩඥ ර්රඵබඪජ ර්චඵඵඥභප) යන නමින් 1957 වසරේදී ප්‍රකාශයට පත් විය. ඒ සමඟම පාඨක විචාරක අවධානයට පාත්‍ර ඔහු රචනා කළ "මිගුවල් ස්ටී්‍රට්" (ර්චඨඪභඥත ඉබපඥඥබ) නමැති කෙටිකතා එකතුවට 1959 වසරේදී සමර්සෙට් මෝම් සම්මානය හිමි විය. එයින් පසුව 1961 වසරේදී ඔහු ලියා පළ කළ "එ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස්" නවකතාව විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙස විශාල පිරිසකගේ ප්‍රසාදයට පාත්‍ර විය.

සිය සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන සහ ඇගයීම් රැසකින්ද ඔහු පිදුම් ලැබීය. ඔහු රචනා කළ "ද මිමික් මෙන්" (ඊඩඥ ර්ඪථඪජ ර්ඥද) නමැති කෘතිය සඳහා 1967 වසරේ ඩබ්ලිව්.එච්. ස්මිත් සම්මානය හිමි වූ අතර, ඔහුගේ "ඉන් එ ෆ්‍රී ස්ටේට්" (ධ්ද ච ජ්පඥඥ ඉබචඥ) නමැති කෘතියට 1971 වසරේදී බුකර් ත්‍යාගය හිමි විය. ඉංග්‍රීසි ලේඛකයකුට පිරිනැමෙන සුවිශේෂීී ඇගයිමක් ලෙස සැලකෙන ඩේවිඩ් කෝහෙන්" සාහිත්‍ය ත්‍යාගයද, 1993 වසරේදී හිමිකරගත් ඔහු, 1990 වසරේදී නයිට් පදවියකින්ද පිදුම් ලැබීය. ඉන්පසුව 2001 වසරේදී ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයද හිමි විය.

පුවත්පත් ලිපි සහ චාරිකා සටහන් කෘති රචනයට අවශ්‍ය තොරතුරු සොයා යමින් අවස්ථා ගණනාවකදීම ලොව පුරා විවිධ රටවල සංචාරය කිරීමටද ඔහුට අවස්ථාව ලැබිණි. සිය මුල් සම්භවය ඇති රට වූ ඉන්දියාවේ සංචාරය කළ ඔහු එරට සංස්කෘතික සහ දේශපාලනය ගැන බොහෝ කරුණු සිය ලේඛන සඳහා යොදාගත්තේය. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනරයේ කලක් රැඳී සිටිමින් එරට හිටපු ජනපති බිරිය වූ ඊවා පෙරන් ගැන සිය රචනා ස¼දහා අවශ්‍ය තොරතුරු රැස්කරගත් ඔහු ඉන්පසුව ඉස්ලාම් ආගම ගැන ලිවීම සඳහා අවශ්‍ය කරුණු සොයාගැනීම සඳහා ඉරානය, පාකිස්ථානය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවලද සංචාරය කළේය. එසේ රැස් කරගත් කරුණු පාදක කරගනිමින් ඔහු ලියූ ඇතැම් දෑ බොහෝ අයගේ දෝෂාරෝපණයටද ලක්විය.

සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි දැවැන්තයකු ලෙස කැපීපෙනුණද නායිපෝල් වටා විශාල මිතුරු සමාජයක් සිටියේ නැත. ඔහු හුදෙකලාව ප්‍රිය කළ නිහඬ ලේඛකයකු විය. ඔහුගේ පළමු බිරිය වූ පැට්රීෂියා හේල් 1996දී පියයුරු පිළිකාවකට ගොදුරු වී මිය ගියාය. එයින් දෙමසකට පසු ඔහු පාකිස්තානු පුවත්පත් තීරු ලිපි රචිකාවක වූ නදීරා ඛන්නම් අල්වි විවාහ කරගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon