මෑණියන්ගෙ පිහිට නිසා බිල්ල ගන්න බැරිවෙලා

  👤  3929 readers have read this article !
2018-09-02

නිකුම්භිලා යක්ෂ දේවාලය රාවණ යුගයේ ප්‍රකට දෙවොලකි. යක්ෂ ගෝත්‍රික රදල පරපුරේ ආදි මිත්තණියක වූ ඇය පුරාණයේ සිටම බාරහාරවලට ලක්වූ ප්‍රබල උත්තමාවකි. ලක්දිව මෙන්ම දක්ෂිණ පථයේ යක්ෂයන්ද සිය සටන් ජයගැනීම පිණිස උපකාර ලබාගත් මෙම දෙවොල එදා ලෝකයේ තිබුණු ප්‍රබලතම යක්ෂ දේවාලය ලෙස ප්‍රකට විය.

වත්මන් මීගමුව කොච්චිකඩේ බල ප්‍රදේශයේ පල්ලන්සේන වැල්ලේ පිහිටා තිබුණු මෙම දෙවොල නිසා නිකුම්භිලා නාමයෙන් හැඳින්වූ එම ප්‍රදේශය විදේශිකයන් විසින් නිගොම්බෝ (ව්ඥඨධථඡධ) යනුවෙන් උච්චාරණය කරනු ලැබ ඇත. පසුකලෙක මීගමුව වශයෙන් වහරනු ලැබුවේ මෙම ප්‍රදේශය බව "රාවණාවත" ග්‍රන්ථයේ 127 වැනි පිටුවේ විස්තර කෙරේ.

කෙසේ වෙතත් රාවණ රජතුමන්ගේ පුත් මේඝනාද කුමරුගේ ගෞරවයට හා උපහාරයට මෙම දෙවොල ලක්වූයේ කුමරු විසින් කරන ලද සෑම සටනකින්ම ජය ලැබුවේ නිකුම්භිලා දේවතාවිය නිසා බව ඔහු දැඩිව විශ්වාස කළ නිසාවෙනි. බලි බිලි උපහාර ලබමින් නිකුම්භිලා දේවතාවිය ජනතාව අතර ජනප්‍රියත්වය ලබා ගත්තාය. ඇය හාස්කම්වලින් යුත් ඉතා බලවන්ත උත්තමාවියක ලෙස පිළිගැනිණි.

නිකුම්භිලා පිළිබඳව විවිධ කතා ගොඩනැඟී ඇත. චෙන්නායිහි ආචාර්ය රාමමූර්ති විසින් රචිත ශ්‍රී මහා ප්‍රත්‍යාන්ගිරා දේවී නම් ග්‍රන්ථයේ නිකුම්භිලා කාලි මාතාව ලෙස හැඳින්වෙයි.
ප්‍රත්‍යාන්ගිරා හෝම යාගය පුරාණ රාමායනයේද සඳහන් වෙයි. රාම කුමරු ප්‍රධාන බලසේනාව ශ්‍රී ලංකාවේ රාවණ රජු හා යුද වැදී සිටියදී රාවණගේ පුත් මේඝනාද (ඉන්ද්‍රජිත්) නිකුම්භලා දේවතාවිය වෙනුවෙන් යාගයක් කරමින් සිට ඇත. "නිකුම්භිලා යාගය" නමින් හැඳින්වෙන එකී යාගය ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් වෙනුවෙන් කෙරෙන යාගයට බෙහෙවින්ම සමානය.

කාලි මාතාවට එනම් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන්ට කියන තවත් නමක් ලෙසින් නිකුම්භිලා දේවිය හැඳින්වෙන බව "ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවි" ග්‍රන්ථයේ සඳහන් වෙයි. විභීෂණගේ සහාය ලැබූ ලක්ෂ්මණ හා හනුමන්තා මේඝනාද මරා දැමුවේ එකී හෝම යාගය සම්පූර්ණ කළ හොත් මේඝනාදව කිසිම යුද්ධයකින් කිසිවකුට පරාජය කළ නොහැකි බව දන්නා හෙයිනි. අති පුරාණ රාමායනයට අනුව ඒ කාලයේ සිටම කාලි මාතා වන්දනාව පැවැති බවට සාක්ෂි ලැබේ. නිකුම්භිලා දේවිය, ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය කාලි මාතාවම බව මින් පැහැදිලි වෙයි. රාම - රාවණා කාලයේ සිටම කාලි මාතා වන්දනාව පැවැති බව මින් සනාථ වෙයි.
හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි කාලි මාතාවගේ අනුහසෙන් පිහිට ලැබූ තවත් පිරිසකගේ සිද්ධියක් අනාවරණය කළේ මෙසේය.

"මේ ළඟකදී කට්ටියක් කෝවිලට ආවා. ඒ පවුලේ කෙනකුට වරමක් ලැබිලා කියලා. ඒ කෙනාව එහෙම මෙහෙට යවලා තියෙනවා. එක එක පූජා කර්ම කරන්න කියලා. ඒ කියන හැටියට මේ සියල්ල මේ කට්ටිය කරලා තියෙනවා. ඒ කියන කියන හැටියට මේවා කරන්න ගිහිල්ලා මේ අයට අධික ලෙස වියපැහැදම් කරන්න සිදුවෙලා. ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබී නැහැ. මේ කියන දේවල් කරන්නේ නැතිව ඉන්න උත්සාහ කරන කොට අර බලවේගය අර තැනැත්තියව මරනවා කියලා තර්ජනය කරලා.

හොඳටම බයට පත්වුණු එම තැනැත්තිය ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ආවේ ඒ නිසායි. මම ඒ අය වෙනුවෙන් මෑණියන්ට කන්නලව් කරලා පූජෝපහාර දෙද්දී මට තේරුණා යම් කිසි බලවේගයක් ඇයගේ ශරීරයට අරක් ගෙන සිටි බව. මම ඒ තැනැත්තියටත් අනෙක් කට්ටියටත් ආරක්ෂාව දාල තව දවස් කිහිපයකින් එන්න කිව්වා. ඒත් පහුවැනිදා පාන්දරම ඒ කට්ටිය මාව සොයාගෙන ආවේ හොඳටම බයවෙලා. ඒ පහුවැනිදා වෙන්න කලින් අර තැනැත්තියව බිලි ගන්නවා කියලා අර අදෘශ්‍යමාන බලවේගය තර්ජනය කර ඇති නිසායි. මම ඒ තැනැත්තියව ප්‍රත්‍යාන්ගිරා මෑණියන් පා මුලට ගෙනැල්ලා ඒ වැහිලා හිටිය දිෂ්ටියට කතා කළා. එතැනදී තමයි මට තේරුණේ වරමක් දෙන මුවාවෙන් අර තැනැත්තියගේ ශරීරයට වැහිලා මේ දිෂ්ටිය තමන්ට අවශ්‍ය දේ කරගන්නා බව. අවු අත්තන කපලා, දෙහි කපලා මෑණියන්ට කන්නලව් කරලා අර බලවේගය ඒ ශරීරයෙන් පිටත් කර හැරියා. තව දවසක් ප්‍රමාද වුණා නම් අර තැනැත්තියගේ ජීවිතය නැතිවෙන්න ඉඩ තිබුණා. ඒ බලවේගය සහතික වුණා නැවත අර තැනැත්තියගේ ශරීරයට වැහෙන්නෙ නෑ කියලා. දැන් ඒ අය කරදරයක් නැතුව සතුටෙන් ජීවත් වෙනවා" මහේන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon