කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අතීත කතාව

  👤  4609 readers have read this article !
2018-09-02

උදේනි සමන් කුමාර

මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලයේ පිරිසකි. 1972 වසරේ නීති පීඨයේ 25 වැනි සංවත්සර උත්සවය නිමිති කොට ගන්නා ලද මෙම සමූහ ඡායාරූපයේ පෙනී සිටින බොහෝ දෙනා පසු කලෙක මෙරට කීර්තිමත් නීති විශාරදයන් විය. දැනට ඇතැමෙක් ජීවතුන් අතර නැත. තවත් පිරිසක් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරන් හෝ මහාධිකරණ විනිසුරන් මෙන්ම අධිකරණ සේවාවේ විවිධ තනතුරු දරනවුන්ය.

නීති පීඨයේ අවසන් වසර සිසුන් අතර භික්‍ෂුන් වහන්සේ තුන් නමක් සිටින බවද පෙනේ. කේ. වජිරජෝති, පී. ඉන්ද්‍රවංශ, ඩබ්ලිව්. ඥානකිත්ති යන උන්වහන්සේ මේ වන විට කිසියම් වෘත්තියක යෙදී සිටින්නේදැයි නොදනිමු. මෙහි සිටින සිසුන් අතර ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.ටී. හෙට්ටිගේ, ඉක්රාම් මොහමඩ්, පෝල් රත්නායක, මෙන්ම ආචාර්ය හිරාන් ජයවර්ධන, ආචාර්ය ශ්‍රී ලාල් පෙරේරා, මෛත්‍රී පනාගොඩ මහත්වරු වෙති. ඉදිරිපෙළ අසුන්ගෙන සිටින අය අතර නීති පීඨාධිපති මහාචාර්ය ටී. නඩරාජා, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. සොරණරාජා, කථිකාචාර්යවරුන් වන ටී. කනගසබේ, ඇන්ටන් කුරේ, එල්. ජයරත්නම්. ටී. රාජපක්‍ෂ, එම්. මුනියන්ඩි යන මහත්වරු සහ බර්නාඩ් වාස් මහත්මියද වෙති. ඉදිරි පෙළ කළු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී සිටින්නේ එවකට නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සේනක වීරරත්න මහතාය.

බොහෝ දෙනා නොදත් නීති පීඨයේ අතීත කතාව තරමක සංකීර්ණ එකකි. නීති පීඨය ප්‍රථමයෙන් හඳුන්වන ලද්දේ ලංකා විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුව වශයෙනි. පේරාදෙණිය ආදී අනෙකුත් විශ්වවිද්‍යාල මුලින් පැවැතියේ ලංකා විශ්වවිද්‍යාලයේ මණ්ඩප වශයෙනි. නීති දෙපාර්තමේන්තුව 1947දී ආරම්භ කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට කොලෙජ් හවුස් "ජධතතඥඨඥ ඩ්ධභඵඥ" නමින් හඳුන්වන ගොඩනැඟිල්ලේය. 1950 වසරේදී නීති දෙපාර්තමේන්තුව පේරාදෙණියට ගෙන යනු ලැබීය. නැවත කොළඹට ගෙන එන ලද්දේ 1965 වසරේදීය. ලංකා විශ්වවිද්‍යාලය (භදඪමඥඵඪබර ධට ජඥරතධද) 1967 කොළඹ විශ්වවිද්‍යාලය බවට පත්කළ පසු නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය බවට පත්විය.

සර් අයිවර් ජෙනින්ස් මේ සියලු පරිවර්තනයන් පිටුපස සිටි දැවැන්ත චරිතය විය. ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපතිවරයා වූයේද ඔහුය.

කලා විෂයයන්ගෙන් ට්.ඒ.ශ්‍රී . විභාගය සමත් සිසුන් 4 දෙනකුගෙන් නීති දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන් ආරම්භ වූ අතර වසර තුනක පුහුණුවෙන් පසු ආරම්භක ශිෂ්‍යයන්ට නීතිවේදී උපාධිය පිරිනමා තිබිණි. පසුව ට්.ඛ්.ඡ්. උසස් පෙළ සමත් ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමට තීරණය කිරීමෙන් පසු ඔවුන් සඳහා ඹ්.ඹ්. ඕ. උපාධිය පිරිනැමීම ආරම්භ විය. ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වූ නීති අධ්‍යාපනය 1971දී සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යයන් සඳහාද ආරම්භ කෙරිණි. මුලින් තිබූ බාහිර උපාධි පාඨමාලා පැවැත්වීම 1985දී නතර කර දමනු ලැබීය. 1970 දී 75 දෙනකු හා 1980දී 150ක් දක්වා වර්ධනය වූ නීති සිසුන් ඇතුළත් කර ගැනීම 1990දී 200 ක් දක්වා ඉහළ ගියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීිඨය රටට දායාද කළ විශිෂ්ටයන් අතර ආචාර්ය ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ආචාර්ය එච්.එල් ද සිල්වා, රංජි, අබේසූරිය, එස්. ශර්වානන්දන්, මහාචාර්ය ජී.ඇල්. පීරිස්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ලක්‍ෂමන් කදිරගාමර්, ආචාර්ය සී.එෆ්. අමරසිංහ, ආචාර්ය රන්ජිත අමරසිංහ, මාක් ප්‍රනාන්දු, ෆායිස් මුස්තාපා, ආචාර්ය ඒ. ආර්.බී. අමරතුංග ඇතුළු විශාල පිරිසක්ද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මීහුද වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon