මහජනතාව හා රජයේ නිලධාරීන්
ඕනෑම රටක ආණ්ඩුවක වැදගත්ම පිරිස විෂයභාර ඇමැතිවරුන්ය. අමාත්‍යාංශ ලේකම්වරු නැත්නම් මේ ඇමැතිවරුන්ට වැඩ කළ නොහැකිය. ලේකම්වරුන්ට සිය නිලධාරීන්ගේ සහාය උපරිමාකාරයෙන් නොලැබෙන්නේ නම් අමාත්‍යාංශවලින් මහජනතාවට සෙත සැලසෙන්නේ නැත. මහජන ඉල්ලීම් සහ දුක්ගැනවිලි සඳහා ප්රමුඛත්වයක් ලබාදීමට සෑම බදාදා දිනකම මේ නිලධාරීන් අනිවාර්යයෙන්ම අමාත්‍යාංශයේ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ ඒ නිසාය.
ජනාධිපතිවරයාට මෙලෙස විශේෂයෙන් උපදෙස් දීමට සිදුව ඇත්තේ ඇතැම් නිලධාරීන් එදින අමාත්‍යාංශයේ රැඳී නොසිටින නිසා බව පැහැදිලිය. මහජන දිනයට නිලධාරීන් තබා ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් පූර්ණ කාලය මහජනතාව වෙනුවෙන් කැප කරනවාද යන්න සැක සහිතය.
ඇමැතිවරුන්, නිලධාරීන්ගේ රාජකාරිය ගැන සොයා බලනවා නම් කිසිවකු අනවශ්‍ය ලෙස හැසිරෙන්නේ නැත.
ඇත්ත වශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයම ඇත්තේ මලකඩ කා අබල දුබලවය. සම්පූර්ණ ප්රතිසංස්කරණයක් අවශ්‍ය වී තිබියදී පැලැස්තර ඇලවීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය ගොඩගත නොහැකිය. ඒ පිළිබඳ පුළුල් දැක්මක් ආණ්ඩුව සතු විය යුතුය. එහෙත් එවැන්නක් රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුවට ඇති බවක්ද නොපෙනේ.
කෙසේ වුවද සෑම අමාත්‍යාංශයක්ම වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් අමාත්‍යාංශයේ කාර්යභාරය, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රගතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් මහජනතාව දැනුවත් කිරීමේ වටිනාකම ජනාධිපතිවරයා අවධාරණය කර තිබීම වැදගත්ය. ඇතැම් රාජ්‍ය ආයතන සිය වෙබ් අඩවි මාස ගණනකින් යාවත්කාලීන කර නැති බව ඒවාට පිවිසීමේදී දැකගත හැකිය.
අමාත්‍යාංශ හා අදාළ අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල මාධ්‍ය ප්‍රධානීන් යටතේ මාධ්‍ය අංශ පිහිටුවාගෙන තිබුණද ඔවුන් කුමක් කරනවාද යන්න විටෙක ප්‍රශ්නාර්ථයකි.
දේශපාලනඥයන්ට එනම්, ඇමැතිවරුන්ට වඩා මහජනතාවගේ මුදල් පිළිබඳ වගකීම පැවරී ඇත්තේ රජයේ නිලධාරීන්ටය. ඇමැතිවරු කුමක් යෝජනා කළත් අදාළ නීති රෙගුලාසිවලට අනුව වැඩ කිරීමට නිලධාරීන් බැඳී සිටින්නේ එනිසාය. එහෙත් අමාත්‍යාංශ ලේකම්වරු, ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීමේදී 'දේශපාලනය' මැදිහත් කිරීම නිසා පරිපාලන සේවය පිරිහී ගියේය. 70 සමඟි පෙරමුණු ආණ්ඩුව කළ වරද 80 දශකයේදී රාජ්‍ය සේවය ඉතා පහත් අඩියකට වැටීමට හේතු විය. වර්තමානය වන විට තත්ත්වය අතිශය කනගාටුදායකය. මැති ඇමැතිවරුන්ගේ හොර වංචා දූෂණවලට උඩගෙඩි දුන් රජයේ උසස් නිලධාරීන් පිරිස් තමන්ට දඬුවම් නොදෙන ලෙස ආණ්ඩුවට තර්ජනය කිරීමට තරම් ශක්තිමත්ව තිබීමෙන් එය සනාථ වේ.
ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ රජයේ සේවය විශේෂයෙන් අමාත්‍යාංශවල කටයුතු විධිමත් කිරීමටය. එහෙත් ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට ඊට වුවමනාවක් නැතිනම් ජනාධිපතිවරයා අපේක්ෂා කරන කිසිවක් සිදුවන්නේ නැත. ජනතාවට සහන සලසා රට පෙරට රැගෙන යෑම වෙනුවට ඇතැමුන් කරන්නේ සියලු වරප්‍රසාද ලබාගනිමින් 'පුටු' රත් කිරීම පමණි.
ජනාධිපතිවරයා පවතින තත්ත්වය අවබෝධ කරගෙන ඇති බව පෙනේ. එහෙත් අමාත්‍යාංශවල ලේකම්වරුන් හා නිලධාරීන් නිසියාකාරව මෙහෙයවා ගනිමින් ආණ්ඩුව පෙරට රැගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව නම් පැහැදිලිය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17
- අලුත් සන්ධානය ගැන මෛත්‍රි-මහින්ද ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 🕔2019-02-17
- ජාතික කුළුබඩු අධිකාරියක් පිහිටුවන්න දයා පෙරට එයි 🕔2019-02-17
- ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුව අනිද්දා 🕔2019-02-17
- මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ගැන වාර්තාව ලබන මස සැසිවාරයට 🕔2019-02-17
- ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඉදිකිරීම් අද ඇරැඹේ 🕔2019-02-17
- lankanewsweekවෙබ් අඩවියේ සුජිත් මංගල ද සිල්වාගේ මාමණ්ඩියගේ අවසන් කටයුතු 16 දා සිදු කෙරිණි 🕔2019-02-17
- ප්‍රවීණ සිනමා කැමරා ශිල්පි වාමදේවන්ගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී 🕔2019-02-17
- 2019 අ.පො.ස. උ.පෙළ නව හා පැරැණි නිර්දේශ යටතේ 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාව ගැන කල්තැබීමේ විවාදයක් 🕔2019-02-17
- මධුෂ් ඇතුළු සැකකරුවන් ගැන නිල වාර්තාව මෙරටට එවයි 🕔2019-02-17
- රෝග රැසකට අත්‍යවශ්‍ය ඔෟෂධවල හිඟයක් 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු 🕔2019-02-17
- පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-17
- මත් ජාවාරමුන් ගැන එජාප පසුපෙළින් ජනපතිට යෝජනාවක් 🕔2019-02-17
- ජාතික ආණ්ඩුව වැරදුණොත් මහ ඡන්දයක් ! 🕔2019-02-17
- රනිල්ගේ පොරොන්දුවට දෙමළ ජනතාවගෙන් පැසසුම් 🕔2019-02-17
- දේශපාලන බලපෑම්වලට යටත් වෙන්න එපා - ජනාධිපති ලතීෆ්ට කියයි 🕔2019-02-17
- මධුෂ් ගැන විමර්ශන යට ගහන සැලසුමක් 🕔2019-02-17
- ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වතාවට විනිසුරුවරු නඩු මඟට 🕔2019-02-17
- මාපියන්ට නොතෙමී ඉන්නට කාමරයක් හදා දෙන්න 🕔2019-02-15
- මා කීවේ සියලු සිංහල ගුරුවරුන් ගැන නොවේ දෙමළ නොදන්නා සිංහල ගුරුවරුන් ගැනයි 🕔2019-02-15
- මත්කුඩු ජාවාරම්කරුවන් කොටු වුණේ ස්වාධීන කොමිෂන් නිසයි 🕔2019-02-15
- ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ 🕔2019-02-15
- මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වෙලා මෛත්‍රි-ගෝඨා මරන්න සැලසුම් කළා දැයි සැකයි 🕔2019-02-15
- ඇත්ත තිත්ත නිසා මම ඇත්ත කතා කරනවාට සමහරුන් කැමති නෑ 🕔2019-02-15
- වල් උෟරන් දෙදෙනකු මරා කැබ් රියක දමාගෙන ගිය ගම්පහ හිටපු මන්ත්‍රි අත්අඩංගුවට 🕔2019-02-15
- පාසල් සිසුවකුට පහර දුන් සිවිල් ආරක්ෂකයා අත්අඩංගුවට 🕔2019-02-15
- එක්කෝටි අනූහත් ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළ බැංකු කළමනාකාරවරිය යළි රක්ෂිතයට 🕔2019-02-15
- විදුලි ස්ත්‍රික්කයකින් දියණියගේ අත පිලිස්සූ දෙදරු පියකුට අත්හිටුවූ සිරදඬුවමක් 🕔2019-02-15
- නිල්පනාගොඩදී කොස්තාපල්ගෙන් පහර කෑ දෙදෙනාගේ පැමිණිලි ගැන විමර්ශනය කර කරුණු වාර්තා කරන්න 🕔2019-02-15